ගීතාවලිය 76:1-12
සංගීත අධ්‍යක්ෂක වෙත. තත් භාණ්ඩ වාදනය කරමින් ගායනා කරන්න. ආසාෆ් රචනා කරපු ගීයක්.+
76 යූදාවල වැසියෝ දෙවියන්ව හඳුනනවා.+ඔහුගේ නම ඊශ්‍රායෙල් පුරාම ප්‍රසිද්ධ වෙලා.+
2 ඔහුගේ ගෘහය තියෙන්නේ සාලම්වල.+ඔහුගේ වාසස්ථානය තියෙන්නේ සියොන්වල.+
3 එහෙදී ඔහු ගිනිමය ඊතල කඩලා දැම්මා.පලිහත් කඩුවත් අනිකුත් යුධායුධත් ඔහු කඩලා දැම්මා.+ (සීලාහ්)
4 දෙවියනි, ඔබ දීප්තියෙන් බැබළෙනවා.*දරුණු වනසත්තු ගැවසෙන කඳුවලටත් වඩා ඔබ තේජාන්විතයි.
5 නිර්භීත අයගෙනුත් වස්තුව පැහැරගෙන ගිහින්.+
ඔවුන් තද නින්දකට වැටිලා.එඩිතර සටන්කරුවෝ හැමෝම අසරණ වෙලා.+
6 යාකොබ්ගේ දෙවියනි, ඔබ දුන්න දඬුවම නිසාඅශ්වයාත් අශ්ව රථ පදවන්නාත් තද නින්දකට වැටිලා.+
7 ගරුබියක් ඇති කරවන එකම දෙවියන් ඔබයි.+
ඔබේ දැවෙන කේන්තිය දරාගන්න පුළුවන් කාටද?+
8 ඔබ ස්වර්ගයේ ඉඳන් ඔබේ තීන්දුව දැනුම් දුන්නා.+
එතකොට පොළොව බය වෙලා නිහඬ වුණා.+
9 පොළොවේ ඉන්න නිහතමානී අයව බේරගන්න දෙවියන් නැඟී හිටියා.+ඔහු දුෂ්ටයන්ට දඬුවම් නියම කළා. (සීලාහ්)
10 දෙවියනි, මිනිසුන් කොයි තරම් කේන්තියෙන් වැඩ කළත්අන්තිමේදී ඒකෙන් ඔබට ප්‍රශංසාව ලැබෙනවා.+ඔවුන් කේන්තිය පිට කරන අන්තිම මොහොතේදීත්ඔබේ නම ගෞරවයට පත් කරන්න ඔබ ඒක අවස්ථාවක් කරගන්නවා.
11 ඔහු වටේ ඉන්න සියල්ලෙනි, තෑගි අරන් ලොකු ගරුබියකින් ඔහු ඉස්සරහට යන්න.+ඔබේ දෙවි යෙහෝවාට දුන්න පොරොන්දු ඉටු කරන්න.+
12 ඔහු නායකයන්ගේ අහංකාරකම නැති කරලා දානවා.ඔහු නිසා පොළොවේ රජවරුන්ගේ හිත්වල ලොකු බයක් ඇති වෙනවා.
පාදසටහන්
^ හෝ, “ඔබ ආලෝකයෙන් වට වෙලා ඉන්නවා.”