ගීතාවලිය 94:1-23
94 දුෂ්ටයන්ට දඬුවම් කරන යෙහෝවා දෙවියනි,+යුක්තිය ඉටු කරන දෙවියනි, ඔබේ බලයත් තේජසත් පේන්න සලස්වන්න.
2 පොළොව විනිශ්චය කරන තැනැත්තාණෙනි, නැඟී ඉඳලා+
උඩඟු අයට ලැබෙන්න ඕනෙ දඬුවම දෙන්න.+
3 අනේ යෙහෝවා, තව කොච්චර කාලයක් දුෂ්ටයන් සතුටු වෙයිද?ඔවුන් හැමදාමත් මේ විදිහට සතුටින් ඉඳියිද?+
4 ඔවුන් අහංකාර විදිහට තොරතෝංචියක් නැතුව දොඩවනවා.දුෂ්ට වැඩ කරන හැමෝම තමන් ගැනම මහ ඉහළින් කතා කරනවා.
5 අනේ යෙහෝවා, ඔවුන් ඔබේ සෙනඟව තළලා පොඩි කරලා දානවා.+ඔබේ උරුමය වන ඔවුන්ට හිරිහැර කරනවා.
6 වැන්දඹුවන්වත් විදේශිකයන්වත් ඔවුන් මරලා දානවා.පියා නැති දරුවන්වත් විනාශ කරලා දානවා.
7 “යාහ්ට* අපි කරන දේවල් පේන්නේ නැහැ.+යාකොබ්ගේ දෙවියන්ට මේ දේවල් ගැන කිසි ගාණක් නැහැ”+ කියලා ඔවුන් කියනවා.
8 දැනුම් තේරුම් නැති තැනැත්තෙනි, මේ දේ තේරුම්ගන්න.අඥානයෙනි, කවදාද ඔබ මේ දේ අවබෝධ කරගන්නේ?+
9 කන හදපු කෙනාට ඇහෙන්නේ නැහැ කියලා හිතුවාද?
ඇහැ හදපු කෙනාට පේන්නේ නැහැ කියලා හිතුවාද?+
10 ජාතීන්ව නිවැරදි කරන තැනැත්තාටඔබවත් හික්මවන්න* බැහැ කියලා හිතනවාද?+
මිනිසුන්ට දැනුම ලබා දෙන්නේ ඔහුයි.+
11 මිනිසුන්ගේ සිතුවිලි ගැන යෙහෝවා හොඳින්ම දන්නවා.ඒවා නිකම්ම නිකම් හුස්මක් වගේ කියලත් ඔහු දන්නවා.+
12 යාහ් දෙවියනි, ඔබෙන් හික්මවීම් ලබන තැනැත්තා සන්තෝෂවත්.+ඔබේ නීතිය ගැන ඔබෙන් ඉගෙනගන්න කෙනා ඉන්නේ සතුටින්.+
13 විපත්ති දවස්වලදීත් සන්සුන්ව ඉන්න ඔබ ඔහුට උගන්වනවා.දුෂ්ටයන්ව ඇදලා දාන්න වළක් හාරන කල් ඔබ එහෙම කරනවා.+
14 යෙහෝවා ඔහුගේ සෙනඟව කවදාවත් අත්හරින්නේ නැහැ.+ඔහුගේ උරුමය වන ඔවුන්ව ඉවත දාන්නේ නැහැ.+
15 ධර්මිෂ්ඨව විනිශ්චය කරන කාලයක් ආයෙත් එනවා.අවංක සිත් තියෙන හැමෝම ඒ විනිශ්චයන්වලට එකඟව ජීවත් වෙනවා.
16 මං වෙනුවෙන් දුෂ්ටයන් එක්ක සටන් කරන්නේ කවුද?
නපුරු දේවල් කරන අයට විරුද්ධව නැඟී ඉන්න මට උදව් කරන්නේ කවුද?
17 යෙහෝවා මට උදව් කළේ නැත්නම්මේ වෙනකොටත් මගේ ජීවිතේ නැති වෙලා.*+
18 “මගේ පය ලිස්සන්නයි යන්නේ” කියලා මං ඔබට කිව්වාම
යෙහෝවා දෙවියනි, ඔබේ නොසැලෙන ආදරය නිසා ඔබ මට වැටෙන්න දුන්නේ නැහැ.+
19 සිත්තැවුලෙන් මං යටපත් වෙලා ඉද්දී*ඔබ මාව සනසලා මගේ හිත සන්සුන් කළා.+
20 දුෂ්ට අරමුණකින් නීති පනවන දූෂිත පාලකයන්* එක්කඔබ කොහොමටවත් මිත්රත්වයක් ඇති කරගන්නේ නැහැ.+
21 ඔවුන් ධර්මිෂ්ඨ අයට හරිම කුරිරු විදිහට පහර දෙනවා.+නිර්දෝෂ අයට මරණ දඬුවම නියම කරනවා.*+
22 ඒත් මගේ දෙවි යෙහෝවාමට රැකවරණය ලබා දෙන බලකොටුවක්.*ආරක්ෂාව දෙන පර්වතයක්.+
23 ඔවුන් කරන දුෂ්ටකම් ඔහු ඔවුන් පිටටම එන්න සලස්වනවා.+ඔවුන් අනිත් අයට කරන්න හදපු නපුරුකම්
ඔවුන් පිටටම ගෙනත් ඔවුන්ව විනාශ කරනවා.*
අපේ දෙවි යෙහෝවා අනිවාර්යයෙන්ම ඔවුන්ව විනාශ කරනවා.+
පාදසටහන්
^ “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
^ මූ.අ., “ඔබටත් අවවාද කරන්න.”
^ මූ.අ., “මං නිහඬ වෙලා.”
^ හෝ, “නොසන්සුන් කරවන සිතුවිලිවලින් මගේ හිත පිරිලා තියෙද්දී.”
^ මූ.අ., “සිංහාසනය.” හෝ, “විනිශ්චයකරුවන්.”
^ හෝ, “නිර්දෝෂ කෙනා දුෂ්ටයෙක් කියලා තීන්දු කරනවා.”
^ හෝ, “ආරක්ෂාව ලබා දෙන උස් ස්ථානයක්.”
^ මූ.අ., “නිහඬ කරනවා.”