ද්විතීය කතාව 17:1-20

  • පූජාවල කිසිම කැළලක් තියෙන්න බැහැ (1)

  • දෙවියන්ට විරුද්ධව වැඩ කරන අය සම්බන්ධයෙන් කරන්න ඕනෙ දේ (2-7)

  • විසඳන්න අමාරු නඩු (8-13)

  • රජ විදිහට පත් කරන කෙනාට මඟ පෙන්වීම් (14-20)

    • රජ නීතිය පොතක ලියන්න ඕනේ (18)

17  “කැළලක් එහෙම නැත්නම් වෙන මොකක් හරි ආබාධයක් තියෙන කිසිම ගවයෙක්ව හරි බැටළුවෙක්ව හරි ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ඔප්පු කරන්න ඔයාලට අවසර නැහැ. ඒ වගේ පූජා ඔයාලාගේ දෙවි වන යෙහෝවාට පිළිකුලක්.+  “හිතන්න, ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට දෙන නගරෙක ඉන්න පුරුෂයෙක් හරි ස්ත්‍රියක් හරි යෙහෝවා දෙවියන් වැරදියි කියලා සලකන දෙයක් කරනවා කියලා. ඔහු එක්ක ඇති කරගත්ත ගිවිසුම එයා කඩ කරනවා.+  එයා දෙවියන්ව අත්හැරලා වෙනත් දෙවිවරුන් ඉස්සරහා වැඳ වැටිලා ඒවාට නමස්කාර කරනවා. එහෙම නැත්නම් ඉර, හඳ, තරු ඉස්සරහා වැඳ වැටෙනවා.+ මං එපා කියලා කිව්ව දේවල් එයා කරනවා.+  එහෙම දෙයක් වෙනවා කියලා ඔයාලට දැන්නුවොත් හරි ආරංචි වුණොත් හරි ඔයාලා ඒ ගැන විභාග කරලා හොඳට හොයලා බලන්න ඕනේ. ඒ වගේ පිළිකුල් දෙයක් ඊශ්‍රායෙල් සෙනඟ අතරේ වෙනවා කියලා ඔප්පු වුණොත්+  ඒ දුෂ්ට දේ කරපු පුරුෂයාව නැත්නම් ස්ත්‍රියව ඔයාලාගේ නගරේ දොරටු ළඟට ගෙනල්ලා එයාට ගල් ගහලා මරන්න ඕනේ.+  ඒ කෙනාව මරන්න පුළුවන් එයා කරපු දේ ගැන දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි සාක්ෂි දුන්නොත් විතරයි.+ එක් කෙනෙක්ගේ සාක්ෂිය මත විතරක් ඒ කෙනාව මරන්න අවසර නැහැ.+  එයාව මරලා දාන්න මුලින්ම ගල් ගහන්න ඕනෙ සාක්ෂි දුන්න අයයි. ඊටපස්සේ මුළු සෙනඟම ඒකට හවුල් වෙන්න ඕනේ. ඒ විදිහට ඔයාලා අතරින් ඒ දුෂ්ට දේ සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න.+  “සමහරවිට ඔයාලා ඉන්න නගරෙක විසඳන්න අමාරු නඩුවක් ඔයාලා ළඟට ගේන්න පුළුවන්. ඒක මිනී මැරුමක් නිසා,+ කාට හරි විරුද්ධව කරපු පැමිණිල්ලක් නිසා, දරුණු අපරාධයක් නිසා නැත්නම් වෙනත් මොකක් හරි දෙයක් නිසා ඇති වුණ මතභේදයක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවා තෝරගන්න තැනට යන්න ඕනේ.+  ලෙවී ගෝත්‍රයට අයිති පූජකයන් සහ ඒ කාලේ විනිශ්චයකරු හැටියට සේවය කරන කෙනා ළඟට ගිහිල්ලා+ ඒ නඩුව ඉදිරිපත් කරන්න. එතකොට එයාලා තීන්දුවක් ලබා දෙයි.+ 10  යෙහෝවා තෝරගන්න ස්ථානයේ ඉන්න ඒ අය ලබා දෙන තීන්දුවට අනුව ඔයාලා දේවල් කරන්න ඕනේ. එයාලා කියන හැම දෙයක්ම කරන්න වගබලා ගන්න. 11  එයාලා පැහැදිලි කරලා දෙන නීතියේ සඳහන් දේට අනුවත් ලබා දෙන තීන්දුවට අනුවත් ඔයාලා දේවල් කරන්න ඕනේ.