දේශනාකාරයා 12:1-14

  • වයසට යන්න කලින් නිර්මාතෘව සිහි කරන්න (1-8)

  • උපදේශකයාගේ නිගමනය (9-14)

    • ප්‍රඥාවන්ත වදන් කෙවිටක් වගෙයි (11)

    • සැබෑ දෙවියන්ට ගරුබිය දක්වන්න (13)

12  තරුණයෙනි, තරුණ කාලේදී ඔයාගේ ශ්‍රේෂ්ඨ නිර්මාතෘව සිහි කරන්න.+ දුෂ්කර දවස් එන්න කලින්+ “මට ජීවිතෙන් කිසි සතුටක් නැහැ” කියලා කියන දවස් එන්න කලින් එහෙම කරන්න.  ඉර, හඳ සහ තරු අඳුරු වෙන්න කලින්,+ වැස්සකින් පස්සේ ආයෙත් වැහි වලාකුළු එන්න කලින්* එහෙම කරන්න.  එදාට ගෙදර මුරකරුවෝ වෙවුලයි. ශක්තිමත් පුරුෂයන්ට කෙළින් හිටගන්න බැරි වෙයි. අඹරන ස්ත්‍රීන්ගේ ගාණ අඩු වෙන නිසා අඹරන වැඩ නවතියි. ජනේලයෙන් එළිය බලන කාන්තාවන්ට හැම දෙයක්ම අඳුරු වෙලා පෙනෙයි.+  පාරට විවෘත වෙන දොරවල් වැහිලා තියෙයි. ඇඹරුම් ගලේ ශබ්දය අඩු වෙලා යයි. එදාට කුරුල්ලෙක්ගේ ශබ්දයට පවා ඔයා ඇහැරෙයි. ගායිකාවන්ගේ ගී හඬ ඇහෙන්නේ නැති තරම්.+  ඔයා ඉහළ තැන්වලට බය වෙයි. පාරට බහින්නත් බය වෙයි. ආමන්ඩ් ගහේ මල් පිපෙයි.+ තණකොළ පෙත්තා ගාටගාට ඇවිදියි. කෑම රුචියත් නැති වෙයි.* මොකද සෑහෙන කාලයක් පුරා විවේක ගන්න තැනට මිනිසා ඇවිදගෙන යනවා.+ වැලපෙන අය පාරවල් දිගේ ඇවිදගෙන යනවා.+  රිදී ලණුව ලිහිලා යන්නත් රන් භාජනය කුඩු වෙන්නත් දිය උල්පත ළඟ තියෙන බඳුන බිඳෙන්නත් ළිඳෙන් වතුර අදින බොලොක්කය කැඩෙන්නත් කලින් ඔයාගේ නිර්මාතෘව සිහි කරන්න.  දූවිල්ලෙන් ආපු මිනිසා ආපහු දූවිල්ලටම හැරිලා යනවා.+ ජීවන හුස්ම* ඒක ලබා දුන්න සැබෑ දෙවියන් ළඟට යනවා.+  “කිසිම දේකින් පලක් නැහැ” කියලා උපදේශකයා+ කියනවා. “හැම දෙයක්ම නිෂ්ඵලයි.”+  උපදේශකයා ප්‍රඥාවන්ත කෙනෙක් වුණා විතරක් නෙමෙයි එයා දන්න දේවල් දිගටම මිනිස්සුන්ට කියලා දුන්නා.+ එයා කාරණා ගැන හොඳට හිතලා බැලුවා. හැම දෙයක් ගැනම ගැඹුරට හොයලා බැලුවා. එහෙම කළේ හිතෝපදේශ ගණනාවක් හරි පිළිවෙළට සකස් කරන්නයි.+ 10  උපදේශකයා ප්‍රිය වචන+ හොයන්නත් නිවැරදි වගේම සත්‍ය වචන වාර්තා කරන්නත් උත්සාහ කළා. 11  ප්‍රඥාවන්තයන්ගේ වචන කෙවිටක් වගේ.+ එකතු කරලා තියෙන එයාලාගේ වදන් හොඳට සවි කරපු ඇණ වගේ. ඒවා ලැබුණේ එක එඬේරෙක්ගෙන්. 12  මගේ පුතේ, ඒ දේවලට අමතරව ලියලා තියෙන දේවල් ගැන මම දෙන මේ අවවාදය හිතට ගන්න. පොත් පත් ලියන එකට කෙළවරක් නැහැ. ඒවා අධ්‍යයනය කරන්න කැප වෙන එකෙන් වෙන්නේ වෙහෙසක් දැනෙන එක විතරයි.+ 13  හැම දෙයක්ම ඇහුවාට පස්සේ මගේ නිගමනය මේකයි. සැබෑ දෙවියන්ට ගරුබිය දක්වන්න.+ ඔහුගේ ආඥා පිළිපදින්න.+ මිනිසෙක් කරන්න ඕනෙ වැදගත්ම දේ ඒකයි.+ 14  මොකද සැබෑ දෙවියන් මිනිස්සු කරන හැම දෙයක්ම, සැඟවිලා තියෙන දේවල් පවා විනිශ්චය කරනවා. ඒවා හොඳද නරකද කියලා ඔහු විනිශ්චය කරනවා.+

පාදසටහන්

හෝ සමහරවිට, “වලාකුළු ආපහු වැස්ස අරගෙන එන්න කලින්.”
මූ.අ., “කේප බෙරි පැළිලා යයි.” ඒකෙන් අදහස් කරන්නේ කෑම රුචිය ඇති කරන මේ ගෙඩි වර්ගයෙන් වැඩක් වෙන්නේ නැහැ කියලා.
හෝ, “ජීව බලය.”