ගීතාවලිය 91:1-16

  • දෙවියන්ගේ රහස් ස්ථානයේදී ලැබෙන රැකවරණය

    • කුරුලු දඩයක්කරුගෙන් බේරගනියි (3)

    • දෙවියන්ගේ පියාපත් සෙවණේ රැකවරණය ලබාගනියි (4)

    • දහසක් ඇද වැටුණත් ඔබට අනතුරක් නැහැ (7)

    • ආරක්ෂා කරන්න කියලා දෙවියන් ඔහුගේ දූතයන්ට අණ දෙයි (11)

91  උසස්ම දෙවියන්ගේ රහස් ස්ථානයේ ඉන්න කෙනාට+සියලු බලැති තැනැත්තාගේ සෙවණේ රැකවරණය ලැබෙනවා.+   මම යෙහෝවාට මෙහෙම කියනවා.“මගේ රැකවරණයත් මගේ බලකොටුවත් ඔබයි.+මං විශ්වාස කරන මගේ දෙවියනුත් ඔබයි.”+   ඔහු ඔබව කුරුලු දඩයක්කරුගේ දැලෙන් බේරගන්නවා.මාරාන්තික වසංගතයෙන් ඔබව ගලවගන්නවා.   ඔහුගේ පියාපත්වලින් ඔහු ඔබව වසාගන්නවා.*ඔබ ඔහු ළඟට ගිහින් ඔහුගේ පියාපත් සෙවණේ රැකවරණය ලබාගන්නවා.+ ඔහුගේ විශ්වාසවන්තකම+ ඔබට විශාල පලිහක්+ සහසුරක්ෂිත පවුරක්* වගේ වෙනවා.   රාත්‍රියේ සිද්ධ වෙන කිසිම භයානක දේකටවත්+දවාලේ විදින ඊගසටවත් ඔබ බය වෙන්නේ නැහැ.+   ගන අඳුරේ පැතිරිලා යන වසංගතය නිසාවත්මහ දවාලේ හැම දෙයක්ම නැති නාස්ති කරන විනාශය නිසාවත්ඔබට බයක් දැනෙන්නේ නැහැ.   දහසක් ඔබ ළඟ ඇද වැටෙයි.දසදහසක් ඔබේ දකුණු පැත්තේ වැටෙයි.ඒත් ඔබට නම් ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ.+   දුෂ්ටයන් ඔබේ ඇස් පනාපිටම දඬුවම් ලබද්දීඔබට තියෙන්නේ ඒ දිහා බලන් ඉන්න විතරයි.   මොකද ඔබ “යෙහෝවා දෙවියන් මගේ රැකවරණය” කියලා කිව්වා. එහෙම කියලා උසස්ම දෙවියන්ව ඔබේ වාසස්ථානය* කරගත්තා.+ 10  කිසි විපතක් ඔබ පිටට එන්නේ නැහැ.+කිසි පීඩාවක් ඔබේ කූඩාරම ළඟටවත් එන්නේ නැහැ. 11  මොකද දෙවියන් ඔහුගේ දූතයන්ට+ ඔබට උදව් කරන්න කියලා අණක් දෙයි.ඔබ තියන හැම පියවරකදීම ඔබව ආරක්ෂා කරන්න කියලා ඔහු ඔවුන්ට කියයි.+ 12  ඔවුන් කිසිම අවස්ථාවක ඔබේ පය ගලක වදින්න දෙන්නේ නැතුව+ඔවුන්ගේ අත්වලින් ඔබව උසුලන් යයි.+ 13  ඔබ තරුණ සිංහයාවත් නාගයාවත් පාගලා දානවා.කේශර සිංහයාවත් විශාල සර්පයාවත් ඔබේ කකුලෙන් පොඩි කරලා දානවා.+ 14  දෙවියන් මෙහෙම කිව්වා. “ඔහු මට හුඟක් ආදරේ* නිසා මං ඔහුව බේරගන්නවා.+ ඔහු මගේ නම ගැන හොඳින් දන්න* නිසා මං ඔහුව ආරක්ෂා කරනවා.+ 15  ඔහු මට හඬගසයි. මමත් ඔහුට උත්තර දෙනවා.+ විපත්ති කාලයේදී මම ඔහුත් එක්කම ඉන්නවා.+ ඔහුව බේරගෙන ඔහුව ගෞරවයට පත් කරනවා. 16  මම ඔහුගේ ආයු කාලය වැඩි කරලා ඔහුට ආශීර්වාද කරනවා.+මං ඔහුව ගලවන විදිහ ඔහුට දකින්න සලස්වනවා.”+

පාදසටහන්

හෝ, “ඔබට ළං වෙන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ.”
හෝ, “බැම්මක්.”
හෝ සමහරවිට, “බලකොටුව; ආරක්ෂිත ස්ථානය.”
මූ.අ., “මට එකතු වුණ.”
හෝ, “පිළිගන්න.”