දේශනාකාරයා 8:1-17

  • මිනිස් පාලකයන් යටතේ (1-17)

    • රජගේ නියෝගවලට කීකරු වෙන්න (2-4)

    • මිනිස් පාලනය අනිත් අයට හානියක් (9)

    • දඬුවම ක්‍රියාත්මක කරන්න පරක්කු වෙද්දී (11)

    • කාලා බීලා සතුටින් ඉන්න (15)

8  ප්‍රඥාවන්තයෙක්ට සමාන කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද? ප්‍රශ්නයකට විසඳුම දන්නේ කවුද? කෙනෙක්ට තියෙන ප්‍රඥාව එයාගේ මූණෙන් පේනවා. සැරපරුෂ පෙනුම වෙනුවට ඒකෙන් එයාගේ පෙනුම ප්‍රියමනාප වෙනවා.  මම කියන්නේ මේකයි. “ඔයා දෙවියන් ඉස්සරහා දුන්න දිවුරුම නිසා+ රජගේ නියෝගවලට කීකරු වෙන්න.+  රජ ඉස්සරහින් අයින් වෙලා යන්න ඉක්මන් වෙන්න එපා.+ වැරදි දේකට සම්බන්ධ වෙන්නත් එපා.+ මොකද තමන් කැමති දේ කරන්න රජට පුළුවන්.  රජගේ වචනයට ඉහළින් යන්න කාටවත් බැහැ.+ ‘ඔබ මොනවාද මේ කරන්නේ’ කියලා රජගෙන් අහන්න පුළුවන් කාටද?”  නීතියට කීකරු වෙන කෙනාට අනතුරක් වෙන්නේ නැහැ.+ ප්‍රඥාවන්ත හදවතක් තියෙන කෙනා දන්නවා කාරණයක් සම්බන්ධයෙන් කරන්න ඕනෙ මොකක්ද සහ ඒක කරන්න ඕනෙ හරි වෙලාව මොකක්ද කියලා.+  මිනිස්සුන්ට දහසකුත් ප්‍රශ්න තියෙනවා. ඒ හැම කාරණයක්ම විසඳන්න හරි වෙලාවක් සහ හරි ක්‍රමයක් තියෙනවා.+  අනාගතයේදී වෙන්නේ මොනවාද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒ නිසයි ඒක වෙන්නේ කොහොමද කියලා කාටවත් කියන්න බැරි.  මනුස්සයෙක්ට තමන්ගේ පණ* අල්ලලා තියාගන්නවත් මැරෙන දවස කල් දාන්නවත් බැහැ.+ යුද්ධ කාලේදී කාටවත් හමුදා සේවයෙන් නිදහස් වෙන්න බැහැ. දුෂ්ටකම් කරන කෙනෙක්ටත් එයා කරන දේවල්වල ප්‍රතිඵලවලින් ගැලවෙන්න බැහැ.*  ඉර යට සිද්ධ වෙන හැම දෙයක් ගැනම මම හිතලා බැලුවාට පස්සේ මං දැක්කේ මේකයි. ඒ මුළු කාලය පුරාම මිනිසා තමන්ගේ බලය පාවිච්චි කරලා තියෙන්නේ අනිත් අයට හානියක්* වෙන විදිහටයි.+ 10  ශුද්ධස්ථානයට* ආව ගිය දුෂ්ටයන්ගේ මරණය මම දැක්කා. එයාලා දුෂ්ට වැඩ කරපු නගරයේ අයට එයාලව ඉක්මනින්ම අමතක වෙලා ගිය විදිහත් මං දැක්කා.+ ඒකත් කිසි තේරුමක් නැති දෙයක්. 11  වරදකට නියම කරපු දඬුවම ඉක්මනින් ක්‍රියාත්මක කළේ නැති වුණාම+ මිනිස්සු කිසි බයක් නැතුව වැරදි දේ කරන්න පෙලඹෙනවා.+ 12  පව්කාරයෙක් සිය පාරක් වැරදි කරලා ගොඩක් කල් ජීවත් වුණත් සැබෑ දෙවියන් ගැන ගරුබියක් තියෙන අයට අන්තිමේදී යහපතක් වෙනවා කියලා මං දන්නවා. මොකද එයාලට ඇත්තටම දෙවියන් ගැන ගරුබියක් තියෙනවා.+ 13  ඒත් දුෂ්ටයාට නම් කිසිම යහපතක් වෙන්නේ නැහැ.+ හෙවණැල්ලක් වගේ නැති වෙලා යන එයාගේ ජීවිතේ දික් කරගන්න එයාට බැහැ.+ මොකද එයාට දෙවියන් ගැන ගරුබියක් නැහැ. 14  පොළොවේ සිද්ධ වෙන කිසි තේරුමක් නැති* තවත් දෙයක් මං දැක්කා. සමහර ධර්මිෂ්ඨ අයව සලකන්නේ දුෂ්ට දේවල් කරපු අය විදිහට.+ අනිත් අතට දුෂ්ට අයව සලකන්නේ හොඳ දේවල් කරපු අය විදිහටයි.+ ඒකත් කිසි තේරුමක් නැති දෙයක් කියලා මම කියනවා. 15  සතුටු වෙන්න කියලා මම අනිත් අයට කිව්වා.+ මොකද මිනිසෙක් කාලා බීලා සතුටින් ඉන්න එක තරම් හොඳ දෙයක් ඉර යට තවත් නැහැ. සැබෑ දෙවියන් කෙනෙක්ට ඉර යට ජීවත් වෙන්න දීලා තියෙන කාලය පුරාම එයා මහන්සි වෙලා වැඩ කරන ගමන් කාලා බීලා සතුටින් ඉන්න ඕනේ.+ 16  ප්‍රඥාවන්තව වැඩ කරන්නත් පොළොවේ සිද්ධ වෙන හැම දෙයක් ගැනම හොයලා බලන්නත් මම උත්සාහ කළා.+ රෑ දවල් දෙකේ නින්දක් නැතුව මම ඒ දේ කළා.* 17  මම සැබෑ දෙවියන් කරලා තියෙන හැම දෙයක් ගැනම හිතලා බැලුවාට පස්සේ මට තේරුණා ඉර යට සිද්ධ වෙන දේවල් මිනිස්සුන්ට තේරුම්ගන්න බැහැ කියලා.+ මිනිස්සු කොච්චර උත්සාහ කළත් එයාලට ඒක කරන්න බැහැ. ඒ දේවල් තේරුම්ගන්න තමන්ට ප්‍රඥාව තියෙනවා කියලා මිනිස්සු කිව්වත් ඇත්තටම ඒක කරන්න එයාලට බැහැ.+

පාදසටහන්

හෝ, “ජීවන හුස්ම.”
හෝ සමහරවිට, “දුෂ්ටයාව ගලවගන්න එයා කරන දුෂ්ටකම්වලට බැහැ.”
හෝ, “හිංසාවක්; පාඩුවක්.”
පේන විදිහට මෙතන කතා කරන්නේ යෙරුසලම සහ දේවමාලිගාව ගැනයි.
හෝ, “ලොකු කලකිරීමක් ඇති කරන.”
හෝ සමහරවිට, “මිනිස්සු රෑ දවල් නිදාගන්නේ නැතුව කරන දේවල් ගැන දැනගන්නත් මම උත්සාහ කළා.”