ගීතාවලිය 85:1-13

  • ආයෙත් පිළිගන්න කියලා කරන යාච්ඤාවක්

    • තමන්ගේ විශ්වාසවන්ත සෙනඟට ලැබෙන සාමය ගැන දෙවියන් කියනවා (8)

    • නොසැලෙන ආදරයයි, විශ්වාසවන්තකමයි අත්වැල් බැඳගනියි (10)

සංගීත අධ්‍යක්ෂක වෙත. කෝරාගේ පුතුන් රචනා කරපු ගීතයක්.+ 85  යෙහෝවා දෙවියනි, ඔබේ දේශයට ඔබ කරුණාව පෙන්නුවා.+වහලුන් විදිහට අරන් ගිය යාකොබ්ගේ දරුවන්ව ඔබ ආයෙත් දේශයට ගෙනාවා.+   ඔබේ සෙනඟගේ වැරදිවලට ඔබ සමාව දුන්නා.ඔවුන්ගේ හැම පාපයක්ම ඔබ මකලා දැම්මා.+ (සීලාහ්)   ඔබේ උදහස ඔබ පිට කළේ නැහැ.ඔබේ දැවෙන කෝපය ඔවුන් පිටට ගෙනාවේ නැහැ.+   අපිට ගැලවීම ලබා දෙන දෙවියනි, අපිව ආයෙත් ඔබේ සෙනඟ විදිහට පිළිගන්න.අපි ගැන තියෙන කේන්තිය ඔබේ හිතින් අයින් කරගන්න.+   ඔබ හැමදාමත් අපිත් එක්ක කේන්තියෙන් ඉන්නවාද?+ පරම්පරාවක් පරම්පරාවක් ගාණේ ඔබේ කේන්තිය අපිට විරුද්ධව ඇවිළෙයිද?   ඔබ අපිව ආයෙත් ප්‍රාණවත් කරලාඔබ ගැන සතුටු වෙන්න අපිට අවස්ථාව දෙන්නේ නැද්ද?+   අනේ යෙහෝවා, ඔබේ නොසැලෙන ආදරය අපිට පෙන්වලා+අපිට ගැලවීම ලබා දෙන්න.   සැබෑ දෙවියන් වන යෙහෝවා කියන දේට මම ඇහුම්කන් දෙනවා.විශ්වාසවන්තව ඉන්න තමන්ගේ සෙනඟට ලැබෙන්න යන සාමය ගැන දෙවියන් කියනවා.+ඒත් අතීතයේ කළා වගේ තමන් ගැනම ඕනෑවට වඩා විශ්වාස නොකර ඉන්නඔවුන් වගබලා ගන්න ඕනේ.+   ඔහු ගැන ගරුබියක් තියෙන අයට ඔහු අනිවාර්යයෙන්ම ගැලවීම ලබා දෙනවා.+ඔහු එහෙම කරන්නේ අපේ දේශය ඔහුගේ තේජසින් පිරිලා යන්නයි. 10  නොසැලෙන ආදරය සහ විශ්වාසවන්තකම අත්වැල් බැඳගන්නවා.ධර්මිෂ්ඨකම සහ සමාදානය එකිනෙකාව වැලඳගන්නවා.+ 11  විශ්වාසවන්තකම භූමියෙන් දලුලයි.ධර්මිෂ්ඨකම ස්වර්ගයේ ඉඳන් බලන් ඉඳියි.+ 12  යෙහෝවා යහපත් දේ* දීලා අපිට ආශීර්වාද කරනවා.+ඒ නිසා අපේ දේශයෙන් සම්පූර්ණ පලදාවම ලැබෙනවා.+ 13  ධර්මිෂ්ඨකම දෙවියන් ඉදිරියෙන් ගමන් කරයි.+ඔහු යන මඟ සකස් කරලා දෙයි.

පාදසටහන්

හෝ, “සමෘද්ධිය.”