ගීතාවලිය 92:1-15

  • හැමදාමත් ශ්‍රේෂ්ඨතම කෙනා යෙහෝවායි

    • ඔහුගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා සහ ගැඹුරු සිතුවිලි (5)

    • ‘ධර්මිෂ්ඨයන් ගහක් වගේ සරුවට වැඩෙයි’ (12)

    • මහලු අය දිගටම සරුවට වැඩෙයි (14)

සබත් දවසේදී ගායනා කරන ගීතිකාවක්. 92  යෙහෝවාට ස්තුති කරන එක මොන තරම් යහපත් දෙයක්ද!+උසස්ම දෙවියනි, ඔබේ නමට ප්‍රශංසා ගී ගයන එක* කොයි තරම් වටිනවාද!   උදෑසනින්ම ඔබේ නොසැලෙන ආදරය ගැනත්+හැම රාත්‍රියකම ඔබේ විශ්වාසවන්තකම ගැනත් කතා කරන එක මොන තරම් අගනා දෙයක්ද!   කුඩා වීණාවත් විශාල වීණාවත්* වයමින් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.වීණාවේ මිහිරි නාදය මුසු කරමින් ඔහුට ස්තුති දෙන්න.+   යෙහෝවා දෙවියනි, ඔබ පුදුම දේවල් කරලා මාව සතුටට පත් කළා.ඔබේ මහත් බලයෙන් ඔබ කරපු දේවල් නිසා මම ප්‍රීති ඝෝෂා නඟනවා.   යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා මොන තරම් ශ්‍රේෂ්ඨද!+ ඔබේ සිතුවිලි කොයි තරම් ගැඹුරුද!+   අඥාන කෙනෙක්ට ඒ දේවල් කවදාවත් අවබෝධ කරගන්න බැහැ.අනුවණ කෙනෙක්ට මේ දේ තේරුම්ගන්නත් බැහැ.+   දුෂ්ටයෝ තණකොළ* වගේ වර්ධනය වෙනවා.වැරදි දේවල් කරන අය සශ්‍රීකව වැඩෙනවා.ඒත් අන්තිමේදී ඔවුන් සදහටම විනාශ වෙලා යනවා.+   යෙහෝවා දෙවියනි, අනිත් හැමෝටම වඩා උසස් ඔබයි.හැමදාමත් ශ්‍රේෂ්ඨතම කෙනා ඔබයි.   යෙහෝවා, ඔබේ සතුරන් දිහා බලන්න.ඔවුන් අනිවාර්යයෙන්ම විනාශ වෙලා යනවා.වැරදි දේවල් කරන හැමෝවම සීසීකඩ යවනවා.+ 10  ඒත් ඔබ, මාව කුළු හරකෙක් වගේ තව තවත් ශක්තිමත් කරනවා.*මම නැවුම් තෙල් මගේ ඇඟ පුරාම ආලේප කරගන්නවා.+ 11  මගේ සතුරන් වැටිලා යද්දී මම ඒ දිහා සතුටින් බලාගෙන ඉන්නවා.+මට පහර දෙන දුෂ්ටයන්ගේ පරාජය ගැන මට දැනගන්න ලැබෙනවා. 12  ධර්මිෂ්ඨයන් තාල වර්ගයේ ගහක් වගේ සරුවට වැඩෙනවා.ලෙබනොන්වල දේවදාර ගහක් වගේ උසට වැඩෙනවා.+ 13  ඔවුන් හරියට යෙහෝවාගේ ගෘහයේ හිටවපු ගස් වගෙයි.අපේ දෙවියන්ගේ මළුවේ ඔවුන් සශ්‍රීකව වැඩෙනවා.+ 14  මහලු වයසේදීත් ඔවුන් සරුවට වැඩෙනවා.+ඔවුන් හැමදාමත් ප්‍රාණවත්ව, ශක්තිමත්ව ඉන්නවා.+ 15  යෙහෝවා ධර්මිෂ්ඨ දෙවි කෙනෙක් කියලා ඔවුන් හැමෝටම දැනුම් දෙනවා. දෙවියන් මගේ පර්වතයයි.+ ඔහු කවදාවත් කිසිම වැරදි දෙයක්* කරන්නේ නැහැ.

පාදසටහන්

හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරන එක.”
මූ.අ., “තත් දසයේ සංගීත භාණ්ඩයත්.”
හෝ, “වල් පැළෑටි.”
මූ.අ., “මගේ අඟ උසස් කරනවා.”
හෝ, “අධර්මිෂ්ඨකමක්.”