ගීතාවලිය 68:1-35

  • දෙවියන්ගේ සතුරන්ව විසුරුවාහරිනු ලැබේවා’

    • “පියා නැති දරුවන්ට පියෙක්” (5)

    • තනි වුණ අයට දෙවියන් නිවහනක් ලබා දෙනවා (6)

    • ශුභාරංචිය ගැන කතා කරන ස්ත්‍රීන් (11)

    • තෑගි විදිහට පුරුෂයන් (18)

    • ‘යෙහෝවා දිනපතාම අපේ බර උසුලගෙන යනවා’ (19)

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්. 68  දෙවියනි, නැඟී ඉඳලා ඔබේ සතුරන්ව විසුරුවාහරින්න.ඔබට වෛර කරන අයව ඔබෙන් පලා යන්න සලස්වන්න!+   සුළඟට ගහගෙන යන දුමක් වගේ ඔවුන්ව පලවාහරින්න.ගිනිදැල්ලට දිය වෙලා යන ඉටි වගේදුෂ්ටයෝ දෙවියන් ඉස්සරහා විනාශ වේවා!+   ඒත් ධර්මිෂ්ඨයෙනි, ප්‍රීති වෙන්න.+දෙවියන් ඉස්සරහා ප්‍රීති ඝෝෂා නඟන්න.සතුටින් ඉපිල යන්න.   දෙවියන්ට ගී ගයන්න. ඔහුගේ නමට ප්‍රශංසා ගී ගයන්න.*+ පාළුකරය මැදින්* ගමන් කරන තැනැත්තාට ගී ගයන්න. ඔහුගේ නම යාහ්.*+ ඔහු ඉස්සරහා ප්‍රීති වෙන්න.   ශුද්ධ වාසස්ථානයේ ඉන්න දෙවියන්+ පියා නැති දරුවන්ට පියෙක් වෙනවා.වැන්දඹුවන්ට ආරක්ෂකයෙක්* වෙනවා.+   දෙවියන් තනි වුණ අයට නිවහනක් ලබා දෙනවා.+සිරකරුවන්ව නිදහස් කරලා ඔවුන්ට සමෘද්ධිමත් ජීවිතයක් ලබා දෙනවා.+ ඒත් මුරණ්ඩු* අයට සිද්ධ වෙන්නේ වියළි දේශයක ජීවත් වෙන්නයි.+   දෙවියනි, ඔබේ සෙනඟට ඔබ මඟ පෙන්වද්දී,*+පාළුකරය මැදින් ඔබ ඇවිදගෙන යද්දී, (සීලාහ්)   පොළොව දෙදරලා ගියා.+දෙවියනි, ඔබ නිසා අහසින් වැසි ඇද හැලුණා.ඊශ්‍රායෙලයේ දෙවියනි, ඔබ නිසා සීනයි කන්ද දෙදරුම් කෑවා.+   ඔබ ඇති තරම් වැසි ඇද හැලෙන්න සැලැස්සුවා.විඩාවට පත් වුණ ඔබේ සෙනඟව* ඔබ ප්‍රාණවත් කළා. 10  ඔවුන් ඔබේ කඳවුරේ කූඩාරම්වල ජීවත් වුණා.+දෙවියනි, ඔබේ යහපත්කම නිසා ඔබ අසරණයන්ව රැකබලා ගත්තා. 11  යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට අණක් දෙයි.*එතකොට ශුභාරංචිය* ගැන කතා කරන ස්ත්‍රීන් විශාල හමුදාවක් වගේ පිටත් වෙලා එනවා.+ 12  විශාල සේනාවන්ට අණ දුන්න රජවරු පලා දුවනවා.+ නිවසේ නැවතිලා ඉන්න ස්ත්‍රියටත් කොල්ල කාපු දේවලින් කොටසක් ලැබෙනවා.