ගීතාවලිය 84:1-12

  • දෙවියන්ගේ කූඩාරමට යන්න තියෙන ආශාව

    • කුරුල්ලෙක් වගේ වෙන්න ලෙවීවරයෙක්ට තියෙන ආශාව (3)

    • “ඔබේ කූඩාරමේ මළුවේ එක දවසක්” (10)

    • “දෙවියන් හිරු වගේ. ඔහු පලිහක් වගේ” (11)

සංගීත අධ්‍යක්ෂක වෙත. ගිටිත්* සඳහා. කෝරාගේ පුතුන් රචනා කරපු ගීයක්.+ 84  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා,ඔබේ තේජවත් කූඩාරම මොන තරම් අලංකාරද!*+   යෙහෝවාගේ කූඩාරමේ මළුවට යන්න මට තියෙන ආශාව මොන තරම්ද!+එහෙට යන්න ලැබෙන කල් මං බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්.බලන් ඉඳලාම මම හෙම්බත් වෙලා! මගේ මුළු හදවතින්ම, මුළු ශක්තියෙන්ම ජීවමාන දෙවියන්ට ප්‍රීති ඝෝෂා නඟනවා.   මගේ රජුත් මගේ දෙවියනුත් වන ස්වර්ගයේ සේනාවල අධිපති යෙහෝවා,ඔබේ ශ්‍රේෂ්ඨ පූජාසනය ළඟකිරිල්ලියටත් නිවහනක් තියෙනවා.වැහිළිහිණියාටත් ඇගේ පැටව් තියන්න කැදැල්ලක් තියෙනවා.   ඔබේ ගෘහයේ ඉන්න ලැබෙන අය ජීවත් වෙන්නේ හරිම සතුටින්.+ ඔවුන් නොනවත්වාම ඔබට ප්‍රශංසා කරනවා.+ (සීලාහ්)   ඔබෙන් ශක්තිය ලබන අය සන්තෝෂවත්.+ඔබේ ගෘහයට යන මඟේ ගමන් කරන්න ආශාවෙන් ඉන්න අය සන්තෝෂවත්.   ඔවුන් බේකා නිම්නය* හරහා ගියත්ඔවුන් ඒක සලකන්නේ දිය දහරා ගලා බසින තැනක් විදිහටයි.මුලින්ම ඇද හැලෙන වැස්සෙන් ඒ මුළු ප්‍රදේශයම අලංකාරවත් වෙනවා.*   කොයි තරම් දුරක් ඇවිදන් ගියත්ඔවුන් විඩාවට පත් නොවී තව තවත් ශක්තිමත් වෙනවා.+සියොන්වල ඉන්න දෙවියන් ඉස්සරහට ඔවුන් හැමෝටම යන්න ලැබෙනවා.   ස්වර්ගයේ සේනාවල දෙවි යෙහෝවා, මගේ යාච්ඤාව අහන්න.යාකොබ්ගේ දෙවියනි, මට සවන් දෙන්න. (සීලාහ්)   අපේ පලිහ+ වන දෙවියනි,*ඔබේ අභිෂේක ලත් තැනැත්තා දිහා බලලා ඔහුට ඔබේ කරුණාව පෙන්වන්න.+ 10  වෙන තැනක දවස් දහසක් ගත කරනවාට වඩාඔබේ කූඩාරමේ මළුවේ එක දවසක් ගත කරන්න ලැබෙන එක මට වටිනවා!+ දුෂ්ටයන්ගේ කූඩාරම්වල ඉන්නවා වෙනුවටමගේ දෙවියන්ගේ ගෘහයේ දොරකඩ ළඟ ඉන්න මං තෝරගන්නවා. 11  මොකද යෙහෝවා දෙවියන් හිරු වගේ.+ ඔහු පලිහක් වගේ.+ඔහුට විශ්වාසවන්තව ඉන්න අයට ඔහු හැම යහපත් දෙයක්ම ලබා දෙනවා.+ යෙහෝවා ඔවුන්ට අනුමැතිය දීලා ඔවුන්ව ගෞරවයට පත් කරනවා. 12  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා,ඔබ ගැන විශ්වාසය තියන කෙනා ඉන්නේ සතුටින්.+

පාදසටහන්

හෝ, “ඔබේ ශුද්ධ කූඩාරමට අපි මොන තරම් ඇලුම් කරනවාද!”
හෝ, “බේකා පඳුරු තියෙන නිම්නය.”
හෝ සමහරවිට, “ඔවුන් කරන ප්‍රශංසාවලින් උපදේශකයා වට වෙලා ඉන්නවා.”
හෝ සමහරවිට, “අනේ දෙවියනි, අපේ පලිහ දිහා බලන්න.”