දේශනාකාරයා 6:1-12

  • දේවල් තිබුණත් සතුටක් ලබන්න බැහැ (1-6)

  • තියෙන දේවල් ගැන සතුටු වෙන්න (7-12)

6  ඉර යට සිද්ධ වෙන තවත් කනගාටුදායක දෙයක් මං දැක්කා. ඒක මිනිස්සු අතරේ නිතරම වෙන දෙයක්.  මිනිසෙක් ආස කරන හැම දෙයක්ම ඒ කියන්නේ ධන සම්පත්, ගෞරවය සැබෑ දෙවියන් එයාට දීලා තියෙනවා. ඒත් ඒවායින් සතුටක් ලබන්න සැබෑ දෙවියන් එයාට අවස්ථාවක් දෙන්නේ නැහැ. අඳුරන්නේ නැති කෙනෙක් තමයි ඒවා භුක්ති විඳින්නේ. ඒකත් කිසි තේරුමක් නැති දෙයක්. හරිම කනගාටුදායක දෙයක්.  මිනිසෙක් ගොඩක් කල් ජීවත් වෙලා දරුවන් සියදෙනෙක් හැදුවත් මැරෙන්න කලින්* එයාට තියෙන හොඳ දේවල්වලින් සතුටක් ලබන්න බැරි නම් ඒකෙන් වැඩක් තියෙනවාද? ඉපදෙන කොටම මැරිලා ගිය දරුවෙක් එයාට වඩා හොඳයි කියලා මං හිතනවා.+  ඒ දරුවා ඉපදුණ එකෙන් කිසිම වැඩක් නැහැ. එයා අඳුරේම මැරිලා ගියා. එයාට නමක්වත් නැහැ.  ඒ දරුවාට හිරු එළිය දකින්නවත් කිසිම දෙයක් ගැන දැනගන්නවත් ලැබුණේ නැහැ. ඒ වුණත් කලින් කතා කරපු මිනිසාට වඩා සාමයක් එයාට තියෙනවා.*+  අවුරුදු දෙදාහක් ජීවත් වුණත් ජීවිතෙන් සතුටක් ලබන්නේ නැත්නම් ඇති වැඩේ මොකක්ද? අන්තිමේදී හැමෝම යන්නේ එකම තැනට නෙමෙයිද?+  මිනිසෙක් වෙහෙස මහන්සි වෙලා හැම දෙයක්ම කරන්නේ තමන්ගේ බඩ කට පුරවගන්නයි.+ ඒත් එයා කවදාවත් සෑහීමට පත් වෙන්නේ නැහැ.  මෝඩයාට වඩා ප්‍රඥාවන්තයාට තියෙන වාසිය මොකක්ද?+ කරදර මැද ජීවිතේ ගැටගහගන්න දුප්පතා දන්නවා වුණාට ඒකෙන් ඇති වැඩේ මොකක්ද?  ඉටු කරගන්න බැරි ආසාවන් පස්සේ යනවාට වඩා ඇහැට පේන දෙයින් සෑහීමට පත් වෙන එක හොඳයි. ඒකත් හුළඟ පස්සේ එළවගෙන යනවා වගේ කිසිම තේරුමක් නැති දෙයක්. 10  දැන් තියෙන හැම දේකටම නමක් දීලා තියෙනවා. මිනිස්සුන්ගේ සැබෑ ස්වභාවයත් හෙළි කරලා තියෙනවා. තමන්ට වඩා බලවත් කෙනෙක් ඉස්සරහා තමන් හරියි කියලා ඔප්පු කරන්න* මිනිසාට බැහැ. 11  කතාව වැඩි වෙද්දී හිස් වචන පිට වෙන එක වැඩි වෙනවා.* ඒකෙන් මිනිස්සුන්ට කිසි ප්‍රයෝජනයක් තියෙනවාද? 12  හෙවණැල්ලක් වගේ නැති වෙලා යන, කිසිම තේරුමක් නැති මේ කෙටි ජීවිත කාලේදී මිනිසෙක් කරන්න ඕනෙ හොඳම දේ මොකක්ද කියලා කවුද දන්නේ?+ කෙනෙක් නැති වුණාට පස්සේ ඉර යට සිද්ධ වෙන්න යන දේවල් ගැන එයාට කියන්න පුළුවන් කාටද?

පාදසටහන්

හෝ, “මිනී වළට යන්න කලින්.”
මූ.අ., “වැඩි විවේකයක් ලැබිලා තියෙනවා.”
හෝ, “වාද කරන්න.”
හෝ සමහරවිට, “දේවල් වැඩි වෙද්දී තේරුමක් නැති දේවලුත් වැඩි වෙනවා.”