ද්විතීය කතාව 9:1-29

  • ඊශ්‍රායෙල්වරුන්ට දේශය දෙන්න හේතුව (1-6)

  • ඊශ්‍රායෙල්වරු හතර සැරයක් යෙහෝවාව කේන්ති ගස්සයි (7-29)

    • රත්තරන් වස්සා (7-14)

    • මෝසෙස් කන්නලව් කළා (15-21, 25-29)

    • දෙවියන්ව කේන්ති ගස්සපු තවත් අවස්ථා තුනක් (22)

9  “ඊශ්‍රායෙල්වරුනි, ඇහුම්කන් දෙන්න. අද ඔයාලා යොර්දාන් ගඟෙන් එගොඩ වෙන්නේ+ ඔයාලට වඩා විශාල, බලවත් ජාතීන්ව පන්නලා දාන්නයි.+ අහස උසට හදපු පවුරුවලින් වට වුණ ලොකු බලකොටුවල ඉන්න ඒ ජාතීන්ව+ ඔයාලා පන්නලා දානවා.  ඔයාලා එළවලා දාන්න යන්නේ අනාක්වරුන්වයි.+ එයාලා හරිම උස මහත ශක්තිමත් සෙනඟක්. ‘අනාක්වරුන්ට විරුද්ධව සටන් කරන්න පුළුවන් කාටද’ කියන කතාවත් ඔයාලා අහලා ඇති.  ඒත් ගඟෙන් එගොඩ වෙලා ඒ දේශයට යද්දී ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ඉස්සරහින් යනවා කියලා මතක තියාගන්න.+ ඔහු ඇවිළෙන ගින්නකට සමානයි.+ ඔහු ඒ ජාතීන්ව නැත්තටම නැති කරලා දානවා. ඔයාලාගේ ඇස් පනාපිටම ඒ ජාතීන්ව ඔයාලට යටත් කරලා දෙනවා. යෙහෝවා පොරොන්දු වුණ විදිහටම ඔයාලා හරිම ටික කාලයක් ඇතුළත එයාලව දේශයෙන් පන්නලා, විනාශ කරලා දානවා.+  “ඒත් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඒ ජාතීන්ව එළවලා දැම්මාට පස්සේ ‘යෙහෝවා මේ දේශය අපිට උරුම කරලා දුන්නේ අපි හරිම ධර්මිෂ්ඨ සෙනඟක් නිසයි’ කියලා කවදාවත් හිතන්න එපා.+ ඇත්තටම යෙහෝවා මේ ජාතීන්ව පන්නලා දාන්නේ එයාලාගේ දුෂ්ටකම් නිසයි.+  එයාලාගේ දේශය ඔයාලට උරුම වෙන්නේ ඔයාලා ධර්මිෂ්ඨ විදිහට වැඩ කරන, නිර්දෝෂ සෙනඟක් නිසා නෙමෙයි. ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඒ ජාතීන්ව ඔයාලා ඉස්සරහින් පන්නලා දාන්නේ එයාලාගේ දුෂ්ටකම් නිසයි.+ ඒ වගේම යෙහෝවා ඔයාලාගේ මුතුන්මිත්තන් වුණ ආබ්‍රහම්ට,+ ඊසාක්ට+ සහ යාකොබ්ට+ දුන්න පොරොන්දුව නිසයි.  මේක කොහොමටවත් අමතක කරන්න එපා. ඔයාලාගේ දෙවි වන යෙහෝවා මේ සරුසාර දේශය ඔයාලට උරුම කරලා දෙන්නේ ඔයාලා ධර්මිෂ්ඨ සෙනඟක් නිසා නෙමෙයි. ඇත්තටම ඔයාලා හරිම මුරණ්ඩු සෙනඟක්.+  “ඔයාලා පාළුකරයේ ගමන් කරද්දී ඔයාලාගේ දෙවි වන යෙහෝවාව කේන්ති ගස්සපු විදිහ කවදාවත් අමතක කරන්න එපා.+ ඊජිප්තු දේශයෙන් නිදහස් වෙලා ආපු දවසේ ඉඳන් මේ වෙන කල් ඔයාලා කළේ යෙහෝවාට විරුද්ධව කැරලිගහන එක.