ගීතාවලිය 70:1-5

  • ඉක්මනින් ඇවිත් බේරගන්න කියලා කියයි

    • “ඉක්මනින්ම ඇවිත් මං වෙනුවෙන් පියවර ගන්න” (5)

සංගීත අධ්‍යක්ෂක වෙත. මතක් කිරීමක් විදිහට දාවිත් රචනා කරපු ගීයක්. 70  අනේ දෙවියනි, මාව බේරගන්න.අනේ යෙහෝවා, ඉක්මනින්ම මගේ උදව්වට එන්න.+   මගේ ජීවිතය නැති කරලා දාන්න හදන අයවලැජ්ජාවටත් නින්දාවටත් පත් කරන්න. මගේ දුකේදී සතුටු වෙන අයට ලැජ්ජාවෙන් පලා දුවන්න සලස්වන්න.   මට හිනා වෙවී සමච්චල් කරන අයව ලැජ්ජාවට පත් කරන්න. ඔවුන්ට පලා දුවන්න සලස්වන්න.   ඒත් ඔබට ළං වෙන හැමෝම ප්‍රීති ඝෝෂා නගත්වා!+ ඔබ දෙන ගැලවීම හද පත්ලෙන්ම අගය කරන අය“දෙවියන්ට ගෞරවය ලැබේවා” කියලා නිතරම කියත්වා!   මම කාගෙවත් හව්හරණක් නැති දුප්පතෙක්.+අනේ දෙවියනි, ඉක්මනින්ම ඇවිත් මං වෙනුවෙන් පියවර ගන්න.+ මගේ උදව්වට ඉන්නෙත් මාව බේරගන්න ඉන්නෙත් ඔබ විතරයි.+අනේ යෙහෝවා, පරක්කු නොකර මගේ උදව්වට එන්න.+

පාදසටහන්