ගීතාවලිය 8:1-9
සංගීත අධ්‍යක්ෂක වෙත. ගිටිත්* සඳහා. දාවිත් රචනා කරපු ගීතයක්.
8 අපේ ස්වාමීන් වන යෙහෝවා දෙවියනි,ඔබේ නම මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා පොළොව පුරාම දැකගන්න පුළුවන්.ඔබ ඔබේ තේජස මුළු අහස්තලයටත් වඩා ඉහළින් තැබුවා.*+
2 බිලිඳුන්ගෙත් කිරි බොන ළදරුවන්ගෙත්+ මුවින් ඔබ ඔබේ බලය පැහැදිලිව පේන්න සැලැස්සුවා.ඔබට විරුද්ධ වෙන අයට ඔබ එය දකින්න සැලැස්සුවා.ඔබ එහෙම කළේ සතුරන්වත් පළිගන්න අයවත් නිහඬ කරන්නයි.
3 ඔබේ දෑත්වලින් නිම කරපු අහස්තලය දිහා බලද්දී,ඔබ නිර්මාණය කරපු සඳයි, තරුයි දිහා බලද්දී,+
4 දූවිල්ලට හැරිලා යන මිනිසාව ඔබ සිහි කරන්න තරම් ඔහු කවුද?ඔබේ රැකවරණය ලබන්න තරම් ඔහු වටිනවාද?+
5 ඔබ ඔහුව නිර්මාණය කරද්දී ඔහුට දුන්නේ දේවදූතයන්ට* වඩා ටිකක් අඩු තත්වයක්.ඊටපස්සේ ඔබ ගෞරවය සහ තේජස කියන ඔටුන්න ඔහුට පැලඳෙව්වා.
6 ඔබ නිර්මාණය කරපු හැම දෙයක්ම ඔබ ඔහුට භාර දුන්නා.+ඔහුගේ පාදවලට හැම දේම යටත් කළා.
7 එළුවන්, බැටළුවන් සහ ගවයන්වත්වනසතුන්වත්+
8 අහසේ පියාසර කරන කුරුල්ලන්වත් මුහුදේ මත්ස්‍යයන්වත්මුහුදේ සැරිසරන හැම ජීවියෙක්වමත් ඔබ ඔහුට යටත් කරලා දුන්නා.
9 යෙහෝවා දෙවියනි, අපේ ස්වාමීනි,ඔබේ නම මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා පොළොවේ තියෙන හැම දේකින්ම දකින්න පුළුවන්.
පාදසටහන්
^ “පැහැදිලි කිරීමක්” බලන්න.
^ හෝ සමහරවිට, “ඔබේ තේජස මොන තරම්ද කියලා අහසටත් ඉහළින් නැවත නැවත ප්‍රකාශ කරයි.”
^ හෝ, “දෙවියන්ට යම් සමානකමක් තියෙන අයට.”