+  හොරෙබ්වල ඉද්දීත් ඔයාලා යෙහෝවාව කේන්ති ගැස්සුවා. කොච්චරද කියනවා නම් ඔයාලව විනාශ කරලා දාන්න තරම් කේන්තියක් යෙහෝවාට ඇති වුණා.+  යෙහෝවා ඔයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම+ ලියපු ගල් පුවරු දෙක+ අරගෙන එන්න මම කන්දට නැග්ග වෙලාවේ වුණ දේ මතකද? මම ඒ කන්දේ රෑ දවල් දවස් 40ක්ම හිටියා.+ ඒ කාලය පුරාම මම මුකුත් කෑවෙවත් බිව්වෙවත් නැහැ. 10  යෙහෝවා ඔහුගේ ඇඟිල්ලෙන්* ලියපු ගල් පුවරු දෙක මට දුන්නා. මුළු ඊශ්‍රායෙල් සෙනඟ රැස් වෙලා හිටපු වෙලාවේ යෙහෝවා ගින්න අතරින් කතා කරලා ඔයාලට කියපු හැම දෙයක්ම ඒ පුවරුවල ලියලා තිබුණා.+ 11  සෙනඟ එක්ක ඇති කරගත්ත ගිවිසුම ලියලා තිබුණ ගල් පුවරු දෙක දවල් 40කට සහ රෑ 40කට පස්සේ යෙහෝවා මට දුන්නා. 12  ඊටපස්සේ යෙහෝවා මට මෙහෙම කිව්වා. ‘ඉක්මන් කරන්න. දැන් කන්දෙන් බැහැලා යන්න. ඔයා ඊජිප්තුවේ ඉඳන් එක්කගෙන ආපු ඔයාගේ සෙනඟ රූපයක්*+ හදාගෙන හරිම දුෂ්ට දෙයක් කරනවා.+ මං අණ කරපු දේවල් එයාලට කොච්චර ඉක්මනට අමතක වෙලාද!’ 13  ඊළඟට යෙහෝවා මට මෙහෙම කිව්වා. ‘මේ සෙනඟ කරන දේවල් දිහා මං බලාගෙනයි ඉන්නේ. එයාලා හරිම මුරණ්ඩු සෙනඟක්!+ 14  මම එයාලවත් එයාලාගේ නමත් අහස යට ජීවත් වෙන කාටවත් මතක් වෙන්නේ නැති විදිහට මකලා දානවා. මාව වළක්වන්න හදන්න එපා. එයාලා වෙනුවට එයාලට වඩා බලවත්, විශාල ජාතියක් ඔයාගෙන් බිහි කරන්න මට ඉඩ දෙන්න.’+ 15  “ඉතින් මම ගිවිසුම ලියලා තිබුණ ගල් පුවරු දෙකත්+ අරගෙන ගින්දර ඇවිළෙමින් තිබුණ කන්දෙන්+ පල්ලෙහට බැහැලා ආවා. 16  එතකොට මම දැක්කා ඔයාලාගේ දෙවි වන යෙහෝවාට විරුද්ධව ඔයාලා කොච්චර ලොකු වරදක් කරලා තියෙනවාද කියලා. ඔයාලා වස්සෙක්ගේ රූපයක් හදලා තිබුණා. යෙහෝවා අණ කරපු දේවල් ඔයාලා හරිම ඉක්මනට අමතක කළා.+ 17  ඒක දැක්කාම මගේ අතේ තිබුණ ගල් පුවරු දෙක මම ඔයාලා ඉස්සරහම පොළොවේ ගැහුවා. ඒවා කෑලි කෑලිවලට කැඩිලා ගියා.+ 18  ඊටපස්සේ මම ආයෙත් දවස් 40ක් රෑ දවල් දෙකේ යෙහෝවා ඉස්සරහා වැඳ වැටිලා කන්නලව් කළා. ඒ කාලේදී මම කිසිම දෙයක් කෑවෙවත් බිව්වෙවත් නැහැ.+ මම එහෙම කළේ ඔයාලා යෙහෝවා ඉස්සරහා දුෂ්ට දෙයක් කරලා ඔහුට විරුද්ධව කරපු වැරදි නිසයි. ඔයාලා ඔහුව කේන්ති ගැස්සුවා. 