දේශනාකාරයා 1:1-18
1 දාවිත්ගේ පුතා සහ යෙරුසලමේ රජ වුණ+ උපදේශකයාගේ*+ වචන තමයි මේ.
2 “කිසිම දේකින් පලක් නැහැ” කියලා උපදේශකයා කියනවා.“කිසිම දේකින් පලක් නැහැ. හැම දෙයක්ම නිෂ්ඵලයි.”+
3 මිනිසෙක් වෙහෙස මහන්සි වෙලා කරන කිසිම දේකින් ප්‍රයෝජනයක් තියෙනවාද?මහන්සි වෙලා ඉර යට කරන කිසිම දේකින් වැඩක් තියෙනවාද?+
4 එක පරම්පරාවක් නැති වෙලා යනවා. තව පරම්පරාවක් බිහි වෙනවා.ඒත් පොළොව සදහටම තියෙනවා.+
5 හිරු උදා වෙයි. හිරු බැස යයි.ඒක ආපහු උදා වෙන්න හිටපු තැනටම වේගයෙන් යයි.+
6 හුළඟ දකුණු දෙසට හමාගෙන ගිහින් කැරකිලා උතුරු දෙසට හමයි.හුළඟ කැරකි කැරකි දිගටම හමා යයි. නොනැවතී වට රවුමේ යයි.
7 හැම දිය පහරක්ම මුහුදට ගලා බසියි. ඒත් මුහුද පිරිලා ඉතිරිලා යන්නේ නැහැ.+
ඒ ජලය දිය දහරා පටන්ගත්ත තැනටම නැවතත් යයි. එහෙම යන්නේ ආපහු ගලා බහින්නයි.+
8 කරන හැම දේකින්ම කෙනෙක් වෙහෙසට පත් වෙයි.කාටවත් ඒ ගැන විස්තර කරන්න බැහැ.
ඇහැ කොච්චර දේවල් දැක්කත් සෑහීමට පත් වෙන්නේ නැහැ.කොච්චර දේවල් ඇහුවත් කන සෑහීමට පත් වෙන්නේ නැහැ.
9 කලින් සිද්ධ වුණ දේවල්මයි ආයේ ආයේ වෙන්නේ.කලින් කරපු දේවල්මයි ආයේ ආයේ කරන්නේ.ඉර යට කිසිම අලුත් දෙයක් නැහැ.+
10 “මේ බලන්න! මේක අලුත් දෙයක්” කියලා කිසිම දෙයක් ගැන කියන්න පුළුවන්ද?
ඉස්සර ඉඳන් ඒක තිබුණා.අපි ඉපදෙන්න කලින් ඉඳන් ඒක තිබුණා.
11 අතීතයේ හිටපු අයව දැන් කාටවත් මතක නැහැ.ඉස්සරහට එන අයවත් අමතක වෙලා යනවා.
එයාලට පස්සේ එන අයවත් අමතක වෙලා යනවා.+
12 උපදේශකයා වන මම තමයි යෙරුසලමේ ඉඳන් පාලනය කරන ඊශ්‍රායෙල් දේශයේ රජ.+
13 මගේ ප්‍රඥාව+ පාවිච්චි කරලා අහස යට තියෙන හැම දෙයක් ගැනම+ අධ්‍යයනය කරන්න මං අදිටන් කරගත්තා. දෙවියන් මිනිස්සුන්ට කරන්න දීලා තියෙන කිසි තේරුමක් නැති වැඩ ගැන මම හොඳට හොයලා බැලුවා. ඒ වැඩ ගැන මිනිස්සු හැමදාම කරදර වෙනවා.
14 ඉර යට කරන හැම වැඩක් දිහාම මම හොඳට බැලුවා.ඇත්තටම ඒ හැම දෙයක්ම කිසිම තේරුමක් නැති දේවල්. හරියට හුළඟ පස්සේ එළවගෙන යනවා වගෙයි.+
15 ඇද දෙයක් කෙළින් කරන්න බැහැ.නැති දෙයක් ගණන් කරන්නත් බැහැ.
16 මම මටම මෙහෙම කියාගත්තා. “මට කලින් යෙරුසලමේ හිටපු අනිත් හැමෝටම වඩා මම ප්‍රඥාවන්ත කෙනෙක් වුණා.+ මම ලබාගත්ත ප්‍රඥාව සහ දැනුම ගැන මගේ හිතේ ලොකු අගයක් ඇති වුණා.”+
17 මම ප්‍රඥාවන්ත දේවල් ගැන විතරක් නෙමෙයි හිතන්නේ බලන්නේ නැතුව කරන වැඩ ගැනත් මෝඩකම්* ගැනත් තේරුම්ගන්න උත්සාහ කළා.+ ඒකත් හුළඟ පස්සේ එළවගෙන යනවා වගේ දෙයක්.
18 මොකද ප්‍රඥාව වැඩි වෙද්දී කලකිරීමත් වැඩි වෙනවා.දැනුම වැඩි කරගන්න කෙනා වේදනාවත් වැඩි කරගන්නවා.+