ගීතාවලිය 66:1-20

  • දෙවියන් කරන දේවල් නිසා ඔහු ගැන ගරුබියක් ඇති වෙයි

    • “ඇවිත් දෙවියන් කරන දේවල් දිහා බලන්න” (5)

    • ‘මම ඔබට දුන්න පොරොන්දු ඉටු කරන්නම්’ (13)

    • දෙවියන් යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා (18-20)

සංගීත අධ්‍යක්ෂක වෙත. ගීයක්. 66  පොළොවේ වැසියෙනි, සතුටින් දෙවියන්ට ජය නාද නඟන්න.+  ඔහුගේ ශ්‍රේෂ්ඨ නමට ප්‍රශංසා ගී ගයන්න.* ඔහුට ගෞරවයත් ප්‍රශංසාවත් ලබා දෙන්න.+   දෙවියන්ට මෙහෙම කියන්න. “ඔබ කරන දේවල් මොන තරම් පුදුමාකාරද!+ ඔබේ මහත් බලය දැකලා ඔබේ සතුරෝ වෙවුලමින්+ඔබ ඉස්සරහට ඇවිත් දණ නමයි.   පොළොවේ ඉන්න හැමෝම ඔබ ඉස්සරහා වැඳ වැටෙයි.+ඔවුන් ඔබට ප්‍රශංසා ගී ගයයි.ඔබේ නමට ප්‍රශංසා ගී ගයයි.”+ (සීලාහ්)   ජනයෙනි, ඇවිත් දෙවියන් කරන දේවල් දිහා බලන්න. ඔහු මිනිසුන් වෙනුවෙන් කරන දේවල් දැක්කාම ඔහු ගැන ලොකු ගරුබියක් ඇති වෙනවා.+   ඔහු මුහුද වියළි බිමක් කළා.+ඔවුන් ගඟ මැද්දෙන් ඇවිදගෙන ගිහින් එගොඩ වුණා.+ එහෙදී දෙවියන් කරපු දේවල් නිසා අපි මොන තරම් සතුටු වුණාද!+   ඔහුගේ මහත් බලය නිසා ඔහු සදහටම පාලනය කරනවා.+ ඔහු ජාතීන් දිහා බලාගෙන ඉන්නවා.+ මුරණ්ඩු සිත් ඇති අය තමන්වම උසස් කර නොගනීවා!+ (සීලාහ්)   ජනයෙනි, අපේ දෙවියන්ට ප්‍රශංසා කරන්න.+හැමෝටම ඇහෙන්න ඔහුට ප්‍රශංසා කරන්න.   ඔහු අපේ ජීවිතය රැක දෙනවා.+අපිට වැටෙන්න* දෙන්නේ නැහැ.+ 10  දෙවියනි, ඔබ අපේ සිත් සෝදිසි කළා.+රිදී පවිත්‍ර කරනවා වගේ ඔබ අපිව පවිත්‍ර කළා. 11  ඔබ අපිව දැලකට හසු කළා.දරාගන්න බැරි බරක් අපි පිට පැටෙව්වා. 12  අපිව පාගලා දාන්න ඔබ මිනිසුන්ට* ඉඩහැරියා.අපි ගිනි ජාලා මැදිනුත් ජල ධාරා මැදිනුත් ආවා.ඊටපස්සේ සැනසීමේ ඉන්න පුළුවන් තැනකට ඔබ අපිව ගෙනාවා. 13  මම දවන පූජා අරගෙන ඔබේ ගෘහයට එන්නම්.+ඔබට දුන්න පොරොන්දු ඉටු කරන්නම්.+ 14  දුක් කරදරවලට මුහුණ දුන්න කාලයේදීමං වුණ පොරොන්දු මම ඉටු කරන්නම්.+ 15  මම තර සතුන්ව දවන පූජා විදිහට ඔබට ඔප්පු කරන්නම්.මම ඔබට බැටළුවන්ව* ඔප්පු කරන්නම්. ගොනුන්වත් එළුවන්වත් ඔප්පු කරන්නම්. (සීලාහ්) 16  දෙවියන් ගැන ගරුබියක් ඇති සියල්ලෙනි, ඇවිත් මට ඇහුම්කන් දෙන්න.දෙවියන් මං වෙනුවෙන් කරපු හැම දෙයක්ම මම ඔබට කියන්නම්.+ 17  මං උදව් ඉල්ලලා ඔහුට හඬගැසුවා.මං ඔහුට ප්‍රශංසා කළා. 18  දුෂ්ට දේවල් කරන්න මං හිතහිත හිටියා නම්යෙහෝවා කවදාවත් මට ඇහුම්කන් දෙන්නේ නැහැ.+ 19  ඒත් දෙවියන් මට සවන් දුන්නා.+මගේ යාච්ඤාවට ඔහු ඇහුම්කන් දුන්නා.+ 20  දෙවියන්ට ප්‍රශංසා වේවා!ඔහු මගේ යාච්ඤාව අහක දැම්මේ නැහැ.ඔහුගේ නොසැලෙන ආදරේ මට නොපෙන්වා හිටියේ නැහැ.

පාදසටහන්

හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරන්න.”
මූ.අ., “පය පැටලෙන්න.”
හෝ, “අසරුවන්ට.”
මූ.අ., “බැටළුවන්ගෙන් නඟින දුම්.”