ගීතාවලිය 89:1-52

  • යෙහෝවාගේ නොසැලෙන ආදරේ ගැන ගයන ගීයක්

    • දාවිත් එක්ක ඇති කරගත්ත ගිවිසුම (3)

    • දාවිත්ගේ පෙළපත හැමදාටම පවතිනවා (4)

    • දෙවියන් අභිෂේක කරපු කෙනා “මගේ තාත්තා” කියලා දෙවියන්ට කියයි (26)

    • දාවිත් එක්ක ඇති කරපු ගිවිසුම කඩ කරන්නේ නැහැ (34-37)

    • මිනී වළෙන් බේරෙන්න කිසි මිනිසෙක්ට බැහැ (48)

සේරාගෙන් පැවතෙන කෙනෙක් වුණ ඒතන් රචනා කරපු මස්කිල්.*+ 89  යෙහෝවා පෙන්වන නොසැලෙන ආදරේ ගැන මම හැමදාටම ගී ගයනවා. ඔහුගේ විශ්වාසවන්තකම ගැන මම හැම පරම්පරාවකටම කියනවා.   “ඔබේ නොසැලෙන ආදරේ සදහටම පවතිනවා.*+ඔබේ විශ්වාසවන්තකම ඔබ ස්වර්ගයේ ස්ථිරව පිහිටුවලා තියෙනවා” කියලා මම කිව්වා.   දෙවියන් මෙහෙම කිව්වා. “මං තෝරගත්ත කෙනා එක්ක මම ගිවිසුමක් ඇති කරගත්තා.+මගේ සේවක දාවිත්ට මම දිවුරලා මෙහෙම පොරොන්දු වුණා.+   ‘මම ඔබේ පෙළපත* ස්ථිරව පිහිටුවලා+ ඒක හැමදාටම පවතින්න සලස්වනවා.ඔබේ සිංහාසනය ගොඩනඟලා ඒක පරම්පරාවෙන් පරම්පරාවට පවතින්න සලස්වනවා.’”+ (සීලාහ්)   යෙහෝවා දෙවියනි, ඔබ කරන පුදුමාකාර දේවල් නිසා ස්වර්ගයත් ඔබට ප්‍රශංසා කරනවා.රැස් වෙලා ඉන්න ශුද්ධ තැනැත්තන්, ඔබේ විශ්වාසවන්තකම ගැන කියලා ඔබට ප්‍රශංසා කරනවා.   යෙහෝවාට සමාන කරන්න පුළුවන් කෙනෙක් ස්වර්ගයේ ඉන්නවාද?+ යෙහෝවාට සමාන කිසිම කෙනෙක් දෙවියන්ගේ පුතුන් අතරේ ඉන්නවාද?+   ශුද්ධ තැනැත්තන් රැස් වෙලා ඉන්න තැන දෙවියන්ට ලොකු ගෞරවයක් ලැබෙනවා.+ඔහු වටේ ඉන්න හැමෝටම වඩා ඔහු ශ්‍රේෂ්ඨයි.ඒ හැමෝටම ඔහු ගැන ලොකු ගරුබියක් ඇති වෙනවා.+   ස්වර්ගයේ සේනාවල දෙවි යෙහෝවා,ඔබ තරම් බලවත් කෙනෙක් තවත් ඉන්නවාද?+ යාහ්* දෙවියනි, ඔබ හැම අතින්ම විශ්වාසවන්තයි.+   ඔබ කැලඹුණ මුහුද පාලනය කරනවා.+ඒකේ රළ නඟිද්දී ඔබ ඒවා සන්සුන් කරනවා.+ 10  ඔබ රාහබ්ව+ පරාජය කරලා ඇයව මරලා දැම්මා.+ ඔබේ මහත් බලයෙන් සතුරන්ව විසුරුවාහැරියා.+ 11  අහසත් පොළොවත් අයිති ඔබටයි.+භූමියත් ඒකේ තියෙන දේවලුත් අයිති ඔබටයි.+ඒ හැම දෙයක්ම හැදුවේ ඔබයි. 12  උතුරත් දකුණත් පිහිටෙව්වේ ඔබයි.තාබෝර්+ සහ හෙර්මොන්+ සතුටින් ඔබේ නමට ප්‍රශංසා කරනවා. 13  ඔබේ හස්තය බලවත්.+ඔබේ දෑත් ශක්තිමත්.+ඔබේ දකුණත ඔබට ජය අත් කරලා දෙනවා.+ 14  ඔබේ සිංහාසනය ගොඩනඟලා තියෙන්නේ ධර්මිෂ්ඨකම සහ යුක්තිය මතයි.+නොසැලෙන ආදරයත් විශ්වාසවන්තකමත් ඔබට ඉස්සරහින් ගමන් කරනවා.+ 15  ප්‍රීති ඝෝෂා නඟමින් ඔබට ප්‍රශංසා කරන අය මොන තරම් සන්තෝෂවත්ද!