ගීතාවලිය 62:1-12

  • ගැලවීම ලැබෙන්නේ දෙවියන්ගෙන්

    • “දෙවියන් පියවර ගන්න කල් මම නිහඬව බලන් ඉන්නවා” (1, 5)

    • ‘ඔබේ හිතේ තියෙන හැම දෙයක්ම දෙවියන්ට කියන්න’ (8)

    • මිනිසුන් හුස්ම පොදක් වගේ (9)

    • ධනය ගැන විශ්වාසය තියන්න එපා (10)

සංගීත අධ්‍යක්ෂක වෙත. යෙදූතුන්.* දාවිත් රචනා කරපු ගීතයක්. 62  දෙවියන් පියවර ගන්න කල් මම නිහඬව බලන් ඉන්නවා. මට ගැලවීම ලැබෙන්නේ ඔහුගෙන්.+   දෙවියන් මගේ පර්වතයයි. මට ගැලවීම දෙන්නේ ඔහුයි.මට ආරක්ෂාව ලබා දෙන බලකොටුවත්* ඔහුයි.+මම කවදාවත් බිමටම ඇද වැටෙන්නේ නැහැ.+   ඔබ* වෛර කරන කෙනාව මරලා දාන්න ඔබ තව කී සැරයක් ඔහුට පහර දෙන්න හිතන් ඉන්නවාද?+ ඔබ හැමෝම අනුන්ට අනතුරක් කරමින් කඩන් වැටෙන්න ඔන්න මෙන්න තියෙන පවුරක් වගේ.ගරාවැටුණු ගල් පවුරක් වගේ.*   උසස් තනතුරෙන් ඔහුව අයින් කරන්නේ* කොහොමද කියලාඔවුන් එකිනෙකා අතරේ කතා වෙනවා. ඔවුන් බොරු කියලා සතුටක් ලබනවා. ඔවුන් කටින් ආශීර්වාද කළත් හිතින් ශාප කරනවා.+ (සීලාහ්)   දෙවියන් පියවර ගන්න කල් මම නිහඬව බලන් ඉන්නවා.*+මොකද මගේ හැම බලාපොරොත්තුවක්ම ඉටු කරන්නේ ඔහුයි.+   දෙවියන් මගේ පර්වතයයි. මට ගැලවීම දෙන්නේ ඔහුයි.මට ආරක්ෂාව ලබා දෙන බලකොටුවත් ඔහුයි.මම කවදාවත් වැටෙන්නේ නැහැ.+   මට ගැලවීමත් ගෞරවයත් ලැබෙන්නේ දෙවියන්ගෙන්. මගේ ශක්තිමත් පර්වතය ඔහුයි.+ මට රැකවරණය ලබා දෙන්නෙත් ඔහුයි.   ජනයෙනි, හැම වෙලාවෙම දෙවියන් ගැන විශ්වාසය තියන්න. ඔබේ හිතේ තියෙන හැම දෙයක්ම ඔහුට කියන්න.+ අපිට රැකවරණය ලබා දෙන්නේ දෙවියන්.+ (සීලාහ්)   මනුෂ්‍යයන් නිකම්ම නිකම් හුස්ම පොදක් වගේ.ඔවුන්ව තරාදියක දාලා මැන්නොත් හුස්ම පොදක් තරම්වත් බර නැහැ!+ ඔවුන් ගැන විශ්වාසය තියන එක මොන තරම් මෝඩකමක්ද!+ 10  වංචනික දේවල් කරලා* දියුණු වෙන්න හදන්න එපා.හොරකම් කරලා පොහොසත් වෙන්න හදන්න එපා. ඔබට ධනය මොන තරම් ලැබුණත් ඒ ගැන විශ්වාසය තියන්න එපා.+ 11  දෙවියන් මට දෙපාරක්ම කතා කරලා මෙහෙම කිව්වා. “ශක්තියේ උල්පත දෙවියන්.”+ 12  යෙහෝවා දෙවියනි, නොසැලෙන ආදරේ උල්පතත් ඔබයි.+එක් එක් කෙනාගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නෙත් ඔබයි.+

පාදසටහන්

හෝ, “ආරක්ෂාව ලබා දෙන උස් ස්ථානයත්.”
මෙතන කතා කරන්නේ දුෂ්ටයන් ගැනයි.
හෝ සමහරවිට, “ඔබ හැමෝම ඔහුට පහර දෙන්නේ ඔහු කඩන් වැටෙන්න ඔන්න මෙන්න තියෙන පවුරක් විදිහට සලකලයි.”
හෝ, “ඔහුගේ ගෞරවය නැති කරන්නේ.”
හෝ, “නිහඬව බලන් ඉන්න කියලා මං මටම කියාගන්නවා.”
මූ.අ., “දේවල් බලෙන් පැහැරගෙන.”