19  ඒ වෙලාවේ මට ලොකු බයක් දැනුණා. මොකද යෙහෝවාට කොච්චර කේන්ති ගිහින්+ තිබුණාද කියනවා නම් ඔහු ඔයාලව සම්පූර්ණයෙන්ම විනාශ කරන්න ලෑස්ති වුණා. ඒත් යෙහෝවා ඒ වෙලාවෙත් මගේ කන්නලව්වලට ඇහුම්කන් දුන්නා.+ 20  “යෙහෝවා ආරොන් එක්කත් කේන්තියෙන් හිටියේ. ඔහු ආරොන්වත් විනාශ කරලා දාන්න ලෑස්ති වෙලා හිටියා.+ ඒ වෙලාවේ මම ආරොන් වෙනුවෙනුත් කන්නලව් කළා. 21  ඊටපස්සේ ඔයාලා දෙවියන්ට විරුද්ධව වැඩ කරලා හදාගත්ත ඒ වස්සාව+ මම ගින්නෙන් පුච්චලා දැම්මා. ඒක පොඩි කරලා, දූවිලි වෙන කල් කුඩු කරලා දැම්මා. ඒ කුඩු ටික කන්දෙන් ගලාගෙන ආව වතුර පාරකට වීසි කරලා දැම්මා.+ 22  “ඒ විතරක්ද? ඔයාලා තබෙරාවලදීත්+ මස්සාහ්වලදීත්+ කිබ්‍රොත්හත්තාවා+ කියන තැනදීත් යෙහෝවාව කේන්ති ගැස්සුවා. 23  කාදෙෂ්බර්නේයවලදී+ ආයෙත් ඔයාලා යෙහෝවාට විරුද්ධව කැරලිගැහුවා.+ එහෙදී ඔහු ඔයාලට කිව්වා ‘දැන් ගිහින් මං ඔයාලට දෙන්න යන දේශය අයිති කරගන්න. ඒක ඔයාලට අනිවාර්යයෙන්ම මම දෙනවා’ කියලා. ඒත් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ගැන ඔයාලට කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ.+ ඔයාලා ඔහුට අකීකරු වුණේ ඒ නිසයි. 24  මම ඔයාලව දන්න කාලේ ඉඳලා ඔයාලා කරන්නෙම යෙහෝවාට විරුද්ධව කැරලිගහන එක. 25  “යෙහෝවා ඔයාලව විනාශ කරනවා කියලා කිව්ව නිසා මම දවස් 40ක් රෑ දවල් දෙකේම+ යෙහෝවා ඉස්සරහා වැඳ වැටිලා කන්නලව් කළා. 26  මම ඒ වෙලාවේ යෙහෝවාගෙන් මෙහෙම ඉල්ලුවා. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, අනේ ඔයාගේ සෙනඟව විනාශ කරන්න එපා. ඔයා ඔයාගේ මහත් බලය පාවිච්චි කරලා, ආශ්චර්යයන් කරලා එයාලව ඊජිප්තුවෙන් නිදහස් කරගෙන ආවා.+ එයාලා අයිති ඔයාටයි.*+ 27  ඔයාගේ සේවකයන් වුණ ආබ්‍රහම්ව, ඊසාක්ව සහ යාකොබ්ව සිහි කරන්න.+ මේ සෙනඟගේ මුරණ්ඩුකමත් දුෂ්ටකමත් එයාලා කරපු වරදත් අමතක කරලා දාන්න.+ 28  නැත්නම් ඊජිප්තුවේ මිනිස්සු කියයි “පොරොන්දු වුණ විදිහට ඒ දේශයට එයාලව අරන් යන්න යෙහෝවාට බැරි වුණානේ. ඔහු එයාලට වෛර කළා. ඒ නිසයි එයාලව ඊජිප්තුවෙන් එළියට අරන් ඇවිත් පාළුකරයේදී මරලා දැම්මේ” කියලා.+ 29  දෙවියනි, මේ ඔයාගෙම සෙනඟ. එයාලා අයිති ඔයාටයි.+ මේ සෙනඟව තමයි ඔයා ඔයාගේ මහත් බලය හරි පුදුම විදිහට පාවිච්චි කරලා නිදහස් කරගෙන ආවේ.’+

පාදසටහන්

හෝ, “ඔහුගේ බලයෙන්.”
හෝ, “ලෝහ උණු කරලා රූපයක්.”
හෝ, “ඔයාගේ උරුමය.”