ගීතාවලිය 86:1-17

  • යෙහෝවාට සමාන කිසිම දෙවි කෙනෙක් නැහැ

    • යෙහෝවා සමාව දෙන්න කැමතියි (5)

    • සියලුම ජාතීන් යෙහෝවාට නමස්කාර කරයි (9)

    • “ඔබේ මාර්ග ගැන මට උගන්වන්න” (11)

    • “මුළු හදවතින්ම ගෞරව කරන්න මට උදව් කරන්න” (11)

දාවිත්ගේ යාච්ඤාවක්. 86  අනේ යෙහෝවා, මට සවන් දීලා* මගේ යාච්ඤාවට උත්තර දෙන්න.දුක් පීඩාවන් නිසා මම අන්ත අසරණ වෙලා.+   මම ඔබට විශ්වාසවන්තව ඉන්න නිසා මගේ ජීවිතේ ආරක්ෂා කරන්න.+ මගේ දෙවියන් ඔබයි. ඔබ ගැන විශ්වාසය තියන ඔබේ සේවකයාව බේරගන්න.+   අනේ යෙහෝවා, දවස තිස්සේම මං ඔබට හඬගසනවා.+මට කරුණාවෙන් සලකන්න.+   යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයාව සතුටට පත් කරන්න.මොකද මං විශ්වාසය තියන්නේ ඔබ මතයි.*   යෙහෝවා දෙවියනි, ඔබ සමාව දෙන්න කැමති,+ යහපත් දෙවි කෙනෙක්.+ඔබේ නම කියලා අයැදින හැමෝටම ඔබ පෙන්වන නොසැලෙන ආදරේට නිමක් නැහැ!+   අනේ යෙහෝවා, මගේ යාච්ඤාවට සවන් දෙන්න.මං උදව් ඉල්ලද්දී මට ඇහුම්කන් දෙන්න.+   මගේ විපතේදී මම ඔබට හඬගසනවා.+ඔබ මට උත්තර දෙනවා කියලා මං දන්නවා.+   යෙහෝවා දෙවියනි, ඔබට සමාන වෙන කිසිම දෙවි කෙනෙක් නැහැ.+ඔබ කරලා තියෙන දේවල් වෙන කිසිම කෙනෙක් කරලත් නැහැ.+   යෙහෝවා දෙවියනි, ඔබ ජීවිතය දුන්න සියලුම ජාතීන්ඔබ ඉස්සරහට ඇවිත් වැඳ වැටෙයි.+ඔවුන් ඔබේ නම ගෞරවයට පත් කරයි.+ 10  මොකද ඔබ ශ්‍රේෂ්ඨයි. ඔබ පුදුමාකාර දේවල් කරනවා.+ඔබ හැර වෙන දෙවි කෙනෙක් නැහැ.+ 11  යෙහෝවා දෙවියනි, ඔබේ මාර්ග ගැන මට උගන්වන්න.+ ඔබ උගන්වන සත්‍ය මාර්ගයේ මම ගමන් කරන්නම්.+ ඔබේ නමට මුළු හදවතින්ම* ගෞරව කරන්න මට උදව් කරන්න.+ 12  යෙහෝවා මගේ දෙවියනි, මගේ මුළු හිතින්ම මම ඔබට ප්‍රශංසා කරනවා.+හැමදාම ඔබේ නම ගෞරවයට පත් කරනවා. 13  ඔබ මට පෙන්වන නොසැලෙන ආදරය මොන තරම්ද!ඔබ මාව මිනී වළෙන් ගලවගත්තා.+ 14  අනේ දෙවියනි, උඩඟු අය මට විරුද්ධව නැඟී ඉන්නවා.+මැර පිරිසක් මාව මරන්න හොයනවා.ඔවුන්ට ඔබ ගැන කිසි ගෞරවයක් නැහැ.*+ 15  ඒත් යෙහෝවා, ඔබ අනුකම්පාව පෙන්වන, දයාවන්ත දෙවි කෙනෙක්.ඔබ ඉක්මනින් කේන්ති ගන්නේ නැහැ.ඔබ හැම වෙලේම විශ්වාසවන්තව වැඩ කරන,*නොසැලෙන ආදරයකින් පිරුණු දෙවි කෙනෙක්.+ 16  දෙවියනි, මං දිහා බලලා මට කරුණාව පෙන්වන්න.+ ඔබේ සේවකයාට ශක්තිය ලබා දෙන්න.ඔබේ දාසියගේ පුතාව බේරගන්න.+ 17  ඔබ මට කොච්චර ආදරෙයිද කියලා මට වෛර කරන අයට පෙන්වලාඔවුන්ව ලැජ්ජාවට පත් කරන්න. යෙහෝවා දෙවියනි, මගේ උදව්වට ඉන්නෙත් මාව සනසන්නෙත් ඔබයි.

පාදසටහන්

හෝ, “පහතට නැමිලා මට ඇහුම්කන් දීලා.”
හෝ, “මගේ මුළු ජීවිතයම මං ඔබට භාර දෙනවා.”
හෝ, “නොබෙදුණු හිතකින්.”
හෝ, “ඔබ ඔවුන් ඉස්සරහා ඉන්නවා කියලා ඔවුන්ගේ මතකයෙවත් නැහැ.”
හෝ, “ඇත්ත කියන.”