තීතස්ට 2:1-15

  • තරුණ සහ වැඩිහිටි අයට හොඳ මඟ පෙන්වීම් (1-15)

    • දෙවියන්ට අගෞරවයක් ගේන අදහස් ප්‍රතික්ෂේප කරන්න (12)

    • හදවතින්ම යහපත් දේවල් කරන්න (14)

2  ඒත් ඔයා උගන්නද්දී දිගටම නිවැරදි* ඉගැන්වීම්වලට එකඟව ඒක කරන්න.+  වැඩිහිටි පුරුෂයන් හැම දේකදීම සීමාව දැනගෙන වැඩ කරන, හොඳ සිහිකල්පනාවෙන් දේවල් කරන, නොසැලෙන විශ්වාසයක් තියෙන, අනිත් අයට ලොකු ආදරයක් පෙන්නන, අමාරු තත්වයන්වලදී විඳදරාගන්න අය වෙන්න ඕනේ.  ඒ වගේම වැඩිහිටි කාන්තාවන් හැසිරෙන විදිහෙන් දෙවියන් ගැන එයාලට ගෞරවයක් තියෙනවා කියලා පැහැදිලි වෙන්න ඕනේ. එයාලා අනිත් අයගේ හොඳ නම නැති වෙන විදිහේ බොරු පතුරුවන්නේ නැති, වයින්වලට ඇබ්බැහි වෙලා නැති අය වෙන්න ඕනේ. එයාලා යහපත් දේවල් උගන්නන අය වෙන්නත් ඕනේ.  එතකොට එයාලට පුළුවන් තරුණ වයසේ ඉන්න කාන්තාවන්ට එයාලාගේ සැමියාට ආදරේ කරන්නත් දරුවන්ට ආදරේ කරන්නත් කියලා දෙන්න.  ඒ වගේම තරුණ වයසේ ඉන්න කාන්තාවන්ට හොඳ සිහිකල්පනාවෙන් දේවල් කරන්නත් හැසිරීම නිර්මලව තියාගන්නත් උදව් කරන්න එයාලට පුළුවන්. ගෙදරදොරේ වැඩ හොඳින් කරන්න, යහපත් දේවල් කරන්න වගේම සැමියාට කීකරු වෙන්න+ උදව් කරන්නත් එයාලට පුළුවන්. එහෙම කරද්දී දෙවියන්ගේ පණිවිඩයට අපහාස කරන්න කිසිම කෙනෙක්ට බැහැ.  ඒ වගේම හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන්න කියලා තරුණයන්ටත් දිගටම උනන්දු කරන්න.+  ජීවිතේ හැම කාරණයකදීම ඔයා යහපත් දේවල් කරන කෙනෙක් කියලා ඔයාගේ ආදර්ශයෙන් පෙන්නන්න. සැබෑ දේ උගන්නන්න.* ඒක සැහැල්ලුවට ගන්න එපා.+  ඔයා උගන්නද්දී කාටවත් ඇඟිල්ලක් දික් කරන්න පුළුවන්කමක් නැති,+ නිවැරදි* ඉගැන්වීම් පාවිච්චි කරන්න. එතකොට අපි ගැන කියන්න කිසිම නරක දෙයක් නැති නිසා අපේ විරුද්ධවාදීන් ලැජ්ජාවට පත් වෙයි.+  දාසයන් හැම කාරණයකදීම තමන්ගේ අයිතිකරුට කීකරු වෙන්න ඕනේ.+ එකට එක කියන්නේ නැතුව, අයිතිකරු සතුටු වෙන විදිහට වැඩ කරන්න ඕනේ. 10  එයාලා අයිතිකරුගෙන් දේවල් හොරකම් කරන්නේ නැතුව,+ හැම දේකදීම විශ්වාසවන්ත අය කියලා පෙන්නන්න ඕනේ. එතකොට අපිට ගැලවීම ලබා දෙන දෙවියන් උගන්නන දේවල් කොච්චර අලංකාරයිද කියලා හැම අතින්ම පෙන්නන්න එයාලට පුළුවන් වෙයි.+ 11  දෙවියන්ගේ මහත් කරුණාව හැමෝටම පැහැදිලිව දකින්න තියෙනවා. ඒ කරුණාව නිසා හැම පසුබිමකම ඉන්න අයට ගැලවෙන්න අවස්ථාව ලැබෙනවා.+ 12  ඒ කරුණාව අපිව පොලඹවනවා* දෙවියන්ට අගෞරවයක් ගේන දේවල් සහ ලෝකේ වැඩිදෙනෙක්ට තියෙන ආශාවන් ප්‍රතික්ෂේප කරන්න.+ ඒ වගේම මේ සමාජයේ* ජීවත් වෙන කාලේ හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන්නත් ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන ගමන් දෙවියන්ට ලොකු භක්තියක් පෙන්නන්නත් ඒක අපිට උදව් කරනවා.+ 13  එහෙම ජීවත් වෙන අතරතුරේ අපි බලාගෙන ඉන්නේ අපිට තියෙන සතුටුදායක බලාපොරොත්තුව ඉටු වෙන කල්.+ ශ්‍රේෂ්ඨ දෙවියන්ගෙත් අපේ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්ගෙත් තේජස දකින්න ලැබෙන කල් අපි බලාගෙන ඉන්නවා. 14  යේසුස් අපි වෙනුවෙන් ඔහුගේ ජීවිතය දුන්නා.+ ඔහු එහෙම කරලා හැම දුෂ්ට දේකින්ම අපිව නිදහස් කළා.+ අපිව පවිත්‍ර කළා. එහෙම කළේ මුළු හදවතින්ම යහපත් දේවල් කරන, ඔහුට අයිති විශේෂ සෙනඟක් වෙන්න අපිට අවස්ථාව දෙන්නයි.+ 15  දිගටම මේ දේවල් උගන්නන්න. අනිත් අයව දිරිගන්වන්න. එයාලට අවවාද කරන්න.* මොකද ඔයාට ඒ දේවල් කරන්න අධිකාරිය දීලයි තියෙන්නේ.+ ඔයාව පහත් කරලා සලකන්න කාටවත් ඉඩ දෙන්න එපා.

පාදසටහන්

හෝ, “ප්‍රයෝජනවත්; සුවදායක.”
හෝ සමහරවිට, “හරි චේතනාවෙන් උගන්නන්න.”
හෝ, “ප්‍රයෝජනවත්; සුවදායක.”
මූ.අ., “අපිව පුහුණු කරනවා.”
හෝ, “එයාලව නිවැරදි කරන්න.”