ගීතාවලිය 77:1-20

  • දුකින් ඉද්දී කරපු යාච්ඤාවක්

    • දෙවියන් කරපු දේවල් ගැන කල්පනා කරනවා (11, 12)

    • “ඔබ තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් ඉන්නවාද?” (13)

සංගීත අධ්‍යක්ෂක වෙත. යෙදූතුන්.* ආසාෆ් රචනා කරපු ගීතයක්.+ 77  මම හඬ නඟා දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා.මම උදව් ඉල්ලද්දී ඔහු මට සවන් දෙනවා.+   දුක් කරදරවලට මුහුණ දෙද්දීමං යෙහෝවාව හොයාගෙන යනවා.+ රෑ පුරාම මගේ දෑත් ඔහු දෙසට ඔසවගෙන ඉන්නවා. මගේ හිතට කිසි සැනසීමක් නැහැ.   දෙවියන්ව මතක් වෙද්දී මට දරාගන්න බැරි දුකක් දැනෙනවා.+මං ඉන්නේ ලොකු වේදනාවකින්. මගේ ඇඟට කිසි පණක් නැහැ.+ (සීලාහ්)   ඔබ මගෙන් නින්ද උදුරගත්තා.කතා කරගන්න බැරි තරමට මගේ හිත කැලඹිලා.   අතීත දවස් ගැන මම කල්පනා කරනවා.+ඈත අතීතය ගැන මට සිහි වෙනවා.   මං ගායනා කරපු ගීතය* මට මතක් වෙනවා.+මම හුඟක් දේවල් ගැන හොඳට හිතලා බලනවා.+මේ කාරණා ගැන හොඳින් හොයලා බලනවා.   යෙහෝවා අපිව සදහටම අත්හැරලා දාලාද?+ අපිට ආයේ කවදාවත් ඔහුව සතුටු කරන්න බැරි වෙයිද?+   ආයේ කවදාවත් ඔහුගේ නොසැලෙන ආදරයඔහු අපිට පෙන්වන එකක් නැද්ද? ඔහුගේ පොරොන්දු ඉටු වෙන විදිහඉදිරි පරම්පරාවලට දැකගන්න බැරි වෙයිද?   කරුණාව පෙන්වන්න දෙවියන්ට අමතක වෙලාද?+එහෙමත් නැත්නම් ඔහුගේ කේන්තිය නිසාඔහු ආයේ කවදාවත් අපිට දයාව පෙන්වන්නේ නැතුව ඉඳියිද? (සීලාහ්) 10  මම නිතර නිතර මෙහෙම කියනවා.“උසස්ම දෙවියන් ඉස්සර වගේ දැන් අපිට උදව් කරන්නේ නැහැ. මට දරාගන්න බැරි* වේදනාවක් දැනෙන්නේ ඒ නිසයි.”+ 11  යාහ්* කරපු දේවල් මම සිහි කරනවා.අතීතයේ ඉඳන් ඔහු කරපු පුදුමාකාර ක්‍රියා මතක් කරගන්නවා. 12  දෙවියනි, ඔබ කරපු හැම දෙයක් ගැනම මම ගැඹුරින් කල්පනා කරනවා.ඔබ මිනිසුන් එක්ක වැඩ කරන විදිහ ගැනත් හොඳට හිතනවා.+ 13  දෙවියනි, ඔබ වැඩ කරන විදිහ ශුද්ධයි. ඔබ තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් ඉන්නවාද?+ 14  පුදුමාකාර දේවල් කරන සැබෑ දෙවියන් ඔබයි.+ ඔබේ ශක්තිය මොන තරම්ද කියලා ඔබ මිනිසුන්ට පෙන්වලා තියෙනවා.+ 15  ඔබේ සෙනඟ වුණ යාකොබ්ගෙත් යෝසෙප්ගෙත් පුතුන්වඔබ ඔබේ බලයෙන් බේරගත්තා.+ (සීලාහ්) 16  දෙවියනි, ජල ධාරා ඔබව දැකලාකලබල වුණා.+ මහ සයුර කැලඹුණා. 17  වලාකුළුවලින් ජලය ඇද හැලුණා. වැහිබර අහස ගිගුරුම් දුන්නා.ඔබේ අකුණු සැර ඊතල වගේ දසත විහිදිලා ගියා.+ 18  ඔබෙන් නික්මුණ ගිගුරුම් හඬ+ යුධ රථවල හඬ වගේ.අකුණු සැරවලින් නික්මුණ ආලෝකය පොළොව* පුරාම විහිදිලා ගියා.+පොළොව කැලඹිලා දෙදරුම් කෑවා.+ 19  ඔබ ජල ධාරාවන් හරහා ගමන් මඟක් හැදුවා.+ඔබ මුහුද හරහා ගමන් කළා.ඒත් ඔබේ පිය සටහන් හොයාගන්න කාටවත් බැරි වුණා. 20  බැටළු රැළකට මඟ පෙන්වනවා වගේ+ඔබ මෝසෙස් සහ ආරොන්ගේ රැකවරණය යටතේ+ඔබේ සෙනඟට මඟ පෙන්නුවා.

පාදසටහන්

හෝ, “තත් භාණ්ඩයෙන් වාදනය කරපු සංගීතය.”
හෝ, “හදවත පසාරු කරගෙන යන.”
“යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
හෝ, “සරුසාර පොළොව.”