ද්විතීය කතාව 19:1-21

  • ලේවලට වග කියන්න වෙන අවස්ථා සහ ආරක්ෂාව ලබා දෙන නගර (1-13)

  • මායිම් වෙනස් කරන්න බැහැ (14)

  • නඩු විභාග කරද්දී සාක්ෂිකරුවන් (15-21)

    • සාක්ෂිකරුවන් දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි ඉන්න ඕනේ (15)

19  “ඔයාලාගේ දෙවි වන යෙහෝවා දේශයේ ජීවත් වෙන ජාතීන්ව විනාශ කළාම ඔයාලා ඒ දේශය අයිති කරගන්නවා. යෙහෝවා දෙවියන් ඔයාලට දෙන දේශයේ ඒ ජාතීන් හිටිය නගරවල, එයාලාගේ ගෙවල්වල ඔයාලා පදිංචි වෙයි.+  ඔයාලාගේ දෙවි වන යෙහෝවා දෙන දේශයේ ඔයාලා පදිංචි වුණාම නගර තුනක් ඔයාලා වෙන් කරන්න ඕනේ.+  ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට දෙන දේශය කොටස් තුනකට බෙදන්න. ඒ හැම කොටසකම එක නගරයක් ගාණේ වෙන් කරලා තියෙන්න ඕනේ. ඒවාට පහසුවෙන්ම යන්න පුළුවන් වෙන විදිහට පාරවලුත් හදන්න. එතකොට කෙනෙක් අතින් කවුරු හරි මනුස්සයෙක් මැරුණොත් ඒ කෙනාට පුළුවන් ඒ එක නගරෙකට පලා යන්න.  “කෙනෙක් අතින් කවුරු හරි මනුස්සයෙක් මැරුණොත් ඒ කෙනාගේ ජීවිතේ බේරගන්න එයා කරන්න ඕනෙ මේකයි. ඒක වුණේ අත්වැරදීමකින් නම් ඒ වගේම මැරුණ කෙනා එක්ක එයාට කලින් කිසිම අමනාපයක් තිබුණේ නැත්නම් එයා ඒ එක නගරෙකට පලා යන්න ඕනේ.+  හිතන්න, කෙනෙක් තව කෙනෙක් එක්ක දර කපන්න කැලෑවට යනවා කියලා. දර කපන්න පොරෝ පහරක් ගහද්දී පොරෝ තලය ගැලවිලා ගිහින් අනිත් කෙනාගේ වැදිලා එයා මැරුණොත් පොරෝ පහර ගහපු කෙනා ජීවිතේ බේරගන්න ඒ එක නගරෙකට පලා යන්න ඕනේ.+  එයාට මැරුණ කෙනා එක්ක කලින් කිසිම අමනාපයක් තිබුණේ නැති නිසා මරණය ලබන්න තරම් වරදක් එයා කළේ නැහැ.+ ඒත් ඔයාලා වෙන් කරන නගර ගොඩක් ඈතින් තිබුණොත් එයා ඒ නගරෙකට පලා යන්න ඉස්සෙල්ලා එයාව මරන්න අයිතිය තියෙන කෙනා*+ කේන්තියෙන් එයාගේ පස්සේ එළවගෙන ඇවිත් එයාව මරලා දායි.  ‘නගර තුනක් වෙන් කරන්න’ කියලා මම ඔයාලට අණ කරන්නේ ඒ නිසයි.  “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලාගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වුණ විදිහටම ඔයාලාගේ දේශ සීමා තව පුළුල් කරයි.+ ඔයාලාගේ මුතුන්මිත්තන්ට දෙන්න පොරොන්දු වුණ සම්පූර්ණ දේශයම ඔහු ඔයාලට ලබා දෙයි.+  ඒත් ඔහු එහෙම කරන්නේ මම අද ඔයාලට කියලා දෙන මේ හැම ආඥාවක්ම ඔයාලා ඒ විදිහටම පිළිපදිනවා නම් විතරයි. ඒ කියන්නේ ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ආදරේ කරලා ඔහුගේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙනවා නම් විතරයි.