ගීතාවලිය 9:1-20

  • දෙවියන්ගේ පුදුම ක්‍රියා ගැන දැනුම් දෙනවා

    • යෙහෝවා රැකවරණය ලබා දෙන බලකොටුවක් (9)

    • දෙවියන්ගේ නම ගැන දන්නවා කියන්නේ ඔහුව විශ්වාස කරන එකයි (10)

සංගීත අධ්‍යක්ෂක වෙත. මත්ලාබන්.* දාවිත් රචනා කරපු ගීයක්. א [ආලෙෆ්] 9  යෙහෝවා දෙවියනි, මගේ මුළු හදවතින්ම මම ඔබට ප්‍රශංසා කරනවා.ඔබ කරපු හැම පුදුම ක්‍රියාවක් ගැනම මම දැනුම් දෙනවා.+   මම ඔබ නිසා සන්තෝෂයෙන් ඉන්නවා. සතුටින් ඉපිල යනවා.උසස්ම දෙවියනි, මම ඔබේ නමට ප්‍රශංසා ගී ගයනවා.*+ ב [බේත්]   මගේ සතුරන් පලා යද්දී+ඔබ ඔවුන්ට පීඩා කරලා ඔවුන්ව විනාශ කරලා දානවා.   මොකද මම නිර්දෝෂයි කියලා ඔබ දන්නවා.ඔබ මගේ නඩුව විසඳලා මට යුක්තිය ඉටු කරලා දෙනවා.ඔබේ සිංහාසනයේ ඉඳන් ඔබ ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරනවා.+ ג [ගීමෙල්]   ඔබ ජාතීන්ට තදින්ම තරවටු කළා.+දුෂ්ටයන්ව විනාශ කරලා ඔවුන්ගේ නම් සදහටම මකලා දැම්මා.   ඔබ සතුරාව නැත්තටම නැති කළා.ඔවුන්ගේ නුවරවල් නැති නාස්ති කළා.ආයේ කවදාවත් ඔවුන් ගැන අහන්නවත් ලැබෙන්නේ නැහැ.+ ה [හේ]   ඒත් යෙහෝවා දෙවියන් සදහටම රජකම් කරයි.+හැමදාටම යුක්තිය ඉටු කරන අරමුණින්ඔහු තමන්ගේ සිංහාසනය ස්ථිරව පිහිටුවයි.+   පොළොවේ වැසියන්ව ඔහු ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරයි.+ජාතීන් වෙනුවෙන් ඔහු සාධාරණ තීන්දු දෙයි.+ ו [වාව්]   යෙහෝවා තැළිලා පොඩි වෙලා ඉන්න අයට රැකවරණය ලබා දෙන බලකොටුවක්.*+විපත්ති කාලයේදී සුරක්ෂිත ස්ථානයක්.+ 10  ඔබේ නම ගැන හොඳින්ම දන්න අය ඔබව විශ්වාස කරනවා.+යෙහෝවා දෙවියනි, ඔබව හොයාගෙන එන අයව ඔබ කවදාවත් අත්හරින්නේ නැහැ.+ ז [ෂායින්] 11  සියොන්වල වාසය කරන යෙහෝවාට ප්‍රශංසා ගී ගයන්න.ඔහු කරන දේවල් ගැන හැමෝටම දන්වන්න.+ 12  ඔහු ලේ හලපු අයව විනාශ කරලා පීඩාවට පත් වුණ අයට යුක්තිය ඉටු කරනවා.+අසරණයන්ගේ අයැදීම් ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ.+ ח [හෙත්] 13  අනේ යෙහෝවා, මට අනුකම්පා කරන්න.මට වෛර කරන අය මට කරන හිංසා දිහා බලන්න.මිනී වළේ දොරටු ළඟින් මාව ඇදලා මාව බේරගන්න.+ 14  එතකොට සියොන් දියණියගේ දොරටු ළඟදී+ඔබ කරපු පුදුමාකාර දේවල් ගැන හැමෝටම කියන්නත්ඔබ දෙන ගැලවීම ගැන සතුටු වෙන්නත් මට පුළුවන්.+ ט [ටේත්] 15  ජාතීන් තමන් කපපු වළේම වැටිලා.ඔවුන්ගේ කකුල් ඔවුන් එළපු දැලේම පැටලිලා.+ 16  යෙහෝවා දෙන තීන්දුවලින්ඔහු මොන වගේ කෙනෙක්ද කියලා පැහැදිලි වෙනවා.+ දුෂ්ටයන් තමන් අටවන උගුල්වලටම අහු වෙනවා.+ හිගෙයීයන්.* (සීලාහ්) י [යෝද්] 17  දුෂ්ටයන් දෙවියන් ඉස්සරහින් පලා යයි.දෙවියන්ව අමතක කරන ජාතීන්ට මිනී වළටම දුවන්න වෙයි. 18  දෙවියන් අසරණයන්ව අමතක කරන්නේ නැහැ.+නිහතමානී අයගේ බලාපොරොත්තුව කවදා හරි දවසක ඉටු වෙනවා.+ כ [කෆ්] 19  අනේ යෙහෝවා, නැඟිට පියවර ගන්න.ජාතීන්ව විනිශ්චය කරලා ඔවුන්ට දඬුවම් කරන්න.+ දූවිල්ලට හැරිලා යන මිනිසාට ජය ගන්න දෙන්න එපා. 20  යෙහෝවා දෙවියනි, ඔවුන්ගේ හිත්වල බයක් ඇති කරන්න.+ඔවුන් නිකම්ම නිකම් දූවිලි කියලා ජාතීන්ට තේරුම්ගන්න සලස්වන්න. (සීලාහ්)

පාදසටහන්

හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරනවා.”
හෝ, “ආරක්ෂාව ලබා දෙන උස් ස්ථානයක්.”