දේශනාකාරයා 10:1-20

  • පොඩි මෝඩකමක් ගෞරවය නැති කරයි (1)

  • දෙයක් හරියට නොකරන එකේ අනතුරු (2-11)

  • මෝඩයාට ලැබෙන ප්‍රතිඵල (12-15)

  • පාලකයන්ගේ මෝඩකම් (16-20)

    • ඔයා කියපු දේ කුරුල්ලෙක් ගිහින් කියයි (20)

10  මළ මැස්සන් නිසා සුවඳ තෛලයක් නාස්ති වෙලා ගඳ ගහන්න පටන්ගන්නවා. ගෞරවය දිනාගත්ත ඥානවන්තයෙක්ගේ අතින් වෙන පොඩි මෝඩකමක් නිසා එයාගේ හොඳ නම නැති වෙලා යනවා.+  ප්‍රඥාවන්තයාගේ හිත එයාට හරි පාර පෙන්නලා දෙනවා. ඒත් මෝඩයාගේ හිත එයාට පෙන්නලා දෙන්නේ වැරදි පාර.+  මෝඩයා මොන දේ කළත් එයාගේ මෝඩකම* හොඳට පේනවා.+ එයා කොච්චර මෝඩද කියලා හැමෝම ඉස්සරහා ප්‍රදර්ශනය කරනවා.+  පාලකයෙක් ඔයාත් එක්ක කේන්ති ගත්තොත් ඔයා ඉන්න තැනින් අයින් වෙලා යන්න එපා.+ මොකද සන්සුන්ව ඉන්න එකෙන් බරපතළ වැරදි වෙන එක අඩු කරගන්න පුළුවන්.+  ඉර යට සිද්ධ වෙන කනගාටුදායක දෙයක් මම දැක්කා. ඒක සාමාන්‍යයෙන් බලතල තියෙන අය අතින් වෙන වරදක්.+  උසස් තනතුරුවල වැඩිපුර ඉන්නේ මෝඩයෝ. ඒත් දක්ෂ* අය ඉන්නේ පහත් තනතුරුවල.  සේවකයන් අශ්වයන් පිටේ නැඟලා යනවාත් අධිපතීන් සේවකයන් වගේ පයින් යනවාත් මම දැකලා තියෙනවා.+  වළක් හාරන කෙනා ඒ වළටම වැටෙන්න පුළුවන්.+ ගල් පවුරක් කඩලා දාන කෙනාට සර්පයෙක් දෂ්ට කරන්න පුළුවන්.  ගල් කඩන කෙනාට ඒ ගල්වලින් හානියක් වෙන්න පුළුවන්. දර පළන කෙනාටත් දර කෑලි වැදිලා අනතුරක් වෙන්න පුළුවන්.* 10  මොට්ට යකඩ ආයුධයක් මුවහත් කරන්නේ නැතුව පාවිච්චි කරද්දී ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඒත් ප්‍රඥාවන්තව වැඩ කරනවා නම් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. 11  නයාව නටවන්න කලින් ඌ දෂ්ට කළොත් නයි නටවන කෙනාගේ දක්ෂතාවෙන් කිසිම වැඩක් නැහැ. 12  ප්‍රඥාවන්තයා කියන දේවල්වලින් හිත් දිනාගන්නවා.+ ඒත් මෝඩයා කියන දේවල් එයාටම විනාශයක් ගේනවා.+ 13  එයා කට ඇරලා කියන මුල් වචන ටිකම මෝඩයි.+ එයා අන්තිමට කියන්නෙත් ලොකු විනාශයකට අත වනන විකාර කතා. 14  ඒත් මෝඩයා කියවන එක නම් නවත්තන්නේ නැහැ.+ ඉස්සරහට වෙන්නේ මොනවාද කියලා මිනිසෙක් දන්නේ නැහැ. කෙනෙක් නැති වුණාට පස්සේ වෙන දේවල් ගැන එයාට කියන්න පුළුවන් කාටද?+ 15  මෝඩයා මහන්සි වෙලා වැඩ කළත් එයා හෙම්බත් වෙනවා. අඩුම තරමේ නගරයට යන්නේ කොහොමද කියලවත් එයාට හොයාගන්න බැහැ. 16  රජ පොඩි දරුවෙක් නම් දේශයට මොකක් වෙයිද?+ අධිපතීන් උදේම කාලා බීලා සතුටු වෙන්න පටන්ගත්තොත් තත්වය කොච්චර දරුණුද! 17  ඒත් රජ වංශවත් කෙනෙක්ගේ පුතෙක් නම් දේශයට කොච්චර හොඳක් වෙයිද! අධිපතීන් බේබදුකම නිසා නෙමෙයි ශක්තිය ලබාගන්න ඕනෙ නිසා වෙලාවට කන අය නම් දේශයේ ඉන්න අයට කොච්චර සතුටින් ඉන්න පුළුවන් වෙයිද!+ 18  කම්මැළි කෙනෙක්ගේ වහලේ පරාල කැඩිලා බිමට පහත් වෙයි. එයා අත් දෙක බැඳගෙන බලාගෙන හිටියොත් ගේ තෙමෙයි.+ 19  කෑම* පිළියෙල කරන්නේ හිත සතුටු කරන්නයි. වයින්වලින් ජීවිතයට සතුටක් ගේනවා.+ ඒත් සල්ලිවලින් හැම අවශ්‍යතාවක්ම පිරිමහගන්න පුළුවන්.+ 20  ඔයාගේ හිතින්වත්* රජට ශාප කරන්න එපා.+ නිදන කාමරේ ඉද්දී ධනවතෙක්ට ශාප කරන්න එපා. මොකද කුරුල්ලෙක්ට ඒක ඇහිලා ඒක දැනුම් දෙයි. තටු තියෙන පුංචි සතෙක්ට ඒක ඇහිලා ඌ ඒක ගිහින් කියයි.

පාදසටහන්

ඒ කියන්නේ එයාට හිතලා මතලා වැඩ කරන්නවත් හොඳ තීරණ ගන්නවත් බැහැ කියලා.
මූ.අ., “පොහොසත්.”
හෝ සමහරවිට, “දර පළන කෙනාත් පරෙස්සම් වෙන්න ඕනේ.”
මූ.අ., “රොටි.”
හෝ සමහරවිට, “ඔයා ඇඳේ ඉද්දී.”