+ යෙහෝවා දෙවියනි, ඔවුන් ඔබේ මුහුණෙන් විහිදෙන ආලෝකයේ* ගමන් කරනවා. 16  ඔබේ නම නිසා ඔවුන් දවස තිස්සේම සතුටින් ඉන්නවා.ඔබේ ධර්මිෂ්ඨකම නිසා ඔවුන් ගෞරවයට පත් වෙනවා. 17  ඔවුන්ගේ ගෞරවයත් ශක්තියත් ඔබයි.+ඔබේ අනුමැතිය තියෙන නිසා අපේ සවිය* තව තවත් වැඩි වෙනවා.+ 18  අපේ පලිහ අපිට ලැබුණේ යෙහෝවාගෙන්.අපේ රජව අපිට දුන්නේ ඊශ්‍රායෙලයේ ශුද්ධ තැනැත්තායි.+ 19  ඒ කාලේදී ඔබට විශ්වාසවන්තව ඉන්න අයට ඔබ දර්ශනයකින් මෙහෙම කිව්වා. “මම බලවත් කෙනෙක්ට ශක්තිය ලබා දුන්නා.+ජනයා අතරින් කෙනෙක්ව තෝරගෙන ඔහුව උසස් කළා.+ 20  මගේ සේවක දාවිත්ව මම තෝරගත්තා.+මගේ ශුද්ධ තෛලයෙන් ඔහුව අභිෂේක කළා.+ 21  මම මගේ බලය දීලා* ඔහුට උදව් කරනවා.+මගේ බලයෙන් ඔහුව ශක්තිමත් කරනවා. 22  කිසිම සතුරෙක් ඔහුගෙන් කප්පම් ගන්නේ නැහැ.කිසිම දුෂ්ට කෙනෙක් ඔහුට හිරිහැර කරන්නෙත් නැහැ.+ 23  මම ඔහුගේ සතුරන්ව පොඩි කරලාම දානවා.+ඔහුට වෛර කරන අයව නැත්තටම නැති කරලා දානවා.+ 24  මම ඔහුට නොසැලෙන ආදරයක් පෙන්වලාඔහුත් එක්ක විශ්වාසවන්තව වැඩ කරනවා.+මගේ නම නිසා ඔහුගේ ශක්තිය වැඩි වෙනවා. 25  මම මුහුද ඔහුගේ අතට යටත් කරලා දෙනවා.ගංගා ඔහුගේ දකුණතට භාර දෙනවා.+ 26  ‘මගේ තාත්තා ඔබයි.මගේ දෙවියනුත් මට ගැලවීම දෙන පර්වතයත් ඔබයි’ කියලා ඔහු මට කියයි.+ 27  මම ඔහුට කුලුඳුලාගේ තැන දීලා+ඔහුව පොළොවේ රජවරුන් අතරින් ශ්‍රේෂ්ඨතම රජ විදිහට පත් කරනවා.+ 28  මගේ නොසැලෙන ආදරය මම සදහටම ඔහුට පෙන්වනවා.+ඔහුත් එක්ක ඇති කරගත්ත ගිවිසුම මම කවදාවත් කඩ කරන්නේ නැහැ.+ 29  මම ඔබේ පෙළපත* ස්ථිරව පිහිටුවලා ඒක හැමදාටම පවතින්න සලස්වනවා.අහස පවතින තාක් කල් ඔහුගේ සිංහාසනය පවතිනවා.+ 30  ඔහුගේ පුතුන් මගේ නීතිය කඩලා මගේ නියෝගවලට* එකඟව වැඩ කරන්නේ නැත්නම් 31  ඔවුන් මගේ අණපනත් කඩලා මගේ ආඥා නොසලකාහරිනවා නම් 32  ඔවුන්ගේ අකීකරුකම්* නිසා මම ඔවුන්ට වේවැලෙන් දඬුවම් කරනවා.+ඔවුන් කරපු වැරදිවලට මං ඔවුන්ට පහර දෙනවා. 33  ඒත් ඔහු ගැන මට තියෙන නොසැලෙන ආදරය කවදාවත් නැති වෙන්නේ නැහැ.+ඔහුට දුන්න පොරොන්දුව මම කවදාවත් කඩ කරන්නෙත් නැහැ.* 34  මම ඔහුත් එක්ක ඇති කරගත්ත ගිවිසුම කඩ කරන්නෙවත්+මං කියපු දේවල් වෙනස් කරන්නෙවත් නැහැ.+ 35  ශුද්ධ දෙවි කෙනෙක් වන* මම ඔහුට දිවුරලා පොරොන්දුවක් වුණා.ඒ පොරොන්දුව සදහටම පවතිනවා. මම කවදාවත් දාවිත්ට බොරු කියන්නේ නැහැ.+ 36  ඔහුගේ පෙළපත සදහටම පවතියි.+ඔහුගේ සිංහාසනයත් හිරු වගේ මං ඉස්සරහා හැමදාටම තියෙයි.