දේශනාකාරයා 11:1-10

  • අවස්ථාව මඟහැර ගන්න එපා (1-8)

    • කෑම වතුරට දාන්න (1)

    • උදේ ඉඳන් හවස් වෙන කල්ම බීජ වපුරන්න (6)

  • තරුණ කාලේ සතුටු වුණත් වගකීමෙන් වැඩ කරන්න (9, 10)

11  ඔයාගේ කෑම වතුරට දාන්න.*+ දවස් ගාණකට පස්සේ ඔයාට ඒවා ආපහු හම්බ වෙයි.+  ඔයාට තියෙන දෙයින් කොටසක් හත්දෙනෙක්ට, අටදෙනෙක්ට වුණත් දෙන්න.+ මොකද ඉස්සරහට පොළොවේ මොන වගේ විපතක්* වෙයිද කියලා ඔයා දන්නේ නැහැ.  වලාකුළු වතුරෙන් බර වෙලා නම් පොළොවට වැස්ස ඇද හැලෙනවා. ගහක් දකුණු පැත්තට හරි උතුරු පැත්තට හරි වැටෙන්න යනවා නම් ඒක වැටෙන පැත්ත වෙනස් කරන්න බැහැ.  හුළඟ දිහා බලාගෙන ඉන්න කෙනා වපුරන්නේ නැහැ. වලාකුළු දිහා බලාගෙන ඉන්න කෙනා අස්වැන්න නෙළාගන්නේ නැහැ.+  මව්කුසේ ඉන්න බිලිඳෙක්ගේ වර්ධනයට ජීව බලය* උදව් වෙන විදිහ ඔයා දන්නේ නැහැ වගේ+ හැම දෙයක්ම කරන සැබෑ දෙවියන් වැඩ කරන්නේ කොහොමද කියලත් ඔයා දන්නේ නැහැ.+  උදෑසනම ඔයා ළඟ තියෙන බීජ වපුරන්න. හවස් වෙන කල්ම විවේක ගන්න එපා.+ මොකද කොයි එක පැළ වෙයිද කියලා ඔයා දන්නේ නැහැ. ඒක පැළ වෙයිද මේක පැළ වෙයිද නැත්නම් දෙකම පැළ වෙයිද කියලා ඔයා දන්නේ නැහැ.  ආලෝකය අපිව ප්‍රාණවත් කරනවා. හිරු එළිය දකින්න ලැබෙන එක හොඳ දෙයක්.  මිනිසෙක්ට අවුරුදු ගාණක් ජීවත් වෙන්න ලැබෙනවා නම් එයා ඒ හැම දවසක්ම සතුටින් ගත කරන්න ඕනේ.+ හැබැයි අඳුරු දවස් ගොඩක් තියෙන්න පුළුවන් කියලත් එයා මතක තියාගන්න ඕනේ. ඉදිරියේදී එන ඒ හැම දවසක්ම කිසි තේරුමක් නැති දවස්.+  තරුණයෙනි, යෞවන කාලය සතුටින් ගත කරන්න. තරුණ වයසේ ඉද්දී ජීවිතේ සතුටින් ගත කරන්න. ඔයාගේ හිතේ ආශාවන් ඉටු කරගන්න. ඔයාට හරියි කියලා පේන දේ කරන්න. ඒත් ඔයා කරන ඒ හැම දෙයක් ගැනම සැබෑ දෙවියන්ට වග කියන්න ඕනෙ* කියලා මතක තියාගන්න.+ 10  ඔයාගේ හිතට දුකක් ගේන දේවලින් වැළකෙන්න. ඔයාගේ ශරීරයට හානියක් වෙන දේවලින් ආරක්ෂා වෙන්න. මොකද තරුණ කාලෙනුත් තරුණ ශක්තියෙනුත් කිසි තේරුමක් නැහැ.+

පාදසටහන්

හෝ, “වතුරේ පා කරලා යවන්න.”
හෝ, “ආපදාවක්.”
මේකෙන් දෙවියන්ගේ බලයත් අදහස් වෙන්න පුළුවන්.
හෝ, “සැබෑ දෙවියන් ඔයාව විනිශ්චය කරයි.”