ගීතාවලිය 83:1-18

  • සතුරන් සටනට එද්දී කරපු යාච්ඤාවක්

    • “අනේ දෙවියනි, නිහඬව ඉන්න එපා” (1)

    • සතුරන් හුළඟට ගහගෙන යන වේළිච්ච තණකොළ වගේ (13)

    • දෙවියන්ගේ නම යෙහෝවා (18)

ආසාෆ් රචනා කරපු ගීයක්.+ 83  අනේ දෙවියනි, නිහඬව ඉන්න එපා.+ශ්‍රේෂ්ඨ දෙවියනි, කතා නොකර ඉන්නත් පියවර නොගෙන ඉන්නත් එපා.   මොකද ඔබේ සතුරෝ කෑගගහා සටන් කරන්න සූදානම් වෙනවා.+ඔබට වෛර කරන අය අහංකාර විදිහට වැඩ කරනවා.*   ඔබේ සෙනඟට විරුද්ධව ඔවුන් හොර රහසේ කුමන්ත්‍රණය කරනවා.ඔබ වස්තුවක් විදිහට සලකන ඔබේ සෙනඟට* විරුද්ධව කපටි උපායන් යොදනවා.   ඔවුන් මෙහෙම කියනවා. “අපි ඒ ජාතිය නැත්තටම නැති කරලා දාමු.+එතකොට ඊශ්‍රායෙල් කියන නම හැමෝටම අමතක වෙලා යයි.”   ඔවුන් එකතු වෙලා ඔබට විරුද්ධව දුෂ්ට සැලසුම් යොදයි.*ඔබට විරුද්ධව සටන් කරන්න* ඔවුන් එකඟතාවකට ඇවිත්.+   ඒදොම්වරු, ඉෂ්මායෙල්වරු,* මෝවබ්වරු,+ හග්රියවරු+ වගේම   ගෙබල්වරු, අම්මොන්වරු,+ අමලෙක්වරු,පිලිස්තිවරු+ සහ තීර්වල වැසියොත් ඔවුන් අතරේ ඉන්නවා.+   ඇසිරියාවත්+ ඔවුන්ට එකතු වෙලා.ඔවුන් ලොත්ගේ පුතාලට සහයෝගය දෙනවා.+ (සීලාහ්)   ඔබ මිදියන්වරුන්ව පරාජය කරපු විදිහටම ඔවුන්වත් පරාජය කරන්න.+කීෂොන් දිය පහර* ළඟදී සිසෙරාටත් යාබින්ටත් දඬුවම් කරපු විදිහටම ඔවුන්ටත් දඬුවම් කරන්න.+ 10  එන්දෝර්වලදී ඔබ ඒ අයව විනාශ කරලා දැම්මා.+ඔවුන් කුණු වෙලා පසට පොහොර වුණා. 11  ඔරෙබ්ට සහ ෂීබ්ට කරපු දේම ඔවුන්ගේ අධිපතීන්ටත් කරන්න.+සෙබාහ්ට සහ ෂල්මුන්නාට කරපු විදිහටම ඔවුන්ගේ පාලකයන්ටත් කරන්න.+ 12  මොකද ඔවුන් මෙහෙම කිව්වා. “අපි දෙවියන් වාසය කරන දේශය අයිති කරගමු.” 13  අනේ මගේ දෙවියනි, ඔවුන්ව හුළඟට ගහගෙන යන වේළිච්ච තණකොළ වගේ වෙන්න සලස්වන්න.+පිදුරු වගේ ඔවුන්ව ගහගෙන යන්න සලස්වන්න. 14  වනාන්තරයක් දවලා දාන ළැව් ගින්නක් වගෙත්කඳුකරයක් විනාශ කරලා දාන විශාල ගින්නක් වගෙත්+ 15  ඔවුන් පස්සේ ගිහින් ඔබේ කුණාටුවෙන් ඔවුන්ව විනාශ කරලා දාන්න.+චණ්ඩ මාරුතයක් එවලා ඔවුන් තුළ ලොකු බයක් ඇති කරන්න.+ 16  යෙහෝවා දෙවියනි, ඔවුන්ගේ මුහුණු ලැජ්ජාවෙන් වැහිලා යන්න සලස්වන්න.එතකොට ඔවුන් ඔබ වෙතට හැරිලා ඔබේ නමින් අයැදියි. 17  සදහටම ඔවුන්ගේ හිත්වල බයක් ඇති කරලා ඔවුන්ව ලැජ්ජාවට පත් කරන්න.ඔවුන්ව නින්දාවට පත් කරලා විනාශ කරලා දාන්න. 18  ඔබේ නම යෙහෝවා කියලත්+මුළු පොළොවටම ඉන්න උසස්ම දෙවියන් ඔබ විතරයි කියලත්+හැමෝටම දැනගන්න සලස්වන්න.

පාදසටහන්

හෝ, “හිස ඔසවනවා.”
හෝ, “ඔබේ රැකවරණය ලබන අයට.”
මූ.අ., “එකම අරමුණ ඉටු කරගන්න සාකච්ඡා කරනවා.”
හෝ, “ගිවිසුමක් ඇති කරගෙන.”
මූ.අ., “ඒදොම්වරුන්ගේ සහ ඉෂ්මායෙල්වරුන්ගේ කූඩාරම්.”
හෝ, “නිම්නය.”