Skip to content

පටුනට යන්න

දානියෙල් පොත

පරිච්ඡේද

1 2 3 4 5 6 7 8 9 10 11 12

පොතේ සාරාංශයක්

  • 1

    • බැබිලෝනිවරුන් යෙරුසලම වටලයි (1, 2)

    • වංශවත් පවුල්වල තරුණයන්ට විශේෂ පුහුණුවක් (3-5)

    • හෙබ්‍රෙව්වරුන් හතරදෙනෙක්ගේ විශ්වාසය සෝදිසියට ලක් වෙයි (6-21)

  • 2

    • නෙබුකද්නෙෂර් රජ දැක්ක හීනය (1-4)

    • හීනය පැහැදිලි කරන්න උගතුන් කාටවත් බැරි වෙයි (5-13)

    • දානියෙල් දෙවියන්ගේ උදව් ඉල්ලයි (14-18)

    • රහස හෙළි කරපු නිසා දෙවියන්ට ප්‍රශංසා කරයි (19-23)

    • දානියෙල් රජට හීනය විස්තර කරයි (24-35)

    • හීනයේ තේරුම (36-45)

      • රාජ්‍යය කියන ගල රූපය කුඩු කරයි (44, 45)

    • රජ දානියෙල්ට ගෞරව කරයි (46-49)

  • 3

    • නෙබුකද්නෙෂර්ගේ රන් රූපය (1-7)

      • රූපයට වඳින්න කියලා බල කරයි (4-6)

    • කීකරු වුණේ නැහැ කියලා හෙබ්‍රෙව්වරුන් තුන්දෙනාට චෝදනා කරයි (8-18)

      • “අපි කවදාවත් ඔබේ දෙවිවරුන්ට නම් නමස්කාර කරන්නේ නැහැ” (18)

    • ගිනි උදුනට දායි (19-23)

    • ගිනි උදුනෙන් ආශ්චර්යවත් විදිහට බේරගනියි (24-27)

    • රජ හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන්ට ප්‍රශංසා කරයි (28-30)

  • 4

    • නෙබුකද්නෙෂර් රජ දෙවියන්ගේ පාලනය පිළිගනියි (1-3)

    • ගහක් ගැන රජ දැක්ක හීනය (4-18)

      • කපපු ගහ කාලවල් හතක් එහෙම්මම තියෙනවා (16)

      • දෙවියන් මිනිස් ආණ්ඩුවලට වඩා ඉහළින් ඉන්නවා (17)

    • දානියෙල් හීනයේ තේරුම පැහැදිලි කරයි (19-27)

    • මුල් ඉටු වීම රජට අදාළයි (28-36)

      • කාලවල් හතකට රජ සිහිවිකල් වෙයි (32, 33)

    • රජ ස්වර්ගයේ දෙවියන්ට ප්‍රශංසා කරයි (37)

  • 5

    • බෙල්ෂසර් රජගේ උත්සවය (1-4)

    • අතක් බිත්තියේ ලියයි (5-12)

    • ලියපු දේ පැහැදිලි කරන්න දානියෙල්ව ගෙන්නයි (13-25)

    • තේරුම: බැබිලෝනියේ වැටීම (26-31)

  • 6

    • පර්සියාවේ නිලධාරීන් දානියෙල්ට විරුද්ධව උගුලක් අටවයි (1-9)

    • දානියෙල් යාච්ඤා කරන එක අත්හරින්නේ නැහැ (10-15)

    • දානියෙල්ව සිංහ ගුහාවට දායි (16-24)

    • දාරියුස් රජ දානියෙල්ගේ දෙවියන්ට ගෞරව කරයි (25-28)

  • 7

    • මෘගයන් හතරදෙනා ගැන දැක්ක දර්ශන (1-8)

      • ආඩම්බර පොඩි අඟක් එයි (8)

    • අතීතයේ ඉඳලා ඉන්න තැනැත්තාණන් අධිකරණයේ වැඩ පටන්ගනියි (9-14)

      • මනුෂ්‍ය පුත්‍රයෙක්ව රජකමට පත් කරයි (13, 14)

    • දානියෙල්ට තේරුම පැහැදිලි කරයි (15-28)

      • මෘගයන් හතරදෙනා රජවරුන් හතරදෙනෙක් (17)

      • ශුද්ධ අයට රාජ්‍යය ලැබෙනවා (18)

      • අං දහයක් නැත්නම් රජවරුන් දහදෙනෙක් නැඟී සිටියි (24)

  • 8

    • බැටළුවෙක් සහ එළුවෙක් ගැන දර්ශනය (1-14)

      • පොඩි අඟ අහංකාර විදිහට වැඩ කරයි (9-12)

      • දවස් 2,300ක් යන කල් (14)

    • ගාබ්‍රියෙල් දර්ශනය පැහැදිලි කරයි (15-27)

      • බැටළුවා සහ එළුවා ගැන පැහැදිලි කරයි (20, 21)

      • භයානක පෙනුමක් තියෙන රජෙක් නැඟී සිටියි (23-25)

  • 9

    • දානියෙල්ගේ කන්නලව්ව (1-19)

      • අවුරුදු 70ක් පාළුවට යයි (2)

    • ගාබ්‍රියෙල් දානියෙල්ව හම්බ වෙන්න එයි (20-23)

    • සති 70 ගැන අනාවැකිය (24-27)

      • සති 69කට පස්සේ මෙසියස් පැමිණෙයි (25)

      • මෙසියස්ව මරලා දායි (26)

      • නුවර සහ ශුද්ධස්ථානය විනාශ කරයි (26)

  • 10

    • දෙවියන්ගේ දූතයෙක් දානියෙල්ව හම්බ වෙන්න එයි (1-21)

      • දේවදූතයාට මිකායෙල් උදව් කරයි (13)

  • 11

    • පර්සියාවේ සහ ග්‍රීසියේ රජවරු (1-4)

    • උතුරේ සහ දකුණේ රජවරු (5-45)

      • බදු එකතු කරන්නෙක් නැඟී සිටියි (20)

      • ගිවිසුමේ නායකයාව මරලා දායි (22)

      • බලකොටුවල දෙවියන්ට ගෞරවය දෙයි (38)

      • උතුරේ සහ දකුණේ රජවරු දිගටම ගැටෙයි (40)

      • නැඟෙනහිරෙන් සහ උතුරෙන් ලැබෙන ආරංචි නිසා කලබල වෙයි (44)

  • 12

    • “අවසාන කාලය” සහ ඊටපස්සේ (1-13)

      • මිකායෙල් නැඟී සිටියි (1)

      • අවබෝධයෙන් වැඩ කරන අය බැබළෙයි (3)

      • නිවැරදි දැනුම නොඅඩුව ලැබෙයි (4)

      • වෙන් කරපු කොටස ලබාගන්න දානියෙල් ආයෙත් නැඟිටියි (13)