ගීතාවලිය 96:1-13

  • ‘යෙහෝවාට අලුත් ගීයක් ගයන්න’

    • හැම ප්‍රශංසාවක්ම ලබන්න වටින්නේ යෙහෝවායි (4)

    • මිනිසුන් නමස්කාර කරන්නේ කිසි වැඩකට නැති දෙවිවරුන්ට (5)

    • ශුද්ධ ඇඳුම්වලින් සැරසිලා නමස්කාර කරන්න (9)

96  යෙහෝවා දෙවියන්ට අලුත් ගීයක් ගයන්න.+ පොළොවේ ඉන්න සියල්ලෙනි, යෙහෝවාට ගී ගයන්න.+   යෙහෝවාට ගී ගයන්න. ඔහුගේ නමට ප්‍රශංසා කරන්න. ඔහු දෙන ගැලවීම ගැන ශුභාරංචිය හැම දවසකම දැනුම් දෙන්න.+   ඔහුගේ තේජස ගැන ජාතීන්ට ප්‍රකාශ කරන්න.ඔහු කරපු පුදුම දේවල් ගැන සියලු ජනයාට කියන්න.+   මොකද යෙහෝවා දෙවියන් ශ්‍රේෂ්ඨයි.හැම ප්‍රශංසාවක්ම ලබන්න වටින්නේ ඔහුයි. ඔහු ගැන අපේ හිතේ ඇති වෙන ගරුබියවෙන කිසිම දෙවි කෙනෙක් ගැන ඇති වෙන්නේ නැහැ.   මිනිසුන් නමස්කාර කරන අනිත් දෙවිවරු හැමෝම කිසි වැඩකට නැති දෙවිවරු.+ඒත් මුළු අහස්තලයම නිර්මාණය කළේ යෙහෝවායි.+   ඔහු තේජසින්* සහ දීප්තියෙන් බැබළෙනවා.+ඔහුගේ ශුද්ධස්ථානයේ ශක්තිය සහ අලංකාරය තියෙනවා.+   පොළොවේ සියලු ගෝත්‍රවලට* අයිති ජනයෙනි,යෙහෝවාට ලැබෙන්න ඕනෙ ගෞරවය දෙන්න.යෙහෝවාට තියෙන තේජස සහ බලය නිසා ඔහුට ගෞරව කරන්න.+   යෙහෝවාගේ නමට දෙන්න ඕනෙ ගෞරවය දෙන්න.+තෑග්ගක් අරගෙන ඔහුගේ ගෘහයේ මළුවට එන්න.   ශුද්ධ ඇඳුම්වලින් සැරසිලා* යෙහෝවා ඉදිරියේ වැඳ වැටෙන්න.*පොළොවේ සියලු ජනයෙනි, ඔහු ඉදිරියේ බයෙන් ගැහෙන්න. 10  “යෙහෝවා රජ වෙලා”+ කියලා ජාතීන්ට දැනුම් දෙන්න. “පොළොව ස්ථිරව පිහිටුවලා! ඒක කවදාවත් නියමිත තැනින් අයින් කරන්න බැහැ.* ඔහු ජනයාව සාධාරණව විනිශ්චය කරනවා”*+ කියලත් ඔවුන්ට කියන්න. 11  ස්වර්ගය ප්‍රීති වේවා! පොළොව සතුටින් පිරී ඉතිරේවා!මුහුදත් ඒකේ තියෙන හැම දේමත් ප්‍රීති ඝෝෂා නඟත්වා!+ 12  කෙත්වතුත් ඒවාවල තියෙන හැම දේමත් සතුටු වේවා!+ වනයේ හැම ගසකින්ම ප්‍රීති ඝෝෂා නැඟේවා!+ 13  ඒ හැම දෙයක්ම යෙහෝවා ඉදිරියේ සතුටින් ඉපිල යත්වා!මොකද ඔහු පොළොව විනිශ්චය කරන්න එනවා.* ඔහු ධර්මිෂ්ඨකමිනුත්+ අවංකකමිනුත්+පොළොවේ ඉන්න හැම කෙනෙක්වම විනිශ්චය කරයි.

පාදසටහන්

හෝ, “ගෞරවයෙන්.”
මූ.අ., “පවුල්වලට.”
හෝ සමහරවිට, “ඔහු ශුද්ධකමින් බැබළෙන නිසා.”
හෝ, “යෙහෝවාට නමස්කාර කරන්න.”
හෝ, “ඒක කවදාවත් කඩන් වැටෙන්නේ නැහැ.”
හෝ, “ජනයා වෙනුවෙන් යුක්තිය ඉටු කරනවා.”
හෝ, “ඇවිත් ඉන්නවා.”