තීතස්ට 1:1-16

  • සුබ පැතුම් (1-4)

  • ක්‍රීට්වල වැඩිමහල්ලන්ව පත් කරන වගකීම තීතස්ට දෙයි (5-9)

  • කැරලිකාර අයට අවවාද කරන්න (10-16)

1  මේ ලිපිය ලියන පාවුල් වන මම දෙවියන්ගේ සේවකයෙක් වගේම යේසුස් ක්‍රිස්තුස්ගේ නියෝජිතයෙක්.* දෙවියන් තෝරගත්ත අයට තියෙනවා වගේම විශ්වාසයක් මටත් තියෙනවා. සත්‍යය ගැන නිවැරදි දැනුමකුත් මට තියෙනවා. ඒ දැනුම දෙවියන්ට ලොකු භක්තියකින් සේවය කරන්න උදව් කරනවා.  ඒ හැම දේම ගොඩනැඟිලා තියෙන්නේ සදහටම ජීවත් වෙනවා කියන බලාපොරොත්තුව මතයි.+ බොරු කියන්න බැරි දෙවියන්+ ගොඩක් කාලෙකට කලින් ඒ දේ පොරොන්දු වෙලා තියෙනවා.  ඔහු නියමිත කාලේදී දේශනා සේවය මාර්ගයෙන් තමන්ගේ වචනය ගැන දැනගන්න සැලැස්සුවා. ඒ සේවය ඔහු මට භාර දුන්නා.+ ඒක අපිට ගැලවීම ලබා දෙන දෙවියන්ගේ කැමැත්තට එකඟයි.  මේ ලියුම ලියන්නේ අපිට තියෙනවා වගේ විශ්වාසයක් තියෙන, මගේම දරුවෙක් වගේ ඉන්න තීතස්ට. අපේ තාත්තා වන දෙවියන්ගෙන් සහ අපේ ගැලවුම්කරු වන ක්‍රිස්තුස් යේසුස්ගෙන් මහත් කරුණාවත්* සමාදානයත් ඔයාට ලැබෙන්න කියලා මම පතනවා.  මං ඔයාව ක්‍රීට් දූපතේ නවත්තලා ආවේ නිවැරදි කරන්න ඕනෙ කාරණා හරිගස්සන්නයි. ඒ වගේම මං මඟ පෙන්වීම් දුන්න විදිහට නගරෙන් නගරෙට ගිහිල්ලා වැඩිමහල්ලන්ව පත් කරන්නයි.  වැඩිමහල්ලෙක් විදිහට පත් කරන කෙනෙක් වැරදි දෙයක් කරනවා කියලා චෝදනාවක් එල්ල වෙලා නැති, එක බිරිඳක් විතරක් ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. එයාගේ දරුවන් සත්‍ය මාර්ගයේ යන, සෙල්ලක්කාර ජීවිත ගත* කරන්නේ නැති, හිතුවක්කාර විදිහට වැඩ කරන්නේ නැති අය වෙන්න ඕනේ.+  වැඩිමහල්ලෙක්* කියන්නේ දෙවියන්ට අයිති දේවල් බලාගන්න පත් කරපු කෙනෙක්. ඒ නිසා එයා කිසිම චෝදනාවක් එල්ල වෙලා නැති කෙනෙක් වෙන්න ඕනේ. එයා තමන්ට ඕනෙ දේම කරගන්න හදන්නේ නැති,+ ඉක්මනින් කේන්ති ගන්නේ නැති,+ බේබදුකමට වැටිලා නැති, දරුණු විදිහට හැසිරෙන්නේ නැති,* වාසි ප්‍රයෝජන ලබාගන්න තියෙන කෑදරකම නිසා වංක දේවල් කරන්නේ නැති කෙනෙක් වෙන්න ඕනේ.  ඒත් එයා ආගන්තුක සත්කාරයට කැමති,+ යහපත් දේට ඇලුම් කරන, හොඳ සිහිකල්පනාවෙන් දේවල් කරන,*+ හරි දේ කරන,* දෙවියන්ට ළැදි,+ තමන්ව පාලනය කරගන්න පුළුවන්+ කෙනෙක් වෙන්න ඕනේ.  