+ 37  සඳ විශ්වාසවන්ත සාක්ෂිකරුවෙක් වගේ හැමදාමත් අහසේ තියෙනවා.ඒ වගේ ඔහුගේ සිංහාසනයත් හැමදාටම ස්ථිරව පවතිනවා.” (සීලාහ්) 38  ඒත් ඔබ අභිෂේක කරපු තැනැත්තාව දැන් ඔබ ප්‍රතික්ෂේප කරලා!+ඔබ දැන් ඔහුත් එක්ක ඉන්නේ ලොකු කේන්තියකින්. 39  ඔබේ සේවකයා එක්ක ඇති කරගත්ත ගිවිසුම ඔබ අත්හැරියා.ඔබ ඔහුගේ ඔටුන්න බිමට වීසි කරලා ඔහුව නින්දාවට පත් කළා. 40  ඔබ ඔහුගේ ගල් පවුරු කඩලා දැම්මා.ඔහුගේ බලකොටු සුනුවිසුනු කරලා දැම්මා. 41  එතනින් යන එන හැමෝම ඔහුට අයිති දේවල් කොල්ල කෑවා.ඔහුගේ අසල්වැසියන් දැන් ඔහුට නින්දා කරනවා.+ 42  ඔහුගේ සතුරන්ට ඔබ ජය අත් කරලා දුන්නා.*+ඒ හැමෝටම ඔබ සතුටු වෙන්න ඉඩහැරියා. 43  ඔහු කඩුවෙන් පහර දුන්නත් ඔබ ඔහුව පන්නලා දැම්මා.යුද්ධයෙන් ජය ගන්න ඔබ ඔහුට ඉඩ දුන්නේ නැහැ. 44  ඔබ ඔහුගේ තේජස නැති කරලා ඔහුගේ සිංහාසනය බිමට ඇදලා දැම්මා. 45  ඔහුගේ යෞවන කාලය කෙටි කරලා ලැජ්ජාව කියන ඇඳුම ඔහුට ඇන්දුවා. (සීලාහ්) 46  අනේ යෙහෝවා, ඔබ තව කොච්චර කාලයක් අපෙන් ඈත් වෙලා ඉන්නවාද?ඔබ සදහටම එහෙම ඉන්නවාද?+ ඔබේ කේන්තිය හැමදාමත් ගින්නක් වගේ අපිට විරුද්ධව ඇවිළෙයිද? 47  මගේ ආයු කාලය කොච්චර කෙටිද කියලා සිහි කරන්න.+ ඔබ මිනිසුන්ව හැදුවේ කිසිම අරමුණක් නැතුවද? 48  මරණය අද්දකින්නේ නැති මිනිසෙක් ඉන්නවාද?+ කිසිම මිනිසෙක්ට පුළුවන්ද මිනී වළෙන් බේරෙන්න? (සීලාහ්) 49  අනේ යෙහෝවා, කලින් වගේ දැන්ඔබේ නොසැලෙන ආදරය අපිට පෙන්වන්නේ නැත්තේ ඇයි?විශ්වාසවන්ත කෙනෙක් වන ඔබ,අපිට ආදරේ කරනවා කියලා දාවිත්ට දිවුරලා පොරොන්දු වුණා නේද?+ 50  යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයන් අද්දකින නින්දාව සිහි කරන්න.හැමෝම කරන නින්දා අපහාස මම දරාගෙන ඉන්නවා කියලත් සිහි කරන්න. 51  අනේ යෙහෝවා, ඔබේ සතුරන් දිගින් දිගටම මට නින්දා කරනවා.ඔබ අභිෂේක කරපු තැනැත්තා කරන හැම දෙයක්ම ඔවුන් අපහාසයට ලක් කරනවා.ඒක අමතක කරන්න එපා දෙවියනි. 52  සදාකාලයෙන් සදාකාලයටම යෙහෝවාට ප්‍රශංසාව ලැබේවා! ආමෙන්! ආමෙන්!*+

පාදසටහන්

මූ.අ., “හැමදාටම පවතින විදිහට ගොඩනඟනවා.”
හෝ, “ඔබෙන් පැවතෙන අයව.”
“යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
හෝ, “ඔබේ අනුමැතිය ඇතුව.”
මූ.අ., “අඟ.”
මූ.අ., “අතින්.”
මූ.අ., “ඔබෙන් පැවතෙන අයව.”
හෝ, “තීන්දුවලට.”
හෝ, “ඔවුන් කැරලිගහන.”
හෝ, “හැමදාමත් ඔහුට විශ්වාසවන්තව ඉන්නවා.”
මූ.අ., “මගේ ශුද්ධකම පදනම් කරගෙන.”
මූ.අ., “සතුරන්ගේ දකුණත ඉහළට එසෙව්වා.”
හෝ, “එසේම වේවා! එසේම වේවා!”