ගීතාවලිය 97:1-12

  • අනිත් හැම දෙවි කෙනෙක්ටම වඩා යෙහෝවා ඉහළින් ඉන්නවා

    • “යෙහෝවා දෙවියන් රජ වෙලා!” (1)

    • යෙහෝවාට ආදරේ කරන්න, නපුරු දේට පිළිකුල් කරන්න (10)

    • ධර්මිෂ්ඨයා වෙනුවෙන් ආලෝකය බැබළෙනවා (11)

97  යෙහෝවා දෙවියන් රජ වෙලා!+ඒ නිසා පොළොව සතුටින් පිරී ඉතිරේවා!+ හැම දූපතක්ම සතුටු වේවා!+   දෙවියන් වටේටම වලාකුළුත් ඝන අන්ධකාරයත් තියෙනවා.+ඔහුගේ සිංහාසනය පිහිටුවලා තියෙන්නේ ධර්මිෂ්ඨකමත් යුක්තියත් මත.+   ඔහු ඉස්සරහින් ගින්නක් නික්මෙනවා.+ඔහුගේ සතුරෝ හැමෝම ඒ ගින්නෙන් දැවිලා යනවා.+   ඔහුගෙන් නික්මෙන අකුණු සැරවල ආලෝකය දේශය පුරාම විහිදිලා යනවා.පොළොව ඒක දැකලා බයෙන් ගැහෙනවා.+   මුළු පොළොවටම අධිපති දෙවියන් වන යෙහෝවා ඉස්සරහාකඳු, ඉටි වගේ දිය වෙලා යනවා.+   අහස ඔහුගේ ධර්මිෂ්ඨකම ගැන දැනුම් දෙනවා.මිනිසුන් හැමෝම ඔහුගේ තේජස දකිනවා.+   රූපවලට නමස්කාර කරන හැම කෙනෙක්ම ලැජ්ජාවට පත් වේවා!+වැඩකට නැති දෙවිවරු ගැන පුරසාරම් දොඩන හැමෝම නින්දාවට පත් වේවා!+ සියලු දෙවිවරුනි, ඔහු ඉස්සරහා වැඳ වැටෙන්න.*+   යෙහෝවා දෙවියනි, ඔබ දුන්න තීන්දු ගැන අහලා+සියොන් ප්‍රීති වෙනවා.+යූදා අවට තියෙන නගර* සතුටු වෙනවා.   යෙහෝවා, මුළු පොළොවටම ඉන්න උසස්ම දෙවියන් ඔබයි.අනිත් හැම දෙවි කෙනෙක්ටම වඩා ඔබ හුඟක් ඉහළින් ඉන්නවා.+ 10  යෙහෝවාට ආදරේ කරන සියල්ලෙනි, නපුරු දේට පිළිකුල් කරන්න.+ ඔහුට විශ්වාසවන්තව ඉන්න අයව දෙවියන් ආරක්ෂා කරනවා.+දුෂ්ටයන්ගේ අතින් ඔහු ඔවුන්ව බේරගන්නවා.+ 11  ධර්මිෂ්ඨයා වෙනුවෙන් ආලෝකය බැබළෙනවා.+ප්‍රතිපත්තිගරුක අය දැන් සතුටින් ඉපිල යනවා. 12  ධර්මිෂ්ඨ තැනැත්තෙනි, යෙහෝවා නිසා ප්‍රීති වෙන්න.ඔහුගේ ශුද්ධ නමට* ස්තුති ප්‍රශංසා දෙන්න.

පාදසටහන්

හෝ, “ඔහුට නමස්කාර කරන්න.”
මූ.අ., “දූවරුන්.”
මූ.අ., “ශුද්ධකම සිහි කරලා.”