ගීතාවලිය 82:1-8

  • සාධාරණව විනිශ්චය කරන්න කියලා කියයි

    • “දෙවිවරු මැද” දෙවියන් විනිශ්චය කරයි (1)

    • ‘අසරණයන් වෙනුවෙන් නැඟී ඉන්න’ (3)

    • “ඔබ දෙවිවරු” (6)

ආසාෆ් රචනා කරපු ගීතයක්.+ 82  රැස් වෙලා ඉන්න දෙවිවරු* අතරට ඇවිත්දෙවියන් තමන්ට හිමි ස්ථානයේ හිටගන්නවා.*+දෙවිවරු මැද විනිශ්චය කරමින් ඔහු මෙහෙම කියනවා.+   “ඔබ තව කොච්චර කාලයක් අසාධාරණ විදිහට විනිශ්චය කරනවාද?+දුෂ්ටයන්ගේ පැත්ත අරන් වැඩ කරනවාද?+ (සීලාහ්)   අසරණයන් සහ පියා නැති දරුවන් වෙනුවෙන් නැඟී ඉන්න.+ පීඩාවට පත් වුණ අය සහ දුප්පත් අය වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න.+   අසරණයන්වත් දුප්පතුන්වත් බේරගන්න.දුෂ්ටයන්ගේ අතින් ඔවුන්ව ගලවගන්න.”   ඒත් ඔවුන්* කිසි දෙයක් දන්නේ නැහැ.කිසි දෙයක් තේරුම්ගන්නෙත් නැහැ.+ඔවුන් අන්ධකාරයේ ඒ මේ අත ඇවිදිනවා.පොළොවේ හැම අත්තිවාරමක්ම හෙල්ලිලා ගිහින්.+   “උසස්ම දෙවියන් වන මම මෙහෙම කිව්වා.‘ඔබ දෙවිවරු.*+ ඔබ හැමෝම මගේ පුතුන්.   ඒත් ඔබත් සාමාන්‍ය මිනිසුන් වගේ මැරිලා යනවා.+අනිත් පාලකයන් වගේ වැටිලා යනවා.’”+   දෙවියනි, නැඟී ඉඳලා පොළොව විනිශ්චය කරන්න.+මොකද සියලු ජාතීන් අයිති ඔබටයි.

පාදසටහන්

හෝ, “දෙවියන්ට යම් සමානකමක් තියෙන අය.” පේන විදිහට මෙතන කතා කරන්නේ ඊශ්‍රායෙල් දේශයේ හිටපු විනිශ්චයකරුවන් ගැනයි.
හෝ, “දෙවියන් තමන්ගේ සභාවේ හිටගන්නවා.”
ඒ කියන්නේ 1වෙනි පදයේ කතා කරන දෙවිවරු.
හෝ, “දෙවියන්ට යම් සමානකමක් තියෙන අය.”