+ ඔහු ඔයාලාගේ දේශ සීමා පුළුල් කළාම මුල් නගර තුනට අමතරව තවත් නගර තුනක් ඔයාලා වෙන් කරන්න ඕනේ.+ 10  ඒකෙන් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට උරුමයක් හැටියට ලබා දෙන දේශයේදී අහිංසක කෙනෙක්ගේ* ලේ හලන එක+ වැළකෙනවා වගේම එයාගේ ලේවලට ඔයාලට වග කියන්න වෙන්නෙත් නැහැ.+ 11  “ඒත් හිතන්න, කෙනෙක් තව කෙනෙක්ට වෛර කරන නිසා+ එයාට අනතුරක් කරන්න බලාගෙන හිටියා කියලා. එයා ඒ කෙනාට පහර දීලා ඒ කෙනාව මරලා ඒ එක නගරෙකට පලා ගියොත් 12  එයා කලින් හිටපු නගරේ ඉන්න වැඩිමහල්ලන් එයාව ගෙන්නලා එයාව මරන්න අයිතිය තියෙන කෙනා අතට එයාව භාර දෙන්න ඕනේ. ඒ කෙනා එයාව මරලා දාන්න ඕනේ.+ 13  ඒ වගේ කෙනෙක්ට අනුකම්පාවක් පෙන්නන්න එපා. මොකද අහිංසක කෙනෙක්ගේ ලේ හැලුවොත් ඒ වරදට මුළු ඊශ්‍රායෙල් සෙනඟම වග කියන්න ඕනේ. ඒ වරදින් නිදහස් වෙන්න ඒ කෙනාව මරලා දාන්න.+ ඒකෙන් ඔයාලා හැමෝටම යහපතක් වෙයි. 14  “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන දේශයේ ඔයාලට උරුම වෙන තැනට ගියාම අසල්වැසියාගේ ඉඩමේ මායිම වෙනස් කරන්න එපා.+ ඒ මායිම් දැම්මේ ඔයාලාගේ මුතුන්මිත්තන් කියලා මතක තියාගන්න. 15  “එක් කෙනෙක්ගේ සාක්ෂියකින් විතරක් කෙනෙක් වරදකරුවෙක් කියලා තීන්දු කරන්න බැහැ.+ කෙනෙක්ව වරදකරුවෙක් කියලා තීන්දු කරන්න නම් සාක්ෂිකරුවන් දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි ඉන්න ඕනේ.+ 16  කෙනෙක් තව කෙනෙක්ට හානියක් කරන අදහසින් එයා වරදක් කළා කියලා චෝදනා කළොත්+ 17  ඒ දෙන්නා ඒ ප්‍රශ්නේ අරගෙන යෙහෝවා ඉස්සරහට එන්න ඕනේ. ඒ කියන්නේ පූජකයන් සහ ඒ කාලේ විනිශ්චයකරුවන් විදිහට සේවය කරන අය ඉස්සරහට එන්න ඕනේ.+ 18  විනිශ්චයකරුවන් ඒ කාරණය විභාග කරලා ඒ ගැන හොඳට හොයලා බලන්න ඕනේ.+ චෝදනාව කරපු කෙනා එයාගේ සහෝදරයාට විරුද්ධව කරලා තියෙන්නේ බොරු චෝදනාවක් කියලා ඔප්පු වුණොත් 19  එයා තමන්ගේ සහෝදරයාට කරන්න හදපු දේ එයාට කරන්න.+ ඒ විදිහට ඒ දුෂ්ට දේ ඔයාලා අතරින් අයින් කරලා දාන්න.+ 20  ඒ ගැන අනිත් අයට ආරංචි වුණාම එයාලටත් බයක් ඇති වෙයි. එතකොට ඔයාලා අතරේ ඉන්න කිසිම කෙනෙක් ඒ වගේ දුෂ්ට දෙයක් ආයේ කවදාවත් කරන එකක් නැහැ.+ 21  ඒ වගේ කෙනෙක්ට කිසිම අනුකම්පාවක් පෙන්නන්න එපා.+ ජීවිතයකට ජීවිතයක්, ඇසකට ඇසක්, දතකට දතක්, අතකට අතක්, පයකට පයක් කියන නීතියට අනුව වැඩ කරන්න.+

පාදසටහන්

මූ.අ., “ලේවල පළිය ගන්න කෙනා.”
හෝ, “නිකරුණේ.”