ගීතාවලිය 99:1-9

  • ශුද්ධ රජ වන යෙහෝවා

    • කෙරුබ්වරුන්ට ඉහළින් සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා (1)

    • සමාව දෙන සහ දඬුවම් කරන දෙවි කෙනෙක් (8)

99  යෙහෝවා දෙවියන් රජ වෙලා.+ ඒ නිසා ජනයෙනි, බයෙන් වෙවුලන්න. ඔහු කෙරුබ්වරුන්ට ඉහළින්* සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා.+ඒ නිසා පොළොව කැලඹේවා!   ඔහු මොන තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියලායෙහෝවා සියොන්වලදී පෙන්නුවා.ඔහු මිනිසුන් හැමෝටම වඩා උසස්.+   ඒ හැම කෙනෙක්ම ඔහුගේ ශ්‍රේෂ්ඨ නමට ප්‍රශංසා කරත්වා!+මොකද ඔහුගේ නම ශුද්ධයි. ගරුබිය ඇති කරවයි.   ඔහු යුක්තියට ප්‍රිය කරන බලසම්පන්න රජෙක්.+ ඔහු ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති දීලා හැම දේම ඒවාට අනුව සිද්ධ වෙන්න සලස්වනවා. ඔහු යාකොබ්ට යුක්තිය ඉටු කරලා දීලා ඔහු එක්ක ධර්මිෂ්ඨකමින් වැඩ කළා.+   අපේ දෙවි යෙහෝවාව ගෞරවයට පත් කරන්න.+ඔහුගේ පා පුටුව ඉස්සරහා වැඳ වැටෙන්න.*+ මොකද ඔහු ශුද්ධයි.+   ඔහුගේ පූජකයන් අතරේ මෝසෙස් සහ ආරොන් හිටියා.+දෙවියන්ගේ නම කියලා යාච්ඤා කරපු අය අතරේ සාමුවෙල් හිටියා.+ ඔවුන් යෙහෝවාට කන්නලව් කළා.ඔහුත් ඔවුන්ට උත්තර දුන්නා.+   වලා ටැඹ මැදින් ඔහු ඔවුන් එක්ක කතා කළා.+ ඔවුන් දිගටම ඔහු දුන්න සිහිගැන්වීම්වලටත් නියෝගවලටත් කීකරු වුණා.+   යෙහෝවා අපේ දෙවියනි, ඔබ ඔවුන්ට උත්තර දුන්නා.+ ඔවුන්ගේ වැරදිවලට සමාව දුන්නා.+ඒත් ඔවුන් දුෂ්ට දේවල් කරද්දී ඔබ ඔවුන්ට දඬුවම් නොකර හිටියේ නැහැ.+   අපේ දෙවි යෙහෝවාව ගෞරවයට පත් කරන්න.+ඔහුගේ ශුද්ධ කන්ද ඉස්සරහට ගිහින් වැඳ වැටෙන්න.*+මොකද අපේ දෙවි යෙහෝවා ශුද්ධ දෙවි කෙනෙක්.+

පාදසටහන්

හෝ සමහරවිට, “කෙරුබ්වරුන් අතරේ.”
හෝ, “නමස්කාර කරන්න.”
හෝ, “නමස්කාර කරන්න.”