ගීතාවලිය 67:1-7

  • පොළොවේ හැම තැනකම ඉන්න අය දෙවියන්ට ගරුබිය දක්වයි

    • දෙවියන්ගේ ක්‍රියා ගැන හැමෝම දැනගනියි (2)

    • ‘මිනිසුන් හැමෝම දෙවියන්ට ප්‍රශංසා කරනු ලැබේවා’ (3, 5)

    • “දෙවියන් අපිට ආශීර්වාද කරයි” (6, 7)

සංගීත අධ්‍යක්ෂක වෙත. තත් භාණ්ඩ වාදනය කරමින් ගායනා කරන්න. 67  දෙවියනි, අපිට කරුණාව පෙන්වලා ආශීර්වාද කරන්න.අපි ගැන සතුටු වෙනවා කියලා පෙන්වන්න.+ (සීලාහ්)   එතකොට ඔබේ ක්‍රියා ගැන පොළොවේ ඉන්න හැමෝම දැනගනියි.+ඔබ දෙන ගැලවීම ගැන හැම ජාතියකටම අහන්න ලැබෙයි.+   දෙවියනි, මිනිසුන් ඔබට ප්‍රශංසා කරනු ලැබේවා!මිනිසුන් හැමෝම ඔබට ප්‍රශංසා කරනු ලැබේවා!   හැම ජාතියකටම අයිති සෙනඟ ප්‍රීති ඝෝෂා නඟනු ලැබේවා!+මොකද ඔබ මිනිසුන්ව සාධාරණව විනිශ්චය කරනවා.+ පොළොවේ ඉන්න ජාතීන්ට මඟ පෙන්වනවා. (සීලාහ්)   දෙවියනි, මිනිසුන් ඔබට ප්‍රශංසා කරනු ලැබේවා!මිනිසුන් හැමෝම ඔබට ප්‍රශංසා කරනු ලැබේවා!   අපේ දෙවියන් අපිට ආශීර්වාද කරයි.+ඒ නිසා පොළොවෙන් සාරවත් අස්වැන්නක් ලැබෙයි.+   දෙවියන් අපිට ආශීර්වාද කරයි.පොළොවේ හැම තැනකම ඉන්න අය ඔහුට ගරුබිය දක්වයි.*+

පාදසටහන්

හෝ, “ගෞරව කරයි.”