ගීතාවලිය 65:1-13

  • දෙවියන් පොළොව හොඳින් බලාගන්නවා

    • ‘යාච්ඤා අසන තැනැත්තාණන්’ (2)

    • “ඔබෙන් ආරාධනාවක් ලබපු කෙනා සන්තෝෂවත්” (4)

    • පිරිලා ඉතිරිලා යන යෙහෝවාගේ යහපත්කම (11)

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීතයක්. 65  දෙවියනි, සියොන් කන්දේදී ඔබට ප්‍රශංසාව ලැබෙයි.+ඔබට වුණ පොරොන්දු අපි ඉටු කරනවා.+   යාච්ඤා අසන තැනැත්තාණෙනි, හැම පසුබිමකටම අයිති මිනිසුන් ඔබ ඉස්සරහට එයි.+   මං කරපු වැරදි මට දරාගන්න බැරි තරම්.+ඒත් ඔබ අපේ වැරදිවලට සමාව දෙනවා.+   ඔබ ළඟට එන්න ඔබෙන් ආරාධනාවක් ලබපු කෙනා සන්තෝෂවත්.ඔබේ මාලිගාවේ මළුවේ දිගටම ඉන්න අවස්ථාව ලැබුණ ඒ කෙනා සන්තෝෂවත්.+ ඔබේ ගෘහය වන ශුද්ධ මාලිගාවෙන්+ ලැබෙන යහපත් දේවල් නිසා අපි තෘප්තියට පත් වෙනවා.+   ඔබ ගරුබිය උපදවන දේවල් කරලා අපේ ඉල්ලීම් ඉටු කරනවා.+ඔබ කරන ඒ හැම දෙයක්ම ධර්මිෂ්ඨයි.අපිට ගැලවීම ලබා දෙන දෙවියනි, පොළොවෙත්මහ සයුරේ ඈත කෙළවරෙත් ඉන්න හැමෝම විශ්වාසය තියන්නේ ඔබ මතයි.+   ඔබ* බලයෙන් සැරසිලා ඉන්නවා.+ඔබේ බලයෙන් ඔබ* කඳු ස්ථිරව පිහිටෙව්වා.   කැලඹෙන මුහුද ඔබ* නිශ්චල කරනවා.+රළ පහරේ හඬත් ජාතීන් නඟන ඝෝෂාවත් නිහඬ කරනවා.+   ඔබ පෙන්වන ලකුණු දැකලා ඈත එපිට ගම්මානවල ඉන්න අයත් පුදුමයට පත් වෙයි.+හිරු නැඟ එන පැත්තේ ඉන්න අයත් හිරු බැස යන පැත්තේ ඉන්න අයත් ඔබ නිසා ප්‍රීති ඝෝෂා නඟයි.   ඔබ පොළොව හොඳින් රැකබලා ගන්නවා.ඔබ පොළොවේ පස සාරවත් කරලා අස්වැන්න පිරී ඉතිරී යන්න සලස්වනවා.+ ගංගාවන්* උතුරා යන්නත් කෙත්වතු කරලින් බර වෙන්නත් සලස්වනවා.+ඔබ පොළොව නිර්මාණය කළේ ඒ විදිහටයි. 10  ඔබ කෙත්වල ලියැදි වැස්සෙන් තෙමලා කෙතේ පස සකස් කරනවා.ඔබ වැසි වස්සලා පස බුරුල් කරනවා. භෝග සරුවට වැඩෙන්න සලස්වනවා.+ 11  අවුරුද්ද පුරාම ඔබෙන් ආශීර්වාද ගලා එනවා.ඔබ යනයන තැන යහපත් දේවලින් කිසිම හිඟයක් නැහැ.*+ 12  පාළුකරයේ තණබිම් පින්නෙන් නැහැවිලා.+කඳු සතුටින් ගී ගයනවා. ඒ ගී හඬ රැව් පිළිරැව් දෙනවා.+ 13  තණබිම් සත්ව රැළවලින් පිරිලා.නිම්න ධාන්‍යවලින් වැහිලා ගිහින්.+ ඒවා ජය නාද නඟනවා. සතුටින් ගී ගයනවා.+

පාදසටහන්

මූ.අ., “ඔහු.”
මූ.අ., “ඔහු.”
මූ.අ., “ඔහු.”
මූ.අ., “දෙවියන්ගෙන් ගලා එන ගංගාවන්.”
මූ.අ., “තෙලින් පිරිලා.”