ගීතාවලිය 74:1-23

  • තමන්ගේ සෙනඟව සිහි කරන්න කියලා දෙවියන්ට කරන යාච්ඤාවක්

    • දෙවියන් අතීතයේදී ඔහුගේ සෙනඟව බේරගත්ත අවස්ථා (12-17)

    • “සතුරා ඔබට කරන නින්දා අමතක කරන්න එපා” (18)

මස්කිල්.* ආසාෆ් රචනා කරපු ගීතයක්.+ 74  දෙවියනි, ඔබ සදහටම අපිව අත්හැරලා දැම්මේ ඇයි?+ ඔබේ තණබිමේ ඉන්න බැටළු රැළත් එක්ක ඔබ කේන්තියෙන් ඉන්නේ ඇයි?+   කාලෙකට කලින් ඔබ අයිති කරගත්ත සෙනඟව සිහි කරන්න.+ඔබේ උරුමය විදිහට ඔබ බේරගත්ත ගෝත්‍රයත්*+ ඔබ වාසය කරන සියොන් කන්දත් සිහි කරන්න.+   සම්පූර්ණයෙන්ම විනාශ වෙලා පාළුවට ගිය තැන්වලට ගිහින් බලන්න.+ ශුද්ධස්ථානයේ තිබුණ හැම දේම සතුරා නැති නාස්ති කරලා.+   ඔබට නමස්කාර කරන තැන ඉඳන් ඔබේ සතුරන් ජය ඝෝෂා නැඟුවා.+ ඔවුන් හැමෝටම පේන්න ඔවුන්ගේ ලාංඡන එතන සවි කරලා.   පොරොවෙන් ගන කැලෑ එළි කරන අය වගේ ඔවුන් හැම දේම නාස්ති කළා.   පොරෝවලින් සහ යකඩ පොලුවලින්ශුද්ධස්ථානයේ තියෙන කැටයම් කුඩු කරලා දැම්මා.+   ඔබේ ශුද්ධස්ථානයට ගිනි තිබ්බා.+ ඔබේ නම දරන ශුද්ධ කූඩාරම බිමට ඇදලා දාලා ඒකට අගෞරව කළා.   ඔවුනුත් ඔවුන්ගෙන් පැවතෙන අයත් මෙහෙම හිතුවා. “දෙවියන්ට නමස්කාර කරන හැම තැනකටම ගිනි තියන්න ඕනේ.ඒවා දේශයෙන් අයින් කරන්න ඕනේ.”   දේශයේ කොහෙවත් අපේ ලාංඡන දකින්න නැහැ.දේශයේ දැන් අනාගතවක්තෘවරයෙක්වත් නැහැ.තව කොච්චර කාලයක් මේ තත්වය තියෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. 10  අනේ දෙවියනි, තව කොච්චර කාලයක් සතුරා ඔබට නින්දා කරයිද?+ විරුද්ධකරුවන් සදහටම ඔබේ නමට අගෞරව කරයිද?+ 11  ඔබේ දකුණත දිගහැරලා ඔබ පියවර ගන්නේ නැත්තේ ඇයි?+ ඔබේ ඇඳුම ඇතුළට දාගෙන ඉන්න ඔබේ දකුණත එළියට අරන් ඔවුන්ව විනාශ කරන්න. 12  දෙවියනි, ඈත අතීතයේ ඉඳන්ම මගේ රජු ඔබයි.පුදුම දේවල් කරලා පොළොවේ වැසියන්ට ගැලවීම ලබා දෙන්නේ ඔබයි.+ 13  දෙවියනි, ඔබේ ශක්තියෙන් ඔබ මුහුද කැලඹුවා.+මුහුදේ සැරිසරන දැවැන්තයන්ගේ හිස් පොඩි කරලා දැම්මා. 14  ඔබ ලෙවීයාතන්ගේ* හිස් පාගලා දැම්මා.ඌව කාන්තාරවල ඉන්න අයට කන්න දුන්නා. 15  ඔබ පර්වත දෙබෑ කරලා දිය උල්පත් සහ දිය දහරා ගලා යන්න සැලැස්සුවා.+ගලා යන ගංගා හිඳිලා යන්න සැලැස්සුවා.+ 16  දවාල සහ රාත්‍රිය හැදුවෙත් ආලෝකය* සහ හිරු හැදුවෙත් ඔබයි.+ 17  පොළොවේ සීමා නියම කළෙත්+ගිම්හාන කාලය සහ ශීත කාලය ඇති කළෙත් ඔබයි.+ 18  යෙහෝවා දෙවියනි, සතුරා ඔබට කරන නින්දා අමතක කරන්න එපා.අඥාන සෙනඟක් ඔබේ නමට අගෞරව කරන විදිහ අමතක කරන්න එපා.+ 19  කොබෙයියෙක් වගේ ඉන්න ඔබේ සෙනඟව වනසතුන්ගේ ගොදුරක් වෙන්න දෙන්න එපා. පීඩා විඳින අපිව සදහටම අමතක කරලා දාන්න එපා. 20  ඔබ අපිත් එක්ක ඇති කරගත්ත ගිවිසුම සිහි කරන්න.මොකද පොළොවේ අඳුරු තැන් ප්‍රචණ්ඩත්වයෙන් පිරිලා. 21  පීඩාවට පත් වුණ කෙනාට කලකිරිලා හැරිලා යන්න දෙන්න එපා.+අසරණයාත් දුප්පතාත් ඔබේ නමට ප්‍රශංසා කරනු ලැබේවා!+ 22  දෙවියනි, සාක්ෂි ඉදිරිපත් කරලා ඔබට කරන චෝදනා බොරුයි කියලා ඔප්පු කරන්න. අඥානයා දවස පුරාම ඔබට කරන නින්දා සිහි කරන්න.+ 23  ඔබට විරුද්ධව වැඩ කරන අයගේ ඝෝෂාව ස්වර්ගය දක්වාම දිගින් දිගටම නැඟ යනවා. ඔබේ සතුරන් ඔබට විරුද්ධව කියන දේවල් අමතක කරන්න එපා.

පාදසටහන්

ඒ කියන්නේ ඊශ්‍රායෙල් සෙනඟව.
හෝ, “ආලෝක වස්තුව.”