ගීතාවලිය 95:1-11

  • සැබෑ නමස්කාරය සහ කීකරුකම

    • ‘ඔහු කිව්ව දේට ඔබ අද සවන් දෙනවා නම්’ (7)

    • “ඔබේ හිත් දැඩි කරගන්න එපා” (8)

    • “මං වගේ විවේක ගන්න ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ” (11)

95  එන්න, අපි යෙහෝවා ඉස්සරහට ගිහින් ප්‍රීති ඝෝෂා නඟමු! අපිට ගැලවීම ලබා දෙන පර්වතයට ජය නාද නඟමු!+   ඔහුට ස්තුති ප්‍රශංසා කරමු.+ගී ගයමින් ඔහුට ජය නාද නඟමු.   මොකද යෙහෝවා උතුම් දෙවි කෙනෙක්.අනිත් හැම දෙවි කෙනෙක්ටම වඩා ඔහු ශ්‍රේෂ්ඨ රජෙක්.+   පොළොවේ ගැඹුරුම තැන් තියෙන්නේ දෙවියන්ගේ අතේ.කඳු මුඳුන් අයිති ඔහුටයි.+   ඔහු නිර්මාණය කරපු මහ සයුර අයිතිත් ඔහුටමයි.+දෙවියන් භූමිය හැදුවේ ඔහුගෙම දෑතින්.+   එන්න, අපි ඔහු ළඟට ගිහින් වැඳ වැටිලා නමස්කාර කරමු.අපේ නිර්මාතෘ වන යෙහෝවා ඉස්සරහා දණ නමමු.+   මොකද අපේ දෙවියන් ඔහුයි.අපි ඔහුගේ සෙනඟයි.ඔහුගේ තණබිමේ ඉන්න බැටළුවන් වගේ ඔහු අපිව රැකබලා ගන්නවා.+ අනේ, ඔහු කිව්ව මේ දේට ඔබ අද සවන් දෙනවා නම්!+   “ඔබේ මුතුන්මිත්තන් මෙරිබාවලදී* කළා වගේ ඔබේ හිත් දැඩි කරගන්න එපා.+එදා පාළුකරයේ මස්සාහ්වලදී* ඔවුන් කරපු දේ කරන්න එපා.+   මං කරපු දේවල් දැකලත් එදා ඔවුන් මාව සැක කළා.+මං ඔවුන්ව බලාගනියිද කියලා පරීක්ෂා කරලා බැලුවා.*+ 10  අවුරුදු 40ක් පුරාම මට ඒ පරම්පරාව ගැන තිබුණේ ලොකු පිළිකුලක්! ‘මේ සෙනඟ හැම තිස්සේම මුරණ්ඩු විදිහට තමන්ට හිතෙන හිතෙන දේ කරනවා.ඔවුන් මං කියන දේවල වටිනාකම තේරුම් අරන් නැහැ’* කියලා මං ඔවුන් ගැන කිව්වා. 11  ඒ නිසා මං කේන්තියෙන් දිවුරලා මෙහෙම කිව්වා. ‘මං වගේ විවේක ගන්න ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ.’”+

පාදසටහන්

තේරුම, “රණ්ඩුව.”
තේරුම, “පරීක්ෂා කිරීම.”
හෝ, “මං ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියලා පරීක්ෂා කළා.”
මූ.අ., “ඔවුන් මගේ මාර්ග අවබෝධ කරගෙන නැහැ.”