+ 13  පුරුෂයෙනි, ඔබට කඳවුරේ ගිනිමැල* අතරේ වැතිරිලා ඉන්න සිද්ධ වුණත්රිදී ආලේප කරපු පිහාටුත් රන්* අත්තටුත්තියෙන පරෙවියෙක් ඔබට ලැබෙයි. 14  සියලු බලැති තැනැත්තාණන් දේශයේ රජවරුන්ව විසුරුවාහරිද්දී+ෂල්මොන්, හිමෙන් වැසී ගියා.* 15  බාෂාන් කන්ද+ දෙවියන්ට අයිති කන්දක්.බාෂාන් කන්ද උස් තැන්වලින් පිරුණු කන්දක්. 16  කඳු මුදුන් සියල්ලෙනි,දෙවියන් වාසය කරන්න තෝරගත්ත කන්ද+ දිහා ඔබ ඊර්ෂ්‍යාවෙන් බලන්නේ ඇයි? යෙහෝවා ඒ කන්දේ සදහටම වාසය කරයි.+ 17  දෙවියන්ට යුධ රථ දසදහස් ගාණක් තියෙනවා.+ඒවා ගණන් කරන්න බැරි තරම්. යෙහෝවා සීනයි කන්දේ ඉඳන් ශුද්ධස්ථානයට ඇවිත්.+ 18  ඔබ ඉහළටම නැඟ ගියා.+ඔබ යන ගමන් වහලුන්වත් අරන් ගියා.ඔබ තෑගි විදිහට පුරුෂයන්ව ගත්තා.+ මුරණ්ඩු අයවත් ගත්තා.+යාහ් දෙවියනි, ඔබ එහෙම කළේ ඒ අය අතරේ වාසය කරන්නයි. 19  දිනපතාම අපේ බර උසුලගෙන යන යෙහෝවාට ප්‍රශංසා වේවා!+අපිට ගැලවීම ලබා දෙන සැබෑ දෙවියන් ඔහුයි. (සීලාහ්) 20  සැබෑ දෙවියන් වන ඔහු අපේ ගැලවුම්කරුයි.+ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා අපිව මරණයෙන් බේරගන්නවා.+ 21  දෙවියන් තමන්ගේ සතුරන්ගේ හිස් කැබලි කරනවා.දිගින් දිගටම වැරදි කරන හැම කෙනෙක්ගෙම හිස් කුඩු කරනවා.+ 22  යෙහෝවා මෙහෙම කියලා තියෙනවා.“ඔවුන් බාෂාන්වල හිටියත් මම ඔවුන්ව ආයෙත් ගේනවා.+මුහුදු පතුලේ හිටියත් මම ඔවුන්ව අරන් එනවා. 23  මම එහෙම කරන්නේ ඔබේ පාද සතුරන්ගේ ලෙයින් නැහැවිලා යන්නයි.+ඔබේ බල්ලන්ටත් ඔවුන්ගේ ලේ ලෙව කන්න පුළුවන් වෙන්නයි.” 24  දෙවියනි, ඔබේ සෙනඟ සතුට සමරමින් පෙරහැරක යන විදිහ ඔවුන් දකිනවා.මගේ දෙවියනුත් මගේ රජුත් වන ඔබ ඉන්න ශුද්ධස්ථානයටඒ සෙනඟ පෙරහැරකින් යනවා ඔවුන් දකිනවා.+ 25  ගායකයෝ ඉස්සරහින්ම යනවා.තත් භාණ්ඩ වාදනය කරන කණ්ඩායම පිටුපසින් යනවා.+ඒ දෙපිරිස අතරේ තරුණියන් රබන් ගසමින් යනවා.+ 26  විශාල පිරිසක් රැස් වෙලා ඉන්න සභාව මැද දෙවියන්ට ප්‍රශංසා කරන්න.ඊශ්‍රායෙල්වරුන්ගේ පියාගෙන් ජීවනය ලැබූ සියල්ලෙනි,+ යෙහෝවාට ප්‍රශංසා කරන්න. 27  මිනිසුන්ව යටත් කරගන්න කුඩාම ගෝත්‍රය වන බෙන්ජමිනුත්+සෙබ්‍යූලන් සහ නෆ්තලී ගෝත්‍රවල පාලකයනුත්යූදා පාලකයනුත් ප්‍රීති ඝෝෂා නඟන යූදා සෙනඟ එක්ක යනවා. 28  ඔබේ දෙවියන් ඔබට ශක්තිය ලබා දෙන්න කියලා අණක් නිකුත් කළා. අපි වෙනුවෙන් මහත් දේවල් කරපු දෙවියනි, ඔබේ බලය පෙන්වන්න.+ 29  යෙරුසලමේ තියෙන ඔබේ මාලිගාවට ගෞරවයක් විදිහට+රජවරු ඔබට තෑගි අරන් එයි.+ 30  මිනිසුන් රිදී අරන් ඇවිත්* දෙවියන් ඉස්සරහා වැඳ වැටෙන කල්පන් ගස් අතර ඉන්න වනමෘගයන්ටත්ගව රැළටත්+ උන්ගේ පැටවුන්ටත් තරවටු කරන්න. ඒත් යුද්ධයට ප්‍රිය කරන අයව ඔහු විසුරුවාහරිනවා. 31  ලෝකඩවලින් නිමැවූ දේවල් ඊජිප්තුවෙන් අරන් එයි.*+කූෂ් දේශය දෙවියන්ට තෑගි දෙන්න ඉක්මන් පියවර ගනියි. 32  පොළොවේ රාජ්‍යයෙනි, දෙවියන්ට ගී ගයන්න.+යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගී ගයන්න.* (සීලාහ්) 33  අතීතයේ ඉඳන් පවතින,ඉමක් කොනක් නැති අහස්තලයේ ගමන් කරන තැනැත්තාණන්ට ප්‍රශංසා ගී ගයන්න.+ ඔහුගේ මුවින් මහත් ගිගුරුම් හඬක් නික්මෙයි. 34  දෙවියන්ට මහත් ශක්තියක් තියෙනවා කියලා පිළිගන්න.+ ඔහු ඊශ්‍රායෙල්වරුන්ව ශ්‍රේෂ්ඨ ආකාරයකින් පාලනය කරයි.ඔහුගේ ශක්තිය මුළු අහස්තලය පුරාම* දකින්න ලැබෙයි. 35  දෙවියන් ශුද්ධස්ථානයේ ඉඳන් එද්දීඔහු ගැන අපේ හිතේ ගරුබියක් ඇති වෙයි.+ සෙනඟට ශක්තියත් බලයත් දෙන ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන් ඔහුයි.+දෙවියන්ට ප්‍රශංසා වේවා!

පාදසටහන්

හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරන්න.”
හෝ සමහරවිට, “වලාකුළු මත.”
“යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
මූ.අ., “විනිශ්චයකරුවෙක්.”
හෝ, “කැරලිගහන.”
මූ.අ., “ඉස්සරහින් ගමන් කරද්දී.”
මූ.අ., “උරුමය.”
ඒ කියන්නේ යුද්දෙට යන්න කියන අණ.
ඒ කියන්නේ ජයග්‍රහණය ලැබුණා කියන ආරංචිය.
හෝ සමහරවිට, “බැටළු ගාල්.”
හෝ, “කොළ පාටට හුරු රන්.”
හෝ, “ඒක හරියට ෂල්මොන් හිමෙන් වැහිලා ගියා වගේ.”
හෝ සමහරවිට, “මිනිසුන් රිදී පාගලා දාලා.”
හෝ සමහරවිට, “ඊජිප්තුවෙන් තානාපතීන් එයි.”
හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරන්න.”
මූ.අ., “වලාකුළුවල.”