තීතස්ට 3:1-15

  • යටත් වෙලා කීකරු වෙන්න (1-3)

  • යහපත් දේවල් කරන්න සූදානමින් ඉන්න (4-8)

  • මෝඩ දේවල් ගැන කරන වාදවලට පැටලෙන්නවත් බොරු ඉගැන්වීම්වලට අහු වෙන්නවත් එපා (9-11)

  • වෙනත් උපදෙස් සහ සුබ පැතුම් (12-15)

3  ආණ්ඩුවලට සහ බලධාරීන්ට යටත් වෙලා කීකරු වෙන්න කියලා නිතරම එයාලට මතක් කරන්න.+ හැම යහපත් වැඩක්ම කරන්න ලෑස්ති පිට ඉන්න කියලත්  කිසිම කෙනෙක්ගේ නමට හානියක් වෙන විදිහට කතා කරන්න හරි රණ්ඩු දබරවලට පැටලෙන්න හරි එපා කියලත් එයාලට මතක් කරන්න. තමන්ගෙම මතේ එල්ලිලා ඉන්නවා වෙනුවට+ අනිත් අය එක්ක වැඩ කරද්දී හැම වෙලේම කාරුණිකව* දේවල් කරන්න+ කියලත් මතක් කරන්න.  මොකද කාලයක් අපිත් මෝඩ විදිහට වැඩ කළා. අපි දෙවියන්ට අකීකරු වුණා. එක එක ආශාවන්වලට වහල් වෙලා හිටියා. අපි හිතුවේ අපේ සතුට ගැන විතරයි. අපි ජීවත් වුණේ නරක විදිහට. අපි ඊර්ෂ්‍යා කළා. පිළිකුල් දේවල් කළා. අනිත් අයට වෛර කළා.  ඒත් අපිට ගැලවීම ලබා දෙන දෙවියන් ඔහුගේ කරුණාවත්+ ආදරෙත් මිනිස්සුන්ට පෙන්නුවා.  (ඔහු අපිට ගැලවීම ලබා දුන්නේ අපි කරපු ධර්මිෂ්ඨ දෙයක් නිසා නෙමෙයි.+ ඔහු අපිට දයාව පෙන්නපු නිසයි.)+ අපිව ජීවත් කරවපු වතුරෙන් ඔහු අපිව පිරිසිදු කරලා අපිව ගලවගත්තා.+ ඔහුගේ බලය මාර්ගයෙන් අපිව අලුත් පුද්ගලයන් කරලා+ අපිට ගැලවීම ලබා දුන්නා.  ඔහු ඒ බලය අපේ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් හරිම ත්‍යාගශීලීව අපිට දුන්නා.+  එහෙම කළේ ඔහු පෙන්නන මහත් කරුණාව නිසා අපිව ධර්මිෂ්ඨ අය විදිහට ප්‍රකාශ කරන්නයි.+ එතකොට සදාකාල ජීවනය+ කියන බලාපොරොත්තුව උරුමයක් විදිහට ලැබුණ අය+ වෙන්න අපිට පුළුවන්.  ඒ වචන විශ්වාසවන්තයි. ඔයා ඒ කාරණා ගැන ආයේ ආයේ කියයි කියලා මං බලාපොරොත්තු වෙනවා. එතකොට දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගෙන තියෙන අයට පුළුවන් යහපත් දේවල් කරන එක ගැන නිතරම හිතන්න. ඒ දේවල්වලින් වෙන්නේ හොඳක්. ඒවා හැමෝටම ප්‍රයෝජනවත්.  මෝඩ දේවල් ගැන කරන වාදවලට පැටලෙන්න එපා. පෙළපත් ගැන හොයලා බලන එකට, විවාදවලට, නීතිය ගැන ඇති වෙන ආරවුල්වලට කිසිම විදිහකින් හවුල් වෙන්න එපා. ඒවා කිසිම ප්‍රයෝජනයක් නැති, කිසි වැඩකට නැති දේවල්.+ 10  කෙනෙක් බොරු ඉගැන්වීම් පතුරුවනවා නම්+ එයාට එක පාරක් නෙමෙයි දෙපාරක් ඒ ගැන අනතුරු අඟවන්න.*+ එහෙම කරලත් එයා අහන්නේ නැත්නම් එයාව ආශ්‍රය කරන එක නතර කරන්න.+ 11  මොකද ඒ වගේ කෙනෙක් හරි පාරෙන් අයින් වෙලා ගිහින් කියලත් එයා කරන්නේ වරදක් කියලත් ඔයා දන්නවා. එයා හැසිරෙන විදිහෙන් එයා වරදකරුවෙක් කියලා ඔප්පු වෙනවා. 12  මං ඔයා ළඟට ආටිමස්ව හරි තිකිකස්ව+ හරි එව්වාම ඔයා කොහොමහරි මාව බලන්න නිකපොලිසියට එන්න. එහේ තමයි මං ශීත කාලෙට ඉන්න හිතාගෙන ඉන්නේ. 13  නීතිය ගැන හොඳ දැනුමක් තියෙන සේනස්ට සහ අපොලොස්ට එයාලාගේ ගමනට අවශ්‍ය හැම දේම දෙන්න ඔයාට පුළුවන් උපරිමය කරන්න. එතකොට ගමන යද්දී එයාලට කිසිම දේකින් අඩුවක් වෙන එකක් නැහැ.+ 14  අපේ සහෝදරයනුත් යහපත් දේවල්වලට හවුල් වෙන්න ඉගෙනගන්න ඕනේ. මොකද හදිස්සි තත්වයකදී අවශ්‍ය උදව් දෙන්න එයාලත් දැනගෙන ඉන්න ඕනේ.+ එතකොට එයාලට නිතරම කරන්න යහපත් දේවල් තියෙයි.+ 15  මාත් එක්ක ඉන්න හැමෝම ඔයාව ආදරෙන් මතක් කරනවා. අපි ගැන ආදරයක් සෙනෙහසක් තියෙන, සත්‍ය මාර්ගයේ ඉන්න අයව මං මතක් කළා කියන්න. දෙවියන්ගේ මහත් කරුණාව ඔයාලා හැමෝටම ලැබෙන්න කියලා මම පතනවා!

පාදසටහන්

හෝ, “මෘදු විදිහට.”
හෝ, “අවවාද කරන්න.”