ගීතාවලිය 90:1-17
සැබෑ දෙවියන්ගේ සේවකයෙක් වන මෝසෙස්ගේ යාච්ඤාවක්.+
90 යෙහෝවා දෙවියනි, ඈත අතීතයේ ඉඳන්ම අපේ නිවහන* ඔබයි.+
2 කඳු බිහි වෙන්නත් කලින්,පොළොව සහ ඒකේ තියෙන හැම දේම හදන්නත් කලින්*+ ඔබ හිටියා.පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැති දෙවියන් ඔබයි.*+
3 ඔබ මිනිසාව ආයෙත් දූවිල්ලට හරවනවා.“මිනිසුනි, ආයෙත් දූවිල්ලට හැරිලා යන්න” කියලා ඔබ කියනවා.+
4 අවුරුදු දහසක් ගත වුණත් ඔබට ඒක ගෙවී ගිය එක දවසක්* වගේ.+ඔබට ඒක රාත්‍රියේ ගෙවී ගිය එක රැකවල් යාමයක්* වගේ.
5 එක මොහොතකින් ඔබ ඔවුන්ව නැති කරලා දානවා.+ඔවුන්ගේ ජීවිතේ හරියට කෙටි නින්දක් වගේ.ඔවුන් උදෑසන පිබිදෙන තණකොළ වගේ.+
6 උදෑසන ඒවා දලු දාලා හොඳින් වැඩෙනවා.ඒත් හවස් වෙද්දී ඒවා පර වෙලා වේළිලා යනවා.+
7 ඔබේ කේන්තිය නිසා අපි විනාශ වෙලා යනවා.+ඔබේ දැවෙන කෝපය දැක්කාම අපි බයෙන් වෙවුලනවා.
8 ඔබ අපේ වැරදි ගැන හොඳින්ම දන්නවා.*+ඔබේ මුහුණෙන් නික්මෙන ආලෝකය නිසා අපේ හැම රහසක්ම හෙළි වෙනවා.+
9 ඔබ අපිත් එක්ක කේන්තියෙන් ඉන්න නිසා අපේ ජීවිතේ දවස් ටිකෙන් ටික ගෙවිලා යනවා.හුස්මක්* වගේ අපේ ජීවිතේ ඉක්මනින්ම අවසන් වෙනවා.
10 සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන්නේ අවුරුදු 70යි.හොඳට සවිශක්තිය තියෙන කෙනෙක් අවුරුදු 80ක් ජීවත් වෙයි.+
ඒත් ඒ ටික කාලෙත් දුක් කරදරවලින් පිරිලා.අපේ ජීවිතේ දවස් වේගයෙන් ගෙවිලා යනවා.අපේ ජීවිත ඉක්මනින්ම නැති වෙලා යනවා.+
11 ඔබේ කෝපය මොන තරම් බලගතුද කියලා තේරුම්ගන්න පුළුවන් කාටද?
ඔබේ උදහස හිතාගන්න බැරි තරම් බලවත්.අපි ඔබට පෙන්විය යුතු ගරුබියත් ඒ තරම්ම ප්‍රබල වෙන්න ඕනේ.+
12 අපේ ජීවිතයේ හැම දවසක්ම අර්ථවත් විදිහට ගත කරන්න* අපිට උගන්වන්න.+එතකොට නැණවත් හිතක් ඇති කරගන්න අපිට පුළුවන් වෙයි.
13 අනේ යෙහෝවා, ආයෙත් ඔබේ කරුණාව අපිට පෙන්වන්න.+ඔබේ සේවකයන්ට අනුකම්පා කරන්න.+
තව කොච්චර කාලයක් ඔබ අපෙන් ඈත් වෙලා ඉන්නවාද?+
14 උදෑසනින්ම ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා අපිව සතුටට පත් කරන්න.+එතකොට ප්‍රීති ඝෝෂා නඟමින් ජීවිත කාලේ පුරාම අපිට සතුටින් ඉන්න පුළුවන්.+
15 ඔබ අපිට දුක් පීඩා විඳින්න ඉඩහැරපු තරමටම අපේ හිත් සතුටින් පුරවන්න.+අපි දුක් විඳපු අවුරුදු ගාණට හරියන්න අපිව සතුටට පත් කරන්න.+
16 ඔබ කරන යහපත් දේවල් ඔබේ සේවකයන්ට දකින්න සලස්වන්න.ඔබේ මහත් බලය දකින්න ඔවුන්ගේ දරුවන්ටත් අවස්ථාව දෙන්න.+
17 යෙහෝවා අපේ දෙවියනි, ඔබේ කරුණාව අපිට පෙන්වන්න.අපේ දෑතේ වැඩවලට ආශීර්වාද කරන්න.
අපි කරන හැම දේකටම ඔබේ ආශීර්වාදය ලැබේවා!+
පාදසටහන්
^ හෝ සමහරවිට, “බලකොටුව.”
^ හෝ, “ප්‍රසව වේදනාවකින් දරුවෙක් බිහි කරනවා වගේ හැම දේම හදන්න කලින්.”
^ මූ.අ., “සදාකාලයෙන් සදාකාලයටම දෙවියන් ඔබයි.”
^ මූ.අ., “ගෙවිලා ගිය ඊයේ දවස.”
^ එක රැකවල් යාමයකට පැය හතරක වගේ කාලයක් ඇතුළත්.
^ මූ.අ., “ඔබ අපේ වැරදි ඔබ ඉස්සරහා තියාගන්නවා.”
^ හෝ, “සුසුමක්.”
^ මූ.අ., “දවස් ගණන් කරන්න.”