දේශනාකාරයා 4:1-16

  • පීඩා විඳිනවාට වඩා මැරෙන එක හොඳයි (1-3)

  • වැඩ ගැන හිතන්න ඕනෙ විදිහ (4-6)

  • යාළුවෙක්ගේ වටිනාකම (7-12)

    • එක් කෙනෙක්ට වඩා දෙන්නෙක් හොඳයි (9)

  • පාලකයෙක්ගේ ජීවිතෙත් නිෂ්ඵල වෙන්න පුළුවන් (13-16)

4  ඉර යට ජීවත් වෙන මිනිස්සුන්ට කරන හැම තාඩන පීඩනයක් ගැනම මම ආපහු කල්පනා කරලා බැලුවා. පීඩාවට පත් වුණ අයගේ කඳුළු මම දැක්කා. එයාලව සනසන්න කවුරුත් හිටියේ නැහැ.+ එයාලට පීඩා කරන අයට බලය තිබුණා. ඇත්තටම එයාලව සනසන්න කවුරුත්ම හිටියේ නැහැ.  ඉතින් ජීවත් වෙන එකට වඩා මැරිලා ඉන්න එක හොඳයි කියලා මට හිතුණා.+  ඇත්තටම ඒ දෙකටම වඩා ඉපදුණේ නැත්නම් හොඳයි.+ මොකද ඉපදිලා නැති කෙනා ඉර යට සිද්ධ වෙන දුක් කරදර දකින්නේ නැහැ.+  තරඟකාරිත්වය නිසා ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්නත් දක්ෂතා දියුණු කරගන්නත් මිනිස්සු පෙලඹෙන විදිහ මං දැකලා තියෙනවා.+ ඒකත් හුළඟ පස්සේ එළවගෙන යනවා වගේ කිසි තේරුමක් නැති වැඩක්.  අත් දෙක බැඳගෙන ඔහේ බලාගෙන ඉන්න මෝඩයා තමන්වම විනාශ කරගන්නවා.+  වැඩ කන්දරාවක් කරලා හුළඟ පස්සේ එළවගෙන යනවාට වඩා පොඩි විවේකයක් ගන්න එක හොඳයි.+  ඉර යට කරන කිසි තේරුමක් නැති තවත් දෙයක් ගැන මං කල්පනා කළා.  එක මනුස්සයෙක් ඉන්නවා. එයා ඉන්නේ තනියම. එයාට යාළුවෙක්වත් පුතෙක්වත් සහෝදරයෙක්වත් නැහැ. ඒත් එයා ඉවරයක් නැතුව මැරීගෙන වැඩ කරනවා. එයා කොච්චර සල්ලි හම්බ කළත් සෑහීමට පත් වෙන්නේ නැහැ.+ ‘මං සැප විඳින්නෙවත් නැතුව මෙච්චර මැරීගෙන වැඩ කරන්නේ කවුරු වෙනුවෙන්ද’ කියලා එයා පොඩ්ඩකට නතර වෙලා හිතන්නේ නැහැ.+ එයාගේ ජීවිතේ කිසි තේරුමක් නැහැ. ඉතුරු වෙන්නේ කලකිරීමක් විතරයි.+  එක් කෙනෙක්ට වඩා දෙන්නෙක් හොඳයි.+ මොකද ඒ දෙන්නාගේ වෙහෙසට හොඳ ප්‍රතිඵල ලැබෙනවා.* 10  එයාලාගෙන් එක් කෙනෙක් වැටුණොත් අනිත් කෙනාට පුළුවන් එයාව නැඟිට්ටවන්න. ඒත් තනියම ඉන්න කෙනෙක් වැටුණොත් එයාට මොනවා වෙයිද? 11  දෙන්නෙක් එක ළඟ නිදාගත්තොත් එයාලට උණුසුම ලැබෙනවා. ඒත් තනියම ඉන්න කෙනෙක් උණුසුම ලබාගන්නේ කොහොමද? 12  තනියම ඉන්න කෙනෙක්ව පරද්දන්න තව කෙනෙක්ට පුළුවන්. ඒත් දෙන්නෙක්ට පුළුවන් ඒ කෙනාට විරුද්ධව ඉන්න. තුන්පට ලණුවක් ලේසියෙන් දෙකට කඩන්න බැහැ. 13  අවවාදයක් හිතට ගන්න කිසිම වුවමනාවක් නැති+ මෝඩ, මහලු රජෙක්ට වඩා දුප්පත් වුණත් ප්‍රඥාවන්ත දරුවෙක් හොඳයි.+ 14  කෙනෙක්* හිරෙන් නිදහස් වෙලා රජකම භාරගන්න ගියා.+ එයා, රජ පාලනය කරපු කාලේ දුප්පත් පවුලක ඉපදුණ දරුවෙක්.+ 15  ඉර යට ජීවත් වෙන හැම කෙනෙක් ගැනම මං හිතුවා. කලින් හිටපු රජ වෙනුවට අලුතින් රජ වෙන තරුණයාට වෙන දේ ගැනත් මං කල්පනා කළා. 16  එයාට සහය දෙන්න වැල නොකැඩී මිනිස්සු එනවා. ඒත් පස්සේ කාලෙක මිනිස්සු එයා ගැන සතුටු වෙන්නෙත් නැහැ.+ ඒකත් හුළඟ පස්සේ එළවගෙන යනවා වගේ කිසි තේරුමක් නැති වැඩක්.

පාදසටහන්

හෝ, “වැඩියෙන් ප්‍රයෝජන ලැබෙනවා.”
සමහරවිට මේකෙන් අදහස් කරන්නේ ප්‍රඥාවන්ත දරුවා ගැන වෙන්න ඇති.