ගීතාවලිය 64:1-10

  • හොර රහසේ එල්ල කරන ප්‍රහාරවලින් ආරක්ෂාව ලැබෙයි

    • “දෙවියන් ඔවුන්ට පහර දෙනවා” (7)

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්. 64  දෙවියනි, මගේ දුක කියද්දී මට සවන් දෙන්න.+ සතුරන් එල්ල කරන දරුණු ප්‍රහාරවලින් මගේ ජීවිතය ආරක්ෂා කරන්න.   දුෂ්ටයන් හොර රහසේ කරන කුමන්ත්‍රණවලිනුත්+අපරාධකරුවන්ගෙනුත් මාව ආරක්ෂා කරන්න.   ඔවුන්ගේ දිව් මුවහත් කඩු වගේ.ඔවුන්ගේ කුරිරු වදන් ඉලක්කයටම ගිහින් වදින ඊතල වගේ.   ඔවුන් හැංගිලා ඉඳලා නිර්දෝෂ අයට ඊතලවලින් පහර දෙනවා.හිතන්නේ නැති වෙලාවක කිසිම බයක් නැතුව ඊතලවලින් විදිනවා.   ඔවුන් කවදාවත් දුෂ්ට අදහස් හිතින් අයින් කරගන්නේ නැහැ.*උගුල් අටවන්නේ කොහොමද කියලා ඔවුන් කුමන්ත්‍රණය කරනවා. “අපි කරන දේ කවුරු දකින්නද” කියලා ඔවුන් කතා වෙනවා.+   ඔවුන්ගේ දුෂ්ට අරමුණු ඉටු කරගන්න අලුත් අලුත් විදි හොයනවා.ඔවුන් සූක්ෂ්ම විදිහට උගුල් අටවන්න හොර රහසේ සැලසුම් කරනවා.+ඔවුන්ගේ හිතේ තියෙන දේ කාටවත් තේරුම්ගන්න බැහැ.   ඒත් හිතන්නේ නැති වෙලාවක දෙවියන් ඔවුන්ට පහර දෙනවා.+හදිස්සියේ එල්ල වෙන ඊ පහරවලින් ඔවුන් තුවාල ලබනවා.   ඔවුන් කියන කතා ඔවුන්ගෙම විනාශයට හේතු වෙයි.+ඒක දැකලා හැමෝම පුදුමයෙන් ඔළුව වනයි.   හැම කෙනෙක්ගෙම හිතේ බයක් ඇති වෙයි.දෙවියන් කරපු දේවල් ගැන ඔවුන් හැමෝටම කියයි.දෙවියන් ඒ දේවල් කළේ ඇයි කියලා ඔවුන් තේරුම්ගනියි.+ 10  ධර්මිෂ්ඨ කෙනා යෙහෝවා නිසා සතුටු වෙලා ඔහුගේ රැකවරණය පතයි.+නිර්දෝෂ සිතක් ඇති හැමෝම සතුටින් ඉපිල යයි.

පාදසටහන්

හෝ, “ඔවුන් දුෂ්ට දේවල් කරන්න එකිනෙකාව දිරිගන්වනවා.”