ගීතාවලිය 87:1-7

  • සියොන්, සැබෑ දෙවියන්ගේ නුවර

    • සියොන්වල ඉපදුණ අය (4-6)

කෝරාගේ පුතුන් රචනා කරපු ගීයක්.+ 87  දෙවියන්ගේ නුවරේ අත්තිවාරම පිහිටලා තියෙන්නේ ශුද්ධ කඳුවලයි.+   යාකොබ්ගේ සියලුම කූඩාරම්වලට වඩායෙහෝවා සියොන් කන්දට* ප්‍රිය කරනවා.+   සැබෑ දෙවියන්ගේ නුවර ගැන පුදුමාකාර දේවල් කතා වෙනවා.+ (සීලාහ්)   මාව හඳුනන* අය අතරේ රාහබ්+ සහ බැබිලෝනිය ඉන්නවා.පිලිස්තිය, තීර් සහ කූෂ් කියන ජාතීනුත් ඒ අතරේ ඉන්නවා. “ඔවුන් සියොන්වල ඉපදුණ අය” කියලා මිනිසුන් කතා වෙනවා.   සියොන් ගැන මෙහෙමත් කතා වෙනවා. “ඒ ජාතීන්ට අයිති හැම කෙනෙක්ම ඉපදුණේ එහෙදී.” උසස්ම දෙවියන් ඒ නුවර ශක්තිමත්ව පිහිටුවනවා.   යෙහෝවා මිනිසුන්ගේ නම් එකිනෙක සටහන් කරද්දී, “මේ කෙනා ඉපදුණේ එහෙදී” කියලා කියයි. (සීලාහ්)   “හැම යහපත් දෙයක්ම මට ලැබෙන්නේ ඔබෙන්”+ කියලා ගයන අයත්+ නටන අයත්+ කියයි.

පාදසටහන්

මූ.අ., “දොරටුවලට.”
හෝ, “පිළිගන්න.”