ගීතාවලිය 75:1-10
-
දෙවියන් සාධාරණව විනිශ්චය කරයි
-
යෙහෝවාගේ අතේ තියෙන කුසලානයෙන් දුෂ්ටයන් බොයි (8)
-
සංගීත අධ්‍යක්ෂක වෙත. “මාව විනාශ කරන්න එපා” කියන තාලයට ගායනා කරන්න. ආසාෆ් රචනා කරපු ගීතයක්.+
75 දෙවියනි, අපි ඔබට ස්තුති කරනවා. ඔබට ස්තුති ප්‍රශංසා කරනවා.ඔබ ඉන්නේ අපි එක්කමයි.*+ඔබ කරන පුදුම දේවල් ගැන මිනිස්සු කතා වෙනවා.
2 දෙවියන් මෙහෙම කියනවා. “මම කාලයක් නියම කරලාසාධාරණව විනිශ්චය කරනවා.
3 පොළොවත් ඒකේ ඉන්න සෙනඟත් බයෙන් වෙවුලුවා.ඒ වෙලාවේ පොළොවේ කණු සවිමත් කළේ මමයි.” (සීලාහ්)
4 පුරසාරම් දොඩන අයට “පුරසාරම් දොඩන්න එපා” කියලා මම කිව්වා.
දුෂ්ටයන්ට මම මෙහෙම කිව්වා. “ඔබේ ශක්තිය* ගැන උඩඟු විදිහට කතා කරන්න එපා.
5 ඔබේ බලය ගැන මහ ඉහළින් කතා කරන්න එපා.ඒ ගැන අහංකාර විදිහට කතා කරන්න එපා.
6 කෙනෙක්ව උසස් කරන්නේ නැඟෙනහිරෙන්වත්බස්නාහිරෙන්වත් දකුණෙන්වත් නෙවෙයි.
7 මොකද විනිශ්චයකරු දෙවියන්.+
ඔහු කෙනෙක්ව පහත් කරලා තවත් කෙනෙක්ව උසස් කරනවා.+
8 යෙහෝවා දෙවියන්ගේ අතේ කුසලානයක් තියෙනවා.+ඒක පෙණ දාන, සැර* වයින්වලින් පිරිලා.
ඔහු ඒක පොළොවේ ඉන්න දුෂ්ටයන් පිටට වක් කරනවා.ඒ හැමෝම බිඳක්වත් ඉතුරු නොකර ඒක බොනවා.”+
9 දෙවියන් කරපු ඒ දේ ගැන මම හැමදාමත් කියනවා.යාකොබ්ගේ දෙවියන්ට මම ප්‍රශංසා ගී ගයනවා.*
10 දෙවියන් මෙහෙම කියනවා. “දුෂ්ටයන්ගේ බලය මම නැති කරලා දානවා.ඒත් ධර්මිෂ්ඨ අයගේ ශක්තිය මම තව තවත් වැඩි කරනවා.”
පාදසටහන්
^ මූ.අ., “ඔබේ නම තියෙන්නේ අපි ළඟින්මයි.”
^ මූ.අ., “ඔබේ අඟ.”
^ හෝ, “කුළු බඩු මිශ්‍ර කරපු.”
^ හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරනවා.”