ගීතාවලිය 88:1-18

  • මරණයෙන් බේරගන්න කියලා කරන යාච්ඤාවක්

    • “මම මිනී වළ අද්දරටම ඇවිත්” (3)

    • ‘මම හැම උදෑසනකම ඔබට යාච්ඤා කරනවා’ (13)

කෝරාගේ පුතුන් රචනා කරපු ගීතයක්.+ සංගීත අධ්‍යක්ෂක වෙත. මහලත්* ස්වරයෙන් ගායනා කරන්න. මාරුවෙන් මාරුවට ගායනා කරන්න. සේරාගෙන් පැවතෙන කෙනෙක් වුණ හේමාන්ගේ මස්කිල්.*+ 88  මට ගැලවීම දෙන යෙහෝවා දෙවියනි,+දිවා රෑ දෙකේම මම ඔබ ඉස්සරහා හඬා වැලපෙනවා.+   මගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න.+මම උදව් ඉල්ලලා හඬගසද්දී ඔබේ සවන් යොමු කරන්න.*+   මගේ ජීවිතය* දුක් කරදරවලින් පිරිලා.+මම මිනී වළ අද්දරටම ඇවිත්.+   මැරෙන්න ඔන්න මෙන්න ඉන්න කෙනෙක් විදිහටයි මාව ගණන් ගන්නේ.+මම අන්ත අසරණ තත්වයකට පත් වෙලා.*+   මිය ගිය අය අතරේ මාවත් දාලා ගිහින්.මිනී වළේ ඉන්න මැරුම් කාපු අයව අමතක වෙලා යනවා වගේ,ඔබ මාවත් අමතක කරලා.ඔබේ රැකවරණය ලබන අය අතරින් මාව අයින් කරලා.   ඔබ මාව ගැඹුරු වළකට තල්ලු කළා.ඝන අන්ධකාරයෙන් වැහිලා ගිය අගාධයකට ඇදලා දැම්මා.   ඔබට මං ගැන තියෙන කේන්තිය මට දරාගන්න බැහැ.+ඔබ එවන දරුණු රළ පහරවලට මාව යට වෙලා යනවා. (සීලාහ්)   මගේ යාළුවන්ව ඔබ මගෙන් ඈත් කළා.+ඔවුන්ට මාව පිළිකුලක් වෙන්න සැලැස්සුවා. බේරිලා යන්න බැරි තරමටම මම හිර වෙලා.   මං අද්දකින පීඩා නිසා මගේ ඇස් දුර්වල වෙලා.+ යෙහෝවා දෙවියනි, දවස තිස්සේම මම ඔබට හඬගසනවා.+මගේ අත් දෙක දිගු කරලා ඔබට යාච්ඤා කරනවා. 10  මිය ගිය අය වෙනුවෙන් ඔබ පුදුම දේවල් කරනවාද? මරණ නින්දේ ඉන්න අයට පුළුවන්ද ඔබට ප්‍රශංසා කරන්න?+ (සීලාහ්) 11  ඔබේ නොසැලෙන ආදරේ ගැන මිනී වළේදී වර්ණනා කරයිද?හැම දේම දිරාපත් වෙන තැනදී* ඔබේ විශ්වාසවන්තකම ගැන කතා කරයිද? 12  ඝන අන්ධකාරයෙන් වැහිලා ගිය තැන්වලඔබේ පුදුමාකාර ක්‍රියාවන් ගැන දැනගන්න ලැබෙයිද?මතකයෙන් ගිලිහිලා ගිය අය ඉන්න ස්ථානයේදී ඔබේ ධර්මිෂ්ඨකම ගැන කතා කරයිද?+ 13  ඒත් යෙහෝවා, මම තාමත් ඔබෙන් උදව් ඉල්ලලා හඬගසනවා.+හැම උදෑසනකම ඔබට යාච්ඤා කරනවා.+ 14  අනේ යෙහෝවා, ඇයි ඔබ මගේ යාච්ඤා අහන්නේ නැත්තේ?+ ඇයි ඔබේ මූණ මගෙන් හංගගෙන ඉන්නේ?+ 15  තරුණ කාලේ ඉඳන්ම මම ගොඩක් දුක් පීඩා අද්දකිනවා.මම මරණය අද්දරටම ඇවිත්.+ඔබ මට අද්දකින්න ඉඩහැරපු භයානක දේවල් නිසාමට කිසිම දෙයක් හැඟෙන්නේ දැනෙන්නේ නැහැ. 16  දෙවියනි, ඔබේ දැවෙන කෝපය මට දරාගන්න බැහැ.+ඔබ මං පිටට ගෙනාපු භයානක දේවලින් මම විනාශ වෙලා යනවා. 17  ඒවා මහා ජල කඳක් වගේ මාව වට කරගන්නවා.ඒවා හැම පැත්තකින්ම මාව කොටු කරගෙන මාව ගිලගන්නවා.* 18  මගේ හිතමිතුරන්ගෙනුත් අසල්වැසියන්ගෙනුත් ඔබ මාව ඈත් කළා.+දැන් මට ඉන්න එකම යාළුවා ඝන අන්ධකාරයයි.

පාදසටහන්

හෝ, “පහතට නැමිලා මට ඇහුම්කන් දෙන්න.”
හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “මම කිසිම සවිශක්තියක් නැති කෙනෙක් වගේ.”
හෝ, “අබද්දොන්වලදී.” “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ සමහරවිට, “ඒවා එකපාරටම මං දිහාවට ගහගෙන ආවා.”