+ එයාලා ලබා දෙන තීන්දුවෙන් පිට පැනලා කිසිම දෙයක් කරන්න එපා.+ 12  ඒත් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා සේවය කරන පූජකයා නැත්නම් විනිශ්චයකරු කියන දේ කවුරු හරි කෙනෙක් ගණන් ගන්නේ නැතුව එයාට හිතෙන විදිහට දේවල් කරනවා නම් එයාව මරලා දාන්න.+ ඒ විදිහට ඔයාලා ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ඒ දුෂ්ට දේ අයින් කරන්න.+ 13  ඒ ගැන මුළු සෙනඟටම ආරංචි වුණාම එයාලට බයක් ඇති වෙයි. එතකොට කිසිම කෙනෙක් ඒ වගේ හිතුවක්කාර විදිහට ආයේ වැඩ කරන එකක් නැහැ.+ 14  “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට දෙන දේශයට ගිහින් ඒක අයිති කරගෙන කාලයක් එහේ ජීවත් වෙද්දී ඔයාලට හිතෙන්න පුළුවන් ‘අවට ජාතීන්ට වගේ අපිටත් රජෙක් හිටියා නම් හොඳයි’ කියලා.+ 15  එහෙම වුණොත් ඔයාලාගේ දෙවි වන යෙහෝවා තෝරගන්න කෙනාව රජ හැටියට පත් කරන්න.+ ඔයාලට රජ හැටියට පත් කරන්න පුළුවන් ඔයාලාගේ සහෝදරයන්ගෙන් කෙනෙක්ව විතරයි. ඔයාලාගේ සෙනඟට අයිති නැති, විදේශිකයෙක්ව පත් කරන්න ඔයාලට අවසර නැහැ. 16  රජ හැටියට පත් කරන කෙනා තමන්ට ගොඩක් අශ්වයන් එකතු කරගන්න එකෙන් වළකින්න ඕනේ.+ තව අශ්වයන්ව ගන්න සෙනඟව ඊජිප්තුවට යවන එකෙනුත් එයා වළකින්න ඕනේ.+ මොකද යෙහෝවා ඔයාලට කිව්වා, ‘ආයේ කවදාවත් ඊජිප්තුවට යන්න එපා’ කියලා. 17  රජ ගොඩක් ස්ත්‍රීන්ව විවාහ කරගන්න එකෙනුත් වළකින්න ඕනේ. නැත්නම් එයාගේ හිත දෙවියන්ගෙන් ඈත් වෙයි.+ ඒ වගේම එයා ගොඩක් රත්තරන්, රිදී රැස් කරගන්න එකෙනුත් වළකින්න ඕනේ.+ 18  රජ හැටියට පත් වුණාට පස්සේ මේ නීතිය එයා පොතක* ලියන්න ඕනේ. ලෙවී ගෝත්‍රයට අයිති පූජකයන් ළඟ තියෙන නීතියේ පිටපතක් එයා එයාටම කියලා හදාගන්න ඕනේ.+ 19  “ඒ පිටපත එයා ළඟම තියාගන්න ඕනේ. එයාගේ ජීවිත කාලේ පුරාම* එයා ඒක කියවන්න ඕනේ.+ එහෙම කරනවා නම් එයාගේ දෙවි වන යෙහෝවා ගැන ගරුබියක් ඇතුව ඉන්න එයා ඉගෙනගනියි. මේ නීතියේ තියෙන නියෝග ඇතුළුව හැම දේකටම කීකරු වෙන්නත් එයා ඉගෙනගනියි.+ 20  එහෙම කළොත් එයාගේ සහෝදරයන්ට වඩා එයා උසස් කියලා හිතන්න පෙලඹෙන්නේ නැහැ. දෙවියන්ගේ අණපනත්වලින් පිට පැනලා වැඩ කරන්න පෙලඹෙන්නෙත් නැහැ. එතකොට එයාටයි, එයාගේ පුතාලටයි ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ගොඩක් කල් රජකම් කරන්න පුළුවන් වෙයි.

පාදසටහන්

හෝ, “ලියවිල්ලක.”
හෝ, “එයා ජීවත් වෙන හැම දවසකදීම.”