දේශනාකාරයා 3:1-22

  • හැම දේකටම නියමිත කාලයක් තියෙනවා (1-8)

  • ජීවිතේ සතුටින් ඉන්න එක දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක් (9-15)

    • සදාකල් ජීවත් වෙන ආසාව මිනිස්සුන්ගේ හිතේ තියෙනවා (11)

  • දෙවියන් හැමෝවම සාධාරණ විදිහට විනිශ්චය කරනවා (16, 17)

  • මිනිස්සු වගේම සත්තුත් මැරෙනවා (18-22)

    • හැමෝම ආපහු දූවිල්ලට හැරෙනවා (20)

3  හැම දේකටම නියමිත කාලයක් තියෙනවා.අහස යට වෙන හැම දේකටම නියමිත කාලයක් තියෙනවා.   ඉපදෙන්න වගේම මැරෙන්න කාලයකුත්හිටවන්න වගේම හිටවපු දේ උදුරලා දාන්න කාලයකුත් තියෙනවා.   මරලා දාන්න වගේම සුව කරන්න කාලයකුත්කඩලා දාන්න වගේම ගොඩනඟන්න කාලයකුත් තියෙනවා.   අඬන්න වගේම හිනා වෙන්න කාලයකුත්වැලපෙන්න වගේම නටන්න* කාලයකුත් තියෙනවා.   ගල් අයින් කරන්න වගේම ගල් එකතු කරගන්න කාලයකුත්වැලඳගන්න වගේම වැලඳගන්නේ නැතුව ඉන්න කාලයකුත් තියෙනවා.   හොයන්න වගේම හොයන දේ නැති වුණා කියලා හිතන්න කාලයකුත්ළඟ තියාගන්න වගේම වීසි කරලා දාන්න කාලයකුත් තියෙනවා.   ඉරලා දාන්න+ වගේම මහන්න කාලයකුත්නිහඬව ඉන්න+ වගේම කතා කරන්න කාලයකුත් තියෙනවා.+   ආදරේ කරන්න වගේම වෛර කරන්න කාලයකුත්+යුද්ධ කරන්න වගේම සමාදානයෙන් ඉන්න කාලයකුත් තියෙනවා.  වැඩ කරන කෙනාට එයා දරන මහන්සියෙන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද?+ 10  මිනිස්සු හැමදාම කරදර වෙන වැඩ ගැන වගේම දෙවියන් එයාලට දීලා තියෙන හැම වැඩක් ගැනමත් මම හොඳට හොයලා බැලුවා. 11  ඔහු හැම දෙයක්ම හරිම ලස්සනට,* නියමිත වෙලාවට සිද්ධ වෙන විදිහට හැදුවා.+ ඔහු සදාකල් ජීවත් වෙන්න තියෙන ආසාව මිනිස්සුන්ගේ හිතේ තිබ්බා. ඒත් සැබෑ දෙවියන් මුල ඉඳන් අග වෙන කල් කරලා තියෙන දේවල් සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න මිනිසාට කවදාවත් බැහැ. 12  ජීවිත කාලේ පුරාම යහපත් දේවල් කරලා සතුටින් ඉන්න එක තරම් හොඳ දෙයක් තවත් නැහැ කියලා මම තේරුම්ගත්තා.+ 13  ඒ වගේම කන බොන එක, මහන්සි වෙලා කරන වැඩවලින් සතුටක් ලබන එක හොඳ දෙයක්. ඒක දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්.+ 14  සැබෑ දෙවියන් හදන හැම දෙයක්ම සදහටම තියෙනවා කියලා මම තේරුම්ගත්තා. ඒවාට දෙයක් එකතු කරන්නවත් ඒවායින් දෙයක් අඩු කරන්නවත් අවශ්‍ය නැහැ. සැබෑ දෙවියන් හැම දෙයක්ම ඒ විදිහට හැදුවේ මිනිස්සුන්ට ඔහු ගැන ගරුබියක් ඇති වෙන්නයි.+ 15  දැන් සිද්ධ වෙන දේවල් කලිනුත් වෙලා තියෙනවා. ඉස්සරහට වෙන්න තියෙන දේවලුත් කලින් වෙලා තියෙනවා.+ ඒත් මිනිස්සු ලබාගන්න උත්සාහ කරන දේ* සැබෑ දෙවියන් ඉටු කරලා දෙනවා. 16  ඉර යට සිද්ධ වෙන තවත් දෙයක් මම දැක්කා. යුක්තිය තියෙන්න ඕනෙ තැන තියෙන්නේ දුෂ්ටකම. ධර්මිෂ්ඨකම තියෙන්න ඕනෙ තැන තියෙන්නෙත් දුෂ්ටකම.+ 17  ඉතින් මම මටම මෙහෙම කියාගත්තා. “සැබෑ දෙවියන් හරි දේ කරන කෙනාව වගේම දුෂ්ටයාවත් විනිශ්චය කරනවා.+ මොකද හැම වැඩකටම, හැම පියවරකටම නියමිත කාලයක් තියෙනවා.” 18  මම මෙහෙමත් හිතුවා. සැබෑ දෙවියන් මිනිස්සුන්ව සෝදිසි කරලා බලලා මිනිස්සු සහ සත්තු අතරේ වෙනසක් නැහැ කියලා එයාලට පෙන්නලා දෙනවා. 19  මොකද අන්තිමේදී මිනිස්සුන්ට වෙන දේම තමයි සතුන්ටත් වෙන්නේ. මිනිස්සු මැරෙන විදිහටම තමයි සත්තුත් මැරෙන්නේ.+ ඒ දෙගොල්ලන්ටම දීලා තියෙන ජීවන හුස්ම* එක සමානයි.+ ඉතින් මිනිස්සු සතුන්ට වඩා උසස් නැහැ. ඇත්තටම හැම දේකම කිසිම තේරුමක් නැහැ. 20  හැමෝම යන්නේ එකම තැනට.+ හැමෝවම හැදුවේ දූවිල්ලෙන්.+ හැමෝම ආපහු දූවිල්ලටම හැරිලා යනවා.+ 21  මිනිස්සුන්ගේ ජීවන හුස්ම ඉහළට යනවාද කියලවත් සතුන්ගේ ජීවන හුස්ම පොළොව දිහාවට යනවාද කියලවත් කවුද දන්නේ?+ 22  මිනිසෙක් තමන් කරන වැඩවලින් සතුටක් ලබන එක තරම් හොඳ දෙයක් තවත් නැහැ කියලා මම දැක්කා.+ ඒක තමයි එයාට ලැබෙන තෑග්ග. මොකද එයා මැරුණාට පස්සේ ජීවතුන් අතරේ වෙන දේවල් එයාට පෙන්නන්න පුළුවන් කාටද?+

පාදසටහන්

මූ.අ., “උඩ පැනපැන නටන්න.”
හෝ, “පිළිවෙළට.”
හෝ සමහරවිට, “මිනිස්සුන්ට නැති වෙලා ගිය දේ.”
හෝ, “ජීව බලය.”