Skip to content

පටුනට යන්න

දේශනාකාරයා පොත

පරිච්ඡේද

1 2 3 4 5 6 7 8 9 10 11 12

පොතේ සාරාංශයක්

  • 1

    • හැම දෙයක්ම නිෂ්ඵලයි (1-11)

      • පොළොව සදහටම තියෙනවා (4)

      • ස්වාභාවික චක්‍ර දිගටම තියෙනවා (5-7)

      • ඉර යට කිසිම අලුත් දෙයක් නැහැ (9)

    • මිනිස්සුන්ගේ ප්‍රඥාවට සීමාවක් තියෙනවා (12-18)

      • හුළඟ පස්සේ එළවගෙන යනවා වගෙයි (14)

  • 2

    • සලමොන් ලබාගත්ත දේවල් ගැන හැඟුණ විදිහ (1-11)

    • මිනිස්සුන්ගේ ප්‍රඥාව යම් දුරකට ප්‍රයෝජනවත් (12-16)

    • මහන්සි වෙලා වැඩ කරන එකත් නිෂ්ඵලයි (17-23)

    • කන්න, බොන්න, කරන වැඩවලින් සතුටක් ලබන්න (24-26)

  • 3

    • හැම දේකටම නියමිත කාලයක් තියෙනවා (1-8)

    • ජීවිතේ සතුටින් ඉන්න එක දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක් (9-15)

      • සදාකල් ජීවත් වෙන ආසාව මිනිස්සුන්ගේ හිතේ තියෙනවා (11)

    • දෙවියන් හැමෝවම සාධාරණ විදිහට විනිශ්චය කරනවා (16, 17)

    • මිනිස්සු වගේම සත්තුත් මැරෙනවා (18-22)

      • හැමෝම ආපහු දූවිල්ලට හැරෙනවා (20)

  • 4

    • පීඩා විඳිනවාට වඩා මැරෙන එක හොඳයි (1-3)

    • වැඩ ගැන හිතන්න ඕනෙ විදිහ (4-6)

    • යාළුවෙක්ගේ වටිනාකම (7-12)

      • එක් කෙනෙක්ට වඩා දෙන්නෙක් හොඳයි (9)

    • පාලකයෙක්ගේ ජීවිතෙත් නිෂ්ඵල වෙන්න පුළුවන් (13-16)

  • 5

    • දෙවියන් ඉදිරියේ ගරුබියක් ඇතුව ඉන්න (1-7)

    • නිලධාරීන් කරන දේවල් ඊට වඩා උසස් නිලධාරීන් බලාගෙන ඉන්නවා (8, 9)

    • ධන සම්පත් තිබුණත් වැඩක් නැහැ (10-20)

      • සල්ලිවලට ආස කරන කෙනා සෑහීමට පත් වෙන්නේ නැහැ (10)

      • සේවකයෙක්ට තියෙන්නේ සැප නින්දක් (12)

  • 6

    • දේවල් තිබුණත් සතුටක් ලබන්න බැහැ (1-6)

    • තියෙන දේවල් ගැන සතුටු වෙන්න (7-12)

  • 7

    • හොඳ නමක් සහ මැරෙන දවස (1-4)

    • ප්‍රඥාවන්තයෙක් දෙන තරවටුව (5-7)

    • ආරම්භයට වඩා අවසානය හොඳයි (8-10)

    • ප්‍රඥාවෙන් ලැබෙන ආරක්ෂාව (11, 12)

    • කරදර නැති දවස් සහ කරදර තියෙන දවස් (13-15)

    • කිසිම දේක අන්තයටම යන්න එපා (16-22)

    • උපදේශකයා තේරුම්ගත්ත දේවල් (23-29)

  • 8

    • මිනිස් පාලකයන් යටතේ (1-17)

      • රජගේ නියෝගවලට කීකරු වෙන්න (2-4)

      • මිනිස් පාලනය අනිත් අයට හානියක් (9)

      • දඬුවම ක්‍රියාත්මක කරන්න පරක්කු වෙද්දී (11)

      • කාලා බීලා සතුටින් ඉන්න (15)

  • 9

    • හැමෝටම අන්තිමේදී වෙන්නේ එකම දේ (1-3)

    • මරණය උරුම වුණත් ජීවිතේ සතුටින් ගත කරන්න (4-12)

      • මැරුණ අය කිසිම දෙයක් දන්නේ නැහැ (5)

      • මිනී වළේදී කිසිම දෙයක් කරන්න බැහැ (10)

      • නොහිතන වෙලාවක බලාපොරොත්තු නොවුණ දේවල් වෙනවා (11)

    • ප්‍රඥාවන්ත කෙනෙක්ව හැම වෙලේම පිළිගන්නේ නැහැ (13-18)

  • 10

    • පොඩි මෝඩකමක් ගෞරවය නැති කරයි (1)

    • දෙයක් හරියට නොකරන එකේ අනතුරු (2-11)

    • මෝඩයාට ලැබෙන ප්‍රතිඵල (12-15)

    • පාලකයන්ගේ මෝඩකම් (16-20)

      • ඔයා කියපු දේ කුරුල්ලෙක් ගිහින් කියයි (20)

  • 11

    • අවස්ථාව මඟහැර ගන්න එපා (1-8)

      • කෑම වතුරට දාන්න (1)

      • උදේ ඉඳන් හවස් වෙන කල්ම බීජ වපුරන්න (6)

    • තරුණ කාලේ සතුටු වුණත් වගකීමෙන් වැඩ කරන්න (9, 10)

  • 12

    • වයසට යන්න කලින් නිර්මාතෘව සිහි කරන්න (1-8)

    • උපදේශකයාගේ නිගමනය (9-14)

      • ප්‍රඥාවන්ත වදන් කෙවිටක් වගෙයි (11)

      • සැබෑ දෙවියන්ට ගරුබිය දක්වන්න (13)