ගීතාවලිය 98:1-9

  • ගැලවුම්කරුත් ධර්මිෂ්ඨ විනිශ්චයකරුත් යෙහෝවායි

    • යෙහෝවා ගැලවීම ලබා දෙන විදිහ ගැන දැනුම් දෙයි (2, 3)

ගීයක්. 98  යෙහෝවා දෙවියන්ට අලුත් ගීයක් ගයන්න.+මොකද ඔහු පුදුමාකාර දේවල් කරලා තියෙනවා.+ දෙවියන් ඔහුගේ දකුණතින්, ශුද්ධ හස්තයෙන් ගැලවීම ලබා දුන්නා.*+   තමන් ගැලවීම ලබා දෙන විදිහ ගැන යෙහෝවා දැනුම් දීලා තියෙනවා.+ඔහු තමන්ගේ ධර්මිෂ්ඨකම ජාතීන්ට පෙන්වලා තියෙනවා.+   ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන අයට නොසැලෙන ආදරයක් පෙන්වනවා කියලත්ඔවුන් එක්ක විශ්වාසවන්තව වැඩ කරනවා කියලත් දෙවියන් පොරොන්දු වුණා.ඒ පොරොන්දුව ඔහු සිහි කළා.+ අපේ දෙවියන් ගැලවීම ලබා දෙන විදිහ*පොළොවේ ඈත කෙළවර දක්වාම ඉන්න අය දැකලා තියෙනවා.+   පොළොවේ සියලු ජනයෙනි, යෙහෝවාට ජය නාද නඟන්න. ප්‍රීති ඝෝෂා නඟමින් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.*+   වීණාව වාදනය කරමින් යෙහෝවාට ප්‍රශංසා ගී ගයන්න.වීණා වයමින් ඔහුට මිහිරි ගීයක් ගයන්න.   හොරණෑත් නළාත් පිඹිමින්+රජු වන යෙහෝවා ඉස්සරහා ජය නාද නඟන්න.   මුහුදත් ඒකේ තියෙන සියල්ලත්,පොළොවත් ඒකේ ජීවත් වෙන සියල්ලොත් ප්‍රීති ඝෝෂා නඟත්වා!   ගංගාවෝ අත්පොළසන් දෙත්වා!සියලු කඳු එක්ව සතුටින් හඬ නඟත්වා!+   ඒ හැම දෙයක්ම යෙහෝවා ඉස්සරහා සතුටින් ඉපිල යත්වා! මොකද ඔහු පොළොව විනිශ්චය කරන්න එනවා.*ඔහු ධර්මිෂ්ඨකමිනුත්+ සාධාරණකමිනුත්+ පොළොවේ ඉන්නහැම කෙනෙක්වම විනිශ්චය කරයි.

පාදසටහන්

හෝ, “තමන්ටම ජය අත් කරලා දුන්නා.”
හෝ, “දෙවියන් ජය ලබපු විදිහ.”
හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරන්න.”
හෝ, “ඇවිත් ඉන්නවා.”