දානියෙල් 12:1-13

  • “අවසාන කාලය” සහ ඊටපස්සේ (1-13)

    • මිකායෙල් නැඟී සිටියි (1)

    • අවබෝධයෙන් වැඩ කරන අය බැබළෙයි (3)

    • නිවැරදි දැනුම නොඅඩුව ලැබෙයි (4)

    • වෙන් කරපු කොටස ලබාගන්න දානියෙල් ආයෙත් නැඟිටියි (13)

12  “ඔයාගේ සෙනඟ වෙනුවෙන් පෙනී සිටින ශ්‍රේෂ්ඨ අධිපතියා+ වන මිකායෙල්*+ ඒ කාලයේදී නැඟී සිටිනවා. එදාට ගොඩක් දුෂ්කර කාලයක් එනවා. මුල්ම ජාතිය පිහිටවපු දවසේ ඉඳන් ඒ කාලය එන කල් ඒ වගේ දරුණු තත්වයක් උදා වෙලා නැහැ. ඒ කාලයේදී ඔයාගේ සෙනඟ ගැලවෙනවා.+ ලියවිල්ලේ නම් තියෙන හැමෝම ගැලවෙනවා.+  භූමියේ සැතපිලා ඉන්න හුඟදෙනෙක් නැඟිටිනවා. නැඟිටලා එන සමහර අයට සදහටම ජීවත් වෙන්න ලැබෙනවා. ඒත් නැඟිටලා එන තවත් අය නින්දාවට පත් වෙනවා. එයාලව සදහටම ප්‍රතික්ෂේප කරනවා.  “අවබෝධයෙන් වැඩ කරන අය දීප්තිමත් අහස වගේ බැබළෙනවා. ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න හුඟදෙනෙක්ට උදව් කරන අය තරු වගේ සදාකාලයෙන් සදාකාලයටම බැබළෙනවා.  “දානියෙල්, ඔයාට හෙළි කරපු මේ වචන ලියවිල්ලක සටහන් කරලා අවසාන කාලය වෙන කල් ඒක වහලා මුද්‍රා කරලා තියන්න.+ හුඟදෙනෙක් නිවැරදි දැනුම හොයාගන්න ලොකු වෙහෙසක් දරන නිසා එයාලට ඒක නොඅඩුව ලැබෙනවා.”+  ඊටපස්සේ දානියෙල් වන මම දැක්කා තව දෙන්නෙක් ගඟ ළඟ හිටගෙන ඉන්නවා. එක් කෙනෙක් මෙගොඩ හිටගෙන හිටියා. අනිත් කෙනා හිටියේ එගොඩ.+  එයාලාගෙන් එක් කෙනෙක් ලිනන් ඇඳුමක්+ ඇඳගෙන ගඟට ඉහළින් හිටපු කෙනාගෙන් මෙහෙම ඇහුවා. “මේ පුදුමාකාර සිදුවීම් හැම එකක්ම අවසන් වෙන්න කොච්චර කාලයක් ගත වෙයිද?”  එතකොට ලිනන් ඇඳුමක් ඇඳගෙන ගඟට ඉහළින් හිටපු කෙනා කතා කරනවා මට ඇහුණා. එයා අත් දෙකම අහස දිහාවට උස්සලා සදහටම ඉන්න තැනැත්තාණන්+ ගැන දිවුරලා මෙහෙම කිව්වා. “කාලයක්, කාල දෙකක් සහ කාල භාගයක්* නියම කරලා තියෙනවා. ශුද්ධ අයගේ බලය නැති කරලා දානවත් එක්කම+ මේ හැම සිදුවීමක්ම අවසන් වෙනවා.”  ඒ වචන ඇහුණත් ඔහු කියපු දේ මට තේරුණේ නැහැ.+ ඒ නිසා මම මෙහෙම ඇහුවා. “මගේ ස්වාමීනි, අන්තිමට මොකද වෙන්නේ?”  එතකොට ඔහු මට මෙහෙම කිව්වා. “දානියෙල්, ඔයා දැන් යන්න. මොකද අවසාන කාලය වෙන කල් ලියවිල්ල වහලා මුද්‍රා කරලයි තියෙන්නේ.+ 10  හුඟක් අය තමන්වම පිරිසිදු කරගෙන පවිත්‍ර තත්වයකට එනවා. එයාලා පවිත්‍ර ජීවිතයක් ගත කරනවා.+ දුෂ්ට අය දුෂ්ට විදිහට වැඩ කරනවා. එයාලාගෙන් කිසිම කෙනෙක් මේ දේවල් තේරුම්ගන්නේ නැහැ. ඒත් අවබෝධයෙන් වැඩ කරන අය මේ දේවල් තේරුම්ගන්නවා.+ 11  “නිතරම ඔප්පු කරන පූජාව+ නවත්තලා, විනාශයක් කරන පිළිකුල් දේ පිහිටුවන කාලයේ+ ඉඳලා දවස් 1,290ක් ගත වෙනවා. 12  “දවස් 1,335 ඉවර වෙන කල් ආසාවෙන්* බලාගෙන ඉන්න කෙනාට සතුටු වෙන්න පුළුවන්. 13  “ඔයා අවසානය දක්වාම විශ්වාසවන්තව ඉන්න. ඊටපස්සේ ඔයා නිදාගන්නවා. ඒත් ඒ කාලය ඉවර වුණාම ඔයාට වෙන් කරපු කොටස ලබාගන්න ඔයා ආයෙත් නැඟිටිනවා.”+

පාදසටහන්

තේරුම, “දෙවියන්ට සමාන තවත් කෙනෙක් ඉන්නවාද?”
ඒ කියන්නේ කාලවල් තුනහමාරක්.
හෝ, “උනන්දුවෙන්.”