එයා උගන්නන විදිහෙන් විශ්වාසවන්ත පණිවිඩයට* ඇලිලා ඉන්නවා කියලා පැහැදිලි වෙන්න ඕනේ.+ එතකොට එයාට පුළුවන් නිවැරදි* ඉගැන්වීම් පාවිච්චි කරලා දිරිගැන්වීම් ලබා දෙන්න.+ ඒ වගේම ඒ ඉගැන්වීම්වලට විරුද්ධව දේවල් කියන අයව නිවැරදි කරන්නත්*+ එයාට පුළුවන්. 10  මොකද කැරලිකාර පුරුෂයන් හුඟදෙනෙක් ඉන්නවා. කිසි තේරුමක් නැති දේවල් කතා කරන එයාලා අනිත් අයව නොමඟ යවනවා. විශේෂයෙන්ම එහෙම කරන්නේ චර්මච්ඡේදනය වෙන්න ඕනෙමයි කියලා කියන අය.+ 11  ඒ වගේ අයගේ කටවල් වහලා දාන්න ඕනේ. මොකද එයාලා තමන්ට දේවල් ලබාගන්න තියෙන කෑදරකම නිසා වැරදි දේවල් උගන්නලා, සමහර පවුල් එහෙම් පිටින්ම නොමඟ යවලා තියෙනවා. 12  එයාලාගෙම රටේ දිවැසිවරයෙක් මෙහෙම කියලා තියෙනවා. “ක්‍රීට්වරු කවදත් බොරුකාරයෝ. ඔවුන් දරුණු වනසත්තු වගේ. ඔවුන් මහ කම්මැළියෝ. කෑමට කෑදරයෝ.” 13  ඒ කියන දේ ඇත්ත. ඒ නිසා දිගටම එයාලට* තදින් අවවාද කරන්න. එතකොට එයාලාගේ විශ්වාසය ශක්තිමත් වෙයි. 14  ඒ වගේම යුදෙව් ප්‍රබන්ධ කථාත් සත්‍ය මාර්ගය අතහැරලා ගිය අය දාන නීතිත් එයාලා පිළිගන්නේ නැතුව ඉඳියි. 15  පවිත්‍ර අයට හැම දෙයක්ම පවිත්‍රයි.+ ඒත් අපවිත්‍ර වෙලා ඉන්න, විශ්වාසයක් නැති අයට කිසිම දෙයක් පවිත්‍ර නැහැ. මොකද එයාලාගේ මනසයි, හෘද සාක්ෂියයි දෙකම අපවිත්‍රයි.+ 16  එයාලා ප්‍රසිද්ධියේ කියන්නේ දෙවියන් ගැන දන්නවා කියලයි. ඒත් එයාලා වැඩ කරන විදිහෙන් නම් පේන්නේ කොහොමටවත් දෙවියන්ව දන්නේ නැහැ කියලයි.+ එයාලා යහපත් කියන කිසිම දෙයක් භාර දෙන්න සුදුසු නැති, අප්‍රසන්න, අකීකරු අය.

පාදසටහන්

හෝ, “යවනු ලැබූ කෙනෙක්.”
හෝ, “ලබන්න නොවටිනා කරුණාවත්.” “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “නොහොබිනා දේවල්.”
හෝ, “සභාව රැකබලා ගන්න කෙනෙක්.”
හෝ, “අතින්වත් වචනවලින්වත් අනිත් අයට පහර දෙන්නේ නැති.”
හෝ, “ධර්මිෂ්ඨ.”
හෝ, “හරි තීරණ ගන්න; සිහිබුද්ධියෙන් වැඩ කරන.”
හෝ, “සත්‍ය වචනයට.”
හෝ, “ප්‍රයෝජනවත්; සුවදායක.”
හෝ, “අයට අවවාද කරන්නත්.”
පේන විදිහට මෙතන කතා කරන්නේ ක්‍රීට් දූපතේ තිබුණ සභාවල හිටපු සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධ වුණ අය ගැනයි.