ගීතාවලිය 93:1-5

  • බලයෙන් උසස් යෙහෝවාගේ පාලනය

    • “යෙහෝවා දෙවියන් රජ වෙලා!” (1)

    • “ඔබේ සිහිගැන්වීම් හුඟක් විශ්වාසවන්තයි” (5)

93  යෙහෝවා දෙවියන් රජ වෙලා!+ ඔහු තේජසින් සැරසිලා.යෙහෝවා බලය පැලඳගෙන ඉන්නවා.ඔහු ඒක ඉණපටියක් වගේ බැඳගෙන ඉන්නවා. පොළොව කවදාවත් සොලවන්න බැරි වෙන්න,*ස්ථිරව පිහිටුවලා තියෙනවා.   ඔබේ සිංහාසනය ඈත අතීතයේ ඉඳන්ම ස්ථිරව පිහිටුවලා තියෙනවා.+ඔබ හැමදාමත් ඉඳලා තියෙනවා.+   යෙහෝවා දෙවියනි, ගංගාවෝ පිටාර ගැලුවා.ගංගා පිටාර ගලලා ඝෝෂා නැඟුවා.ගංගාවෝ දිගින් දිගටම පිටාර ගලලා, මහත් ඝෝෂාවක් නඟනවා.   විශාල ජල දහරාවන්ගේ ඝෝෂාවටත්සයුරේ මහ රැලිවලටත් වඩා+ස්වර්ගයේ ඉන්න යෙහෝවා දෙවියන් ගොඩක් බලවත්.+   යෙහෝවා, ඔබේ සිහිගැන්වීම් හුඟක් විශ්වාසවන්තයි.+ ඔබේ ගෘහය සදහටම ශුද්ධයි.*+ ඒ නිසා ඒක අලංකාරයෙන් බැබළෙනවා.

පාදසටහන්

හෝ, “කඩන් වැටෙන්නේ නැති වෙන්න.”
හෝ, “ඔබේ ගෘහය ශුද්ධව තිබීම සුදුසුයි.”