දේශනාකාරයා 7:1-29

  • හොඳ නමක් සහ මැරෙන දවස (1-4)

  • ප්‍රඥාවන්තයෙක් දෙන තරවටුව (5-7)

  • ආරම්භයට වඩා අවසානය හොඳයි (8-10)

  • ප්‍රඥාවෙන් ලැබෙන ආරක්ෂාව (11, 12)

  • කරදර නැති දවස් සහ කරදර තියෙන දවස් (13-15)

  • කිසිම දේක අන්තයටම යන්න එපා (16-22)

  • උපදේශකයා තේරුම්ගත්ත දේවල් (23-29)

7  හොඳ නමක්* අනර්ඝ තෙල්වලට වඩා වටිනවා.+ ඉපදුණ දවසට වඩා මැරෙන දවස හොඳයි.  උත්සව ගෙදරකට යනවාට වඩා මරණ ගෙදරකට යන එක හොඳයි.+ මොකද අන්තිමේදී හැම කෙනෙක්ම මැරෙනවා. ජීවත් වෙලා ඉන්න අය ඒක හිතට ගන්න එක වැදගත්.  හිනාවෙන්ම ජීවිතේ ගෙවනවාට වඩා දුකක් අද්දකින එක හොඳයි.+ මොකද අද්දකින දුක නිසා කෙනෙක් තවත් හොඳ පුද්ගලයෙක් වෙනවා.+  මරණ ගෙදරකට යන ප්‍රඥාවන්තයා ජීවිතය ගැන බැරෑරුම් විදිහට හිතනවා. ඒත් මෝඩයාගේ හිත තියෙන්නේ උත්සව ගෙදර.*+  මෝඩයෙක්ගේ ප්‍රශංසාවලට* ඇහුම්කන් දෙනවාට වඩා ප්‍රඥාවන්තයෙක් දෙන තරවටුවට ඇහුම්කන් දෙන එක හොඳයි.+  මෝඩයාගේ හිනාව ලිපට දාන කටු අතු පුපුරන ශබ්දය වගෙයි.+ ඒකත් කිසි තේරුමක් නැති දෙයක්.  ප්‍රඥාවන්තයෙක් දුක් කරදරවලින් මිරිකිලා ඉද්දී මෝඩයෙක් වගේ හැසිරෙන්න පුළුවන්. අල්ලසක් නිසා කෙනෙක්ගේ හිත දූෂිත වෙනවා.+  මොනවා හරි දේක ආරම්භයට වඩා අවසානය හොඳයි. උඩඟු විදිහට වැඩ කරනවාට වඩා ඉවසිලිවන්තව ඉන්න එක හොඳයි.+  අමනාප වෙන්න* ඉක්මන් වෙන්න එපා.+ මොකද හිතේ අමනාපයක් පැහැවන්න ඉඩ දෙන්නේ මෝඩයෝ.*+ 10  “ඉස්සර කාලේ මීට වඩා කොච්චර හොඳද” කියලා කියන්න එපා. එහෙම කියන එක ඥානවන්ත දෙයක් නෙමෙයි.+ 11  ප්‍රඥාවන්ත කෙනෙක්ට උරුමයක් ලැබෙද්දී ඒකේ වටිනාකම වැඩියි. පොළොවේ ජීවත් වෙන හැමෝටම ප්‍රඥාවෙන් ප්‍රයෝජන ලැබෙනවා. 12  මුදලින් ආරක්ෂාවක් ලැබෙනවා වගේ+ ප්‍රඥාවෙනුත් ආරක්ෂාවක් ලැබෙනවා.+ ප්‍රඥාව ඒක තියෙන කෙනාගේ ජීවිතේ ආරක්ෂා කරනවා. කෙනෙක්ට තියෙන දැනුමට එකඟව වැඩ කරන එකේ වාසිය ඒකයි.+ 13  සැබෑ දෙවියන් කරලා තියෙන දේවල් ගැන කල්පනා කරලා බලන්න. ඔහු ඇද කරපු දෙයක් කෙළින් කරන්න පුළුවන් කාටද?+ 14  කරදර නැති දවසේදී සතුටින් යහපත් දේවල් කරන්න.+ ඒත් දුක් කරදර අද්දකින දවසේදී මතක තියාගන්න සතුට වගේම දුක් කරදරත් ඇති වෙන්න ඉඩහැරියේ දෙවියන් කියලා.+ ඔහු එහෙම කළේ අනාගතයේදී මොනවාද වෙන්නේ කියලා මිනිස්සුන්ට දැනගන්න බැරි වෙන්නයි.+ 15  මගේ මේ කෙටි ජීවිතේදී*+ මම හැම දෙයක්ම දැකලා තියෙනවා. ධර්මිෂ්ඨයා යහපත් දේවල් කළත් විනාශ වෙලා යන විදිහත්+ නපුරු දේ කරන දුෂ්ටයා ගොඩක් කල් ජීවත් වෙන විදිහත් මම දැකලා තියෙනවා.+ 16  ඕනෑවට වඩා ධර්මිෂ්ඨ වෙන්න එපා.+ ඕනෑවට වඩා ප්‍රඥාවන්ත වෙන්නත් එපා.+ එහෙම කරලා ඔයාටම හානියක් කරගන්න හදන්නේ ඇයි?+ 17  පව්කාරකම සැහැල්ලුවට අරන් දුෂ්ට වැඩ කරන්න එපා. මෝඩයෙක් වෙන්නත් එපා.+ එහෙම කරලා අකාලේ මැරිලා යන්නේ ඇයි?+ 18  ඒ අවවාද දෙකම හිතට ගන්න එක හොඳයි. ඒ දෙකෙන් එකක්වත් ප්‍රතික්ෂේප කරන්න එපා.+ දෙවියන්ට ගරුබිය දක්වන කෙනා ඒ දෙකම හිතට ගන්නවා. 19  නගරයක ඉන්න ශක්තිමත් මිනිස්සු දහදෙනෙක්ට වඩා කෙනෙක්ට තියෙන ප්‍රඥාව බලවත්.+ 20  කවදාවත් වරදක් නොකර හැම වෙලේම හරි දේ කරන ධර්මිෂ්ඨ කෙනෙක් පොළොවේ නැහැ.+ 21  මිනිස්සු කියන හැම දෙයක්ම හිතට ගන්න එපා.+ එහෙම කළොත් ඔයාගේ සේවකයා ඔයා ගැන කියන නපුරු දේවල්* ඔයාගේ කනට වැටෙයි. 22  ඔයාත් අනිත් අය ගැන නපුරු දේවල් කොච්චර කියලා තියෙනවාද කියලා ඔයාගේ හිත දන්නවා.+ 23  මට තියෙන ප්‍රඥාව පාවිච්චි කරලා මම මේ හැම දෙයක් ගැනම සෝදිසි කරලා බැලුවා. “මම ප්‍රඥාවන්ත කෙනෙක් වෙනවා” කියලා මං කිව්වා. ඒත් ඒක මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. 24  සිද්ධ වෙලා තියෙන හැම දෙයක්ම තේරුම්ගන්න අමාරුයි. ඒවා හරියට පතුල පේන්නේ නැති ගැඹුරු තැනක තියෙන දෙයක් වගේ. ඒවා තේරුම්ගන්න පුළුවන් කාටද?+ 25  මම ප්‍රඥාව ගැනත් හැම දෙයක්ම වෙන්න හේතු ගැනත් දැනගන්න සහ හොයන්න තීරණය කළා. මං ඒ දේවල් ගැන ගවේෂණය කළා. ඒ වගේම මෝඩයෝ කරන දුෂ්ට වැඩ ගැනත් පිස්සන්ගේ තේරුමක් නැති වැඩ ගැනත් තේරුම්ගන්න මං උත්සාහ කළා.+ 26  එතකොට මම මේ කාරණය දැනගත්තා. එක ස්ත්‍රියක් ඉන්නවා. එයා දඩයක්කාරයෙක් එළන දැලක් වගෙයි. එයාගේ හිත මාදැල් වගෙයි. එයාගේ අත් විලංගු වගෙයි. ඒ ස්ත්‍රිය මරණයට වඩා අන්තයි. සැබෑ දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන කෙනා ඒ ස්ත්‍රියගෙන් ගැලවෙනවා.+ ඒත් එයා පව්කාරයාව අල්ලගන්නවා.+ 27  උපදේශකයා+ මෙහෙම කිව්වා. “මං හොයාගත්තේ මේකයි. නිගමනයකට එන්න මම දේවල් එකින් එක හොයලා බැලුවත් 28  මං හොයපු දේ මට හොයාගන්න බැරි වුණා. මිනිස්සු දාහක් අතරින් එක නිර්දෝෂ පුරුෂයෙක්ව හොයාගන්න පුළුවන් වුණත් එක නිර්දෝෂ ස්ත්‍රියක්වත් හොයාගන්න මට බැරි වුණා. 29  මම හොයාගත්තේ මේක විතරයි. සැබෑ දෙවියන් මිනිසාව පිරිසිදු හිතක් ඇතුව හැදුවා.+ ඒත් මිනිසා එයාලා කැමති කැමති දේවල් පස්සේ ගියා.”+

පාදසටහන්

හෝ, “හොඳ නමක් දිනාගන්න එක.”
හෝ, “විනෝද වෙන්න තියෙන තැන.”
මූ.අ., “ගීතයකට.”
හෝ සමහරවිට, “අමනාප වෙන එක මෝඩයෙක්ගේ ලක්ෂණයක්.”
හෝ, “හිත රිද්දවගන්න.”
හෝ, “කිසි තේරුමක් නැති ජීවිතේදී.”
මූ.අ., “ඔයාට ශාප කරනවා.”