ගීතාවලිය 81:1-16

  • දෙවියන්ට ඇහුම්කන් දෙන්න කියලා කරන ඉල්ලීමක්

    • වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න එපා (9)

    • “මගේ සෙනඟ මට ඇහුම්කන් දුන්නා නම්” (13)

සංගීත අධ්‍යක්ෂක වෙත. ගිටිත්* සඳහා. ආසාෆ් රචනා කරපු ගීතයක්.+ 81  ජනයෙනි, අපේ ශක්තිය වන දෙවියන් ඉස්සරහා ප්‍රීති ඝෝෂා නඟන්න.+ යාකොබ්ගේ දෙවියන්ට ජය නාද නඟන්න.   රබානත් තත් භාණ්ඩයත් මිහිරි නාදයක් නික්මෙන වීණාවත් අරන් වයන්න.   නව සඳ පායන දවසේදීත්පුර සඳ පායන අපේ උත්සව දවසේදීත් හොරණෑව පිඹින්න.+   ඒක දෙවියන් ඊශ්‍රායෙල්ට පනවපු නියෝගයක්.යාකොබ්ගේ දෙවියන් දීපු නීතියක්.+   දෙවියන් ඊජිප්තු දේශය මැදින් යද්දී+ඒ නීතිය යෝසෙප්ට දුන්නේ සිහිගැන්වීමක් විදිහටයි.+ නොදන්න කටහඬක්* මෙහෙම කියනවා මට ඇහුණා.   “ඔහුගේ කරේ තිබුණ බර මම අයින් කළා.+ඔහු අරන් ගිය කූඩය මං ඔහුගේ අතින් ගත්තා.   දුක් කරදරවලට මුහුණ දෙද්දී ඔබ මට හඬගැසුවා.එතකොට මම ඔබව බේරගත්තා.+ ගිගුරුම් හඬ මැදින් මම ඔබට උත්තර දුන්නා.+ මෙරිබා* දිය පහර ළඟදී මම ඔබේ හිත් සෝදිසි කළා.+ (සීලාහ්)   මගේ ජනයෙනි, මං දැන් ඔබට විරුද්ධව සාක්ෂි දෙන්නයි යන්නේ. ඉතින් මට ඇහුම්කන් දෙන්න. අනේ ඊශ්‍රායෙල්, ඔබ මං කියන දේ අහනවා නම්!+   එතකොට ඔබ අතරේ වෙන කිසිම දෙවි කෙනෙක් දකින්න ලැබෙන්නේ නැහැ.ඔබ වෙනත් දෙවි කෙනෙක්ට නමස්කාර කරන්නෙත් නැහැ.+ 10  යෙහෝවා වන මමයි ඔබේ දෙවියන්.ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට අරන් ආවේ මමයි.+ ඔබේ කට හොඳට අරින්න. මම ඔබට ඇති තරම් කන්න දෙන්නම්.+ 11  ඒත් මගේ සෙනඟ මට ඇහුම්කන් දුන්නේ නැහැ.ඊශ්‍රායෙල් මට කීකරු වෙන්න කැමති වුණේ නැහැ.+ 12  මුරණ්ඩු විදිහට වැඩ කරන්න මමත් ඔවුන්ට ඉඩහැරියා.ඔවුන්ට හරියි කියලා හිතුණ දේ ඔවුන් කළා.*+ 13  මගේ සෙනඟ මට ඇහුම්කන් දුන්නා නම්!+ඊශ්‍රායෙල් මගේ මාර්ගවල ගමන් කළා නම්!+ 14  මම ඔවුන්ගේ සතුරන්ව ඉක්මනින්ම ඔවුන්ට යටත් කරලා දෙනවා.ඔවුන්ගේ විරුද්ධවාදීන්ට විරුද්ධව මම අත ඔසවනවා.+ 15  යෙහෝවාට වෛර කරන අය ඔහුව දැක්කාම බයෙන් වෙවුලයි.ඔවුන් සදහටම විනාශ වෙලා යයි. 16  ඒත් ඔබව* දෙවියන් හොඳම ධාන්‍යවලින් පෝෂණය කරයි.+පර්වතයෙන් ගලා එන පැණිවලින් තෘප්තිමත් කරයි.”+

පාදසටහන්

හෝ, “භාෂාවක්.”
තේරුම, “රණ්ඩුව.”
මූ.අ., “ඔවුන් කැමති කැමති දේ කළා.”
මූ.අ., “ඔහුව.” ඒ කියන්නේ දෙවියන්ගේ